100%ක් සොභාවික සේලයින් සාදා ගනිමුද?



අවශ්‍ය ද්‍රව්‍ය :
හොදින් පැහුනු තැඹිලි ගෙඩියක්
හොදින් ඉඳුන දෙහිගෙඩියක්
සීනි මේස හැන්දක්
ලුනු කුඩු ඉතා ස්වල්පයක් 

සාදාගන්නා ආකාරය : 
තැඹිලි ගෙඩිය කපා වතුර ජෝගුවකට දමා දෙහි බෑයක ඉස්ම (ඇට ඉවත් කර ) ,ලුණු කුඩු  හා සීනී ඊට එකතු කර හොදින් දියවෙන තුරු කලවම් කරන්න දැන් පෙනේරයකින් පෙරා භාවිතයට ගන්න .අවශ්‍ය නම් ස්වල්ප වේලාවක් ශීතකරණයක් තුල තබා ගන්න .

ගුණාගුණ : සියලු රෝගීන්ට හිතකරයි, ශක්ති ජනක පානයක් ලෙසද ගත හැක.(දියවැඩියා රෝගීන් සීනි නොමැතිව භාවිතයට ගන්නේ නම් මැනවි)