කරවීරාදි තෛලය


කණේරු මුලේ පොතු නස්නාරං මුල්
රත්නෙටොල් දෑත්ත අල
අමුකහා වරා මුල්
සවිඳ ලුනු නියඟලා අල
කෙළිඳ ඇට

මේවා නැළි 1/2 බැගින් චූර්ණය කර කල්කයට අඹරා ගෙන තලතෙල් නැළි 2 ද ජලය නැළි 8ද බහා විධිලෙසින්(ජලය සිදෙන තුරු) තෙල සිඳුවා භගන්දරා ගෙඩියේ ගානු

මුෂිටී යෝග :

1.තල,අරළු ,ලොත්සුහුඹුළු ,කොහොඹ කොළ සමසේ අඹරා ගානු

2.කහා,වෙනිවැල්ගැට වදකහා ,ලෝධ්‍ර ,වියන්දුඹුලු මේවා සමසේ අඹරා ගානු .භගන්දරා උපදංශ වණ දුෂ්ටවණ ශෝධනය වේ රෝපණය වේ .

3.ගැඩවිල් පණුවන් කොටළු ලෙයින් අඹරා ගානු භගන්දරා සුවවේ

4.දෑත්ත ,රත්නෙටොල් අතිවිඩියම් අඹරා ආලේප කරනු භගන්දරා සුවවේ

5.අත්තන ගෙඩිය තුල අබින් ස්වල්පයක් දමා මදු කොල අමුකහා සමග උණු අළු පල්ලේ උයා කිකිළිබිජු සාරුවෙන් අඹරා ගානු භගන්දරා සුවවේ .

සැලකිය යුතුයි :

සියලු භගන්දරා පැසී හිල්වීමට පෙර පිඬිකා අවස්ථාවෙහිම (ගෙඩි අවස්ථාවේ ) ප්‍රතිකාර කොට පැසවීමට ඉඩ නොදී සුවකරනු. පැසවා හිල්වුනිනම් ස්වර්ණීශලාකායෙන් පුළුස්සා සැතින් කපා ප්‍රතිකාර කිරීමට හෙල වෙදකමේ නියම කර ඇත.

ප්‍රථ්‍යා හා අපත්‍ය :

හැල් හාල්,මුං ,ජාංගල මස්රස,දුම්මැල්ල පතෝල අබතෙල් ආදිය හිතකරයි

දහාවල් නින්ද වෙහෙසීම මෙවුන්දම ඇවිදීම ඇතුන් අසුන් පිටයාම අහිතකරයි