දරුපල නැතුව ලතවෙනවද? හැමෝටම විහිලුවක් වෙලාද? ඔබව දකින අයගෙ මූණ පුළුටු වෙනවද? මේ අත් බෙහෙත් කරලා බලන්න .



🌞🌞🌞හිරු දවස්හී( හොදින් හිරු පායා ඇති දිනයන්හි) ඔලිඳ සහාමුලින් උදුරා කොළ සහිතව හොදින් පිරිසිදු කර තෙත සිද එකපාට (තනිපාට) එළදෙනකුගේ කිරෙන් කන්‍යාවක් අතින් අඹරා ස්ත්‍රියගේ සෘතු ගෙන සිටින කල්හි(ඔසප් ඇති විට) දින දින සත් දිනක් අඩ පලම බැගින් (අඩ පලම = කලං 6=ග්‍රෑම් 30)
බොන්නේය .එමදිනවල කිරිද,ඇල්හාලේ බත්ද ,මුං ඇතුළු සැහැල්ලු ආහාර ගන්නේය.නැවත ඊළඟ මසද දින සතක් මෙසේ කර එක්වීමෙන් දරුඵල හටගනී.අත්දුටුවයි.

🌞🌞🌞අමුක්කරා අල චූර්ණය කර එළකිරි කාලක් ගෙන චූර්ණය කලං3 ක් (කලං 3= ග්‍රෑම් 15) දමා දියකර උදයට හිස්බඩ බොනු .මාසයක් බීමෙන් පෙර පවක් නොවේනම් දරුපල ඇතිවේ.
ශුක්‍ර දෝෂ සහිත පුරුෂයන්ටද යහාපති.

♦️♦️♦️ ලුණු,ඇඹුල් ,උෂ්ණාධික ආහාර වර්ජනය කරන්න.හැකි සෑම විටම හිස නා පිරිසිදුව සිටින්න,ආගම අණුකූලව හැසිරෙන්න .