ආයුර්වේදයේ නාඩි චිකිත්සාව (නිල වෙදකම) ට අනුව මම පැහැදිලි කරන්නම්. නොදන්නා අයට වැදගත් වේවි.
මනුෂ්‍ය ශරීරයෙහි නාඩි අසංඛෙය්‍ය ය. ඒවා දෘශ්‍යමාන හා අදෘශ්‍යමාන වශයෙන් දෙයාකාර ය. අපේ ශරීරයේ ශක්තිය ගෙනයන කන්ධමූලයෙන් ආරම්භ වන නාඩි 72000ක් තියෙනවා. ඒවා ශාඛා අනුශාඛා වශයෙන් බෙදී ඇත. ශිව සංහිතාවට අනුව නම් දෘශ්‍ය නාඩි 350,000ක්.
එම නාඩි හරහා තමයි බෙහෙතේ ඖෂධීය ගුණය අවශෝෂණය කරගෙන ඇස දක්වා ගෙන යන්නෙ.
උදා. වම් පාදයේ මහපටැගිල්ලේ සිට හස්තිජිහ්වා නාඩිය මගින් මූලාධාර චක්රය , මනිපූර චක්රය , ආඥා චක්රය හරහා එම ඖෂධීය ගුණය ගෙන ගොස් දකුණු චක්ෂු ඉන්ද්රියේ නාල අවරෝධතා ඉවත් කර දකුණු ඇසේ පෙනීම වැඩිදියුණු කරයි. එම ඖෂධීය ගුණය රැගෙන යන්නේ ව්යාන වාතයයි.
ලිඛිත ඉතිහාසයේ (මා දන්නා තරමින්) මුලින්ම නාඩි පිළිබඳව පැහැදිලි විස්තර හමුවන්නේ උපනිෂද් ග්රන්ථවලයි. (වරාහ උපනිෂද්, කථ උපනිෂද්)
මේ දැනුම අපේ මුතුන් මිත්තන්ට තිබුණා. ඒත් දැන් ඉන්න පරම්පරාවේ බොහෝ දෙනෙක් දන්නේ කළ පුරුද්ද හා දැක පුරුද්ද පමණි. සිද්ධාන්ත පැහැදිලි කරන්න දන්නෙ නැහැ. ඒත් ඒ අය හෙළ වෙදකමට වඩා ආයුර්වේදය ළාබාලයි කියන්න උත්සාහ කරන අවස්ථා මා දැක තිබෙනවා.
මෙහි දක්වා ඇත්තේ හෙල වෙදකම කරන බොහෝ වෛද්‍යවරුන්ට පැහැදිලි කරන්න නොහැකි වූ ගැටලුවකට ආයුර්වේද මූලධර්ම අනුව කල පැහැදිලි කිරීමක් බවත් කිව යුතුයි.
ආයුර්වේදයත්, හෙළ වෙදකමත්, චීන කටු චිකිත්සාවත් එකම මූලධර්ම මත සම්භවය වූ වෛද්ය ක්රම. සූර්ය ශක්තිය හා චන්ද්ර ශක්තිය ගැන මේ තුනම කථා කරනවා. වර්තමානයේ මේ දේශය තුළ ක්‍රියාත්මක වන 'දේශීය වෙදකම' කියන්නේ "ආයුර්වේදයේත්, හෙළ වෙදකමේත්" සංකලනයක්.....
විද්යාව හා තාක්ෂණය මත තීන්දු තීරණ ගන්නා ලෝකයට අප මුහුන දෙන්න නම්, බටහිර වෛද්ය ක්රමය හමුවේ අපගේ අභිමානය රැකගන්න නම්, අප කළ යුත්තේ වට්ටෝරු ටික පරිස්සම් කරන එක විතරක් නෙමෙයි. අපේ වටිනා හෙළ වෙදකම රැකගන්න නම් වැළලී යමින් පවතින ඒ දැනුම සොයා යා යුතුයි.
එකක් අනිකට පහළින් කියන්න අපට බැහැ. මුළු ජීවිත කාලයම කැප කරත් ඉගෙනගෙන අවසන් කරන්න බැරි විෂයක් ගැන අපි කොහොමද එහෙම විවේචනය කරන්නෙ.
ඍෂිවරු තපෝමහිමයෙන් අවබෝධ කරගත් ජීවන දර්ශනයක් කිසිම ආධ්‍යාත්මික ශක්තියක් නැති කෙනෙකුට විවේචනය කළ හැකි ද? ඔබම සිතන්න......