හිසෙහි ගැල්වීම සඳහා තේලක්



ගෙදර සිඳින ලද පොල් තෙල් 1/2 යි.
කීකිරිඳිය ඉස්ම බෝතල් 1/4 යි.
ගොටුකොළ ඉස්ම කාල් 1 යි.
සුදු හඳුන් කලං 2 යි.
කළුදුරු කලං 2 යි.
සැවැන්දරා කුඩු කලං 2 යි.
ඉඟුරු පියලි කලං 2 යි.
මේ සියල්ල කීකිරිඳිය ඉස්මෙන් අඹරා සියල්ල තෙලට දමා මඳ ගින්නේ තෙල් සිඳගන්න.දිනපතා හිසෙහි ගැල්වීමෙන් හිසෙහි හටගන්නා සියළු ආබාධ දුරුවෙත්.

*සුදු කෙස් කළු වර්ණ වීමට ආලේපයක්

උළුහාල් ග්‍රෑම් 20 යි.
දෙහි ගැට 5 යි.
ගොඩපර ගෙඩි 5 යි.
අමු නෙල්ලි ගෙඩි 5 යි.
සියල්ල හොඳින් තම්බාගෙන පොඩි කර හිස ගල්වා විනාඩි දහයක් හිස ඇඟිලි තුඩුවලින් පිරිමදින්න..( මසාජ් කරන්න ) . කෙස් මුල් වලට බෙහෙත් සාරය උරාගත්තාට පසු පැය 2 කින් ස්නානය කරන්න.කලින් සඳහන් කළ තෙල සිඳගෙන හිසෙහි ගල්වන්න. ටික දිනකින් සුදු කෙස් කළු වේ..

*හිස ගැල්වීමට තවත් තෙලක්

පොල්තෙල් 1/2 යි.
කීකිරිඳිය ඉස්ම කාල් 3 යි.
පිරිසිදු තල තෙල් 1/4 යි.
කෝමාරිකා මද ඉස්ම 1/4 යි.
මුව මස් ග්‍රෑම් 250 යි.
( අපහසු නම් මුව අං පුළුස්සා ගත් කුඩු ග්‍රෑම් 100 යි )
කළු මැට් 1/4 යි.
( කළු මැටි වළං සෝදන තැනින් ලබා ගත හැකිය )
මේ සියල්ලම තඹ වළඳක බහා කට අසුරා පොළොවේ වළලා සති දෙකක් තිබෙන්නට හරින්න. මේ කාලය තුළ දී කීකිරිඳිය ග්‍රෑම් 500 ක් පමණ ගෙන හොඳින් වේලා කුඩුකර තබා ගන්න. සති 2 කට පසු බෙහෙත ගොඩ ගෙන කීකිරිඳිය කුඩු දමා මැටි වළඳක මද ගින්නේ තෙල පදමට සිඳගෙන බෝතලයක දමා දිනපතා හිසේ ගල්වන්න. සති තුනක්න් කෙස් වර්ණ වන හැටි ඔබටම දැක ගත හැක. මේ කාලය තුල උෂ්ණ ජාති කෑමෙන් වළකින්න.. කොළ වර්ග වැඩි වැඩියෙන් කෑමට ගන්න..

*හිසකේ වැඩීමට හා කළු වීමට

වැටකේ පත ඉස්ම 1 යි. (පොලවට සම්බන්ධ වෙලා නැති මුල් වලින්.)
කීකිරිඳිය පත 1 යි.
එයට තල තෙල් බෝතල් 1/2 ක් හා එළකිරි කාලක් දමා මද ගින්නේ කකාරා එයට සුදුළුැණු , අරළු ,උඳු , නෙල්ලි , වදමල් , රත්මල් , වළඟසාල්, කුන්කුමප්පු මේවා සමව ගෙන කුඩු කොට කල්කයක් වශයෙන් සාදා නැවත ලිපේ තබා මඳ ගින්නේ පැසවා දවසට එක්වර බැගින් හිසේ ගල්වන්න.. හිසකේ වැඩීමත් කළු පැහැ ගැන්වීමත් සිදුවේ..

