කාන්තා පාර්ශවය මුහුණ දෙන ගැටලුවකට ඖෂධීය පානය

කුමක්දෝ හේතුවක් මත අද සමාජයේ ලෙඩකින් දුකකින් පෙළෙන්නන් ඉතා බහුල වෙලා.

මෙයට බොහෝ විට ආහාර රටාවේ සිට මිනිසුන්ගේ සියලුම ක්‍රියාකාරකම් බලපානවා.

අදත් බොහෝ සෙයින් කාන්තා පාර්ශවය මුහුණ දෙන ගැටලුවකට යම් සහනයක් ලැබේ යැයි හැඟීමෙන් මෙම ඖෂධීය පානය ඔබට කියන්නම්.

ගැටලුව:

සුද යෑම නොහොත් ශ්වේත ප්‍රදර

රෝග ලක්ෂණ :

යටි බඩ රිදීම.

වේදනාව ඇතිවීම.

මුත්‍රා දැවිල්ල වගේ දැනීම.

යෝනිය පැත්තක වේදනාව.

නිතරම තෙත් වීම.

ඇඟට පණ නැති ගතිය.

ඇඟ පත වේදානව.

ඔළුව කැක්කුම.

ඇඟේ ලේ අඩුබව.

කලන්තය වගේ දැනීම.

නිදිමත දැනීම..

හුස්ම ගැනීමේ අපහසු බව හා පපුවේ ගැස්ම දැනීම.

ඇසිපිය වටේ අඳුරු ස්වභාවයක් ගැනීම.

ඇඟ පත සුදුමැලිවී වීම.

යෝනිය අසල පැහැය වෙනස්වීම හා ඉදිමුම සමඟ රතු ලප ඇතිවීම.

යටිබඩ බරට දැනීම හා මුතා දැමීමේදී වේදනාව දැනීම.

නිතරම ඈනුම් යාම.

කම්මැලි බව.

මුඛයේ වියළි බව.

වැනි රෝග ලක්ෂණ කිහිපයක් හෝ එන්නුම් කරයි නම්.

ඔබටත් සුද යෑම නොහොත් ශ්වේත ප්‍රදරය රෝගය වැළදී ඇති බව පෙනේ.

ඇති වීමට බලපාන හේතු කාරණා.

ළාබාල අවදියේ විවාහවීම.

සෘතු කාලයේදී සංසර්ගයේ යෙදීම.

බලවත් අකැමැත්තෙන් සංසර්ගයේ යෙදීම.

ගබ්සාවීම සිදුවීම.

නිතර නිතර යෝනිය නොසෝදා අපිරිසිදුව තබා ගැනීම.

අධික ලෙස වෙහෙසවීම.

අධික ශෝකය දරා සිටීම හා මානසික ආතතිය.

වැනි කරුණු කාරණා බලපෑහැකිය.

මෙම රෝගය සෑදීම හේතුවෙන් :

ශරීරය කෘෂවීම සහ අවසානයේ ඇයව හඳුනාගත නොහැකි ආකාරයට වෙනස්වීම ද සිදුවෙනවා.

මෙයින් ඇතිවන මානසික ආතතිය නිසා වෙනත් රෝගයනට ගොදුරුවන්නත් පුලුවන්.

ඒ සඳහා :

ප්‍රතිකාරය ( පානය සඳහා)

රණවරා ගසේ පස් පංගුව තම්බා පෙරා කෝප්ප භාගය බැගින් දිනකට දෙවරක් පානය කරන්න.

සැළකිය යුතුයි : කිසිම ඖෂධයක් එක දිගට පානය නොකරන්න.

සහනයක් නොලැබේනම් වෙදැදුරුවරයෙකුගේ සහාය බලාපොරොත්තු විය යුතුයි.

ලොව ඇති උතුම්ම සම්පත නිරෝගී සම්පතයි.

ඔබට යහපතක්ම වේවා.