* විෂ බෑමට මන්ත්ර
1. ඕං නමෝ දෙලක්ෂ හතලිස්දහසක් යොදුන් ඝනකඩ මහා බොල්
පොළව පලාගෙන ආ මහ කෙල නාගරාජයාගේ හිස්මුදුනේ අෂ්ඨාංග මැණිකේ තෝ දෂ්ඨ කලේ විෂ එතනයි
මෙතන නැතියඃ
තුං බෝ අත්තෙන් හෝ දෙහි අත්තෙන් මතුරනු. විෂ බසී.
2. ඕං නමෝ තුං ලොවට අධිපති මහා බ්රහ්ම රාජයාගේ
කුඩමිටේ තෝ දෂ්ඨ කලේ විෂ එතනයි මෙතන නැතියඃ
අතට මතුරා විෂ බානු.
* නස්න කිරීමට
රුසියගෙ දොරකඩ උපන් ගසේ__________යා
රිසි ඇති දළු ගෙන සීන කෙරේ__________යා
අඩි විෂ ගත පැතුරුන නොලසේ_________යා
බසි රිවි දුටු පිනි විලසේ_________________යා
රිසි ඇති දළු ගෙන සීන කෙරේ__________යා
අඩි විෂ ගත පැතුරුන නොලසේ_________යා
බසි රිවි දුටු පිනි විලසේ_________________යා
1. දෙහි දළු පොඩි කොට මිරිකා නස්න කරනු.
2. රස්සද මුල් ඉරමුසු මුල් දෙවර්ගය එක පමණ ගෙන නර
මුත්රයෙන් නස්න කරනු. ( පිරිමි ලදරුවෙක්ගෙන් මුත්රා ගත යුතුයි )
3. නා ඇට දෙහි ඇඹුලෙන් නස්න කරනු.
4. දත්කැටියා සහමුලින් ගෙන දෙහි ඇඹුලෙන් නස්න කරනු.
* බැදීමට මැල්ලුම්
1. දියකිරිල්ල, අට්ටික්කා,
මිදෙල්ල, මෙතුන්වගේ
කොළ පොතු ගෙන අමුකහ දමා කොටා මලවා බදිනු.
2. කුඹුරු වැලේ තෙල් එඩරු ගසේ බස්නාහිරට ගිය දළුගෙන
අමුකහ සමග කොටා මලවා බදිනු.
3. වැල් රුක්අත්තන ගස් රුක්අත්තන කොළ පොතු කහ ළුනු
දමා කොටා මලවා බදිනු.
කෑ මුඛයේ ගෑමට
1. පුස්වැන්න කොළ ඉස්ම ගෙන කෑ මුඛයේ ගානු.
2. කුඹුරු කොළ, කෝවක්කා
කොළ ඉස්ම ගෙන කෑ මුඛයේ ගානු.
3. ගැටතුඹ දළු, කුඹුරු
දළු, සුදුළූනු නර මුත්රාවෙන් අඹරා ගානු. ( පිරිමි
ලදරුවෙක්ගෙන් මුත්රා ගත යුතුයි )
4. යකුවනස්ස කොළ දෙහි ඇඹුලෙන් අඹරා ගානු.
මල්තුඹ අලයක් උදුරා ගන්___________නේ
දෙහි ඇඹුලෙන් ගලගා විගසින්_______නේ
මුත්රාවෙන් කෑ මුඛේ ගාන්____________නේ
සර්ප විෂය නැතිකරවයි දන්__________නේ
දෙහි ඇඹුලෙන් ගලගා විගසින්_______නේ
මුත්රාවෙන් කෑ මුඛේ ගාන්____________නේ
සර්ප විෂය නැතිකරවයි දන්__________නේ
පෙවීමට
තිප්පිලි, ඉගුරු,
කලුදුරු, අසමෝදගං,
වදකහ, සුදුළූනු,
ගම්මිරිස්, අබ
මෙකී දේ ගෙන දෙහි ඇඹුලෙන් අඹරා දියකර පොවනු.
හදිසි අවස්ථාවකදී එනම් රෝගියා වෙදමහතෙකු ළගට
රැගෙන යාමට ප්රමාද අවස්ථාවකදී රෝගියාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් හා වන හානිය අවම
කිරීම සදහා කල හැකි ප්රතිකාර දක්වා ඇත. නස්න කිරීම නොදන්න කෙනෙකු අතින් නොකළ
යුතුය. එය දැනගැනීම පිණිස පමණි. ඕනෑම සර්ප දෂ්ඨනයකදී පොදු වූ ප්රතිකාර කිහිපයකි.