*හිසකේ රැළි නැංවීමට

ලා කෙසෙල්, එළ නෙළුම් පත්, වදමල් , සියම් සුඹුළු, ත්‍රිපල්, ඇවරිය පත් , කත්ත පත් සියුම් ලෙස අඹරා චූර්ණ කර කුඩු බයක්, උලක්කුවක් හා තල තෙල් කාල් සතරක් දමා බෝතලයක ලා වසා මසක් තබා අරගෙන හිස ගැල්වීමෙන් කෙස් දික්ව ඝනව සිහින්ව කළු අක්බඹරු මෙන් කෙරෙයි..

*පීනස් අමාරුවට කෙස් ඉදීම

සතියකට දෙවරක් පමණ උළුහාල්,නෙල්ලි තම්බාගත් වතුරින් නෑමට පෙර හිස සෝදන්න.හිස වේළුනාට පසු ඇඟිලි තුඩුවලින් හිස පිරිමදින්න.භෘංගමලක තෛලය හිස ගල්වන්න..

* හිසකෙස් සුදුවනවාට

අරළු , බුළු , නෙල්ලි,හීන් නෙරෙන්චි පිරිසිදුවට සෝදා සමසේ ගෙන අව්වේ තබා වියළා ගෙන, එය කුඩු කරගෙන රෙදි කඩකින් පොලා එම ප්‍රමාණයටම කිතුල් හකුරු දමා ගිතෙල් හා මී පැණියෙන් අනා බෝතලයක අසුරා ගෙන උදේ හවස තේ හැඳි එක බැගින් රැගෙන නෙල්ලි රසකිඳ තැම්බූ වතුර සීනි දමා බොන්න.වේළුණු නෙල්ලි කීකිරිඳිය ඉස්මෙන් අඹරා හිස ගල්වා පැයකින් පමණ ස්නානය කරන්න.. අකාල පලිත තෙල හිස ගල්වන්න..

* හිස කැසීමට

මාවී කුඩු, වදකහ,සිද්ධිගුරු, වේලා කොළ - මේවා සියළු දේ එකට ගෙන අඹරා හිසෙහි ගා සවස උණු වතුරෙන් හිස සෝදනු..
කුඹුක් මුල්, ගොම එකට අනා හිස ගල්වා මිනිත්තු පහක් පමණ සිට සෝදා හරින්න....හිස් හොරි නසයි.. කැසීම නවතී..

* හිස් හොරි සඳහා

වද කහ, සිද්ධිගුරු, සියඹලා කොළ, කුඹුක් මුල් සමඟ අඹරා හිසෙහි ගල්වන්න...හිස් හොර් පහව යයි.
එයට තවත් බෙහෙත් ,
1. ගොඩපර, දෙහි ගැට සමඟ කොටා හිසේ ගා පැය භාගයකට පසු නාන්න..
2. කුඹුක් මුල් ගෝමූත්‍රයෙන් අඹරා හිස ගා නාන්න. සියළු හිස් හි හොරි නැතිවේ..

* ලේඩීන් උකුණන් වඳවීමට

වෙරළු කොළ ඉස්ම හිසෙහි ගල්වන්න..මෙය සුමානයක් පමණ සිදු කරන්න...ලේඩීන් උකුණන්
වඳවෙත්.

* උකුණන් වඳවීමට

බෙහෙත් එරඬු කොළ යුෂට රසදිය බින්දුවක් දමා දෙහි යුෂ හැන්දක් එකතු කොට කලවම් කරගෙන හිසෙහි ගා පැය භාගයකට පසු හිස සෝදා හරින්න..සියළු උකුණන් වඳ වේ..

* හිස කෙස් කළු වීම පිණිස

වදමල් අඹරා දින තුනකට වරක් හිස ගැල්වීමෙන් හිසකෙස් කළුවී දිළෛසෙන ස්වභාවයක් ගනී..