බෙලි මුල්, රත් නෙටොල් මුල්, පලොල් මුල්, බැබිල මුල්,එරබදු මුල්, බටු මුල්, ගොකටු , සිරි වැඩිය මුල්, මිදී මුල්, සුදුලුනු , සිහින් මිදී මුල්, අමුක්කරා මුල්, සාරන මුල්, කටුවැල්බටු , සැවැන්න මුල්,
මේවා පලම් 25ක් ගෙන ජලය නැලි 16ක දමා නැලි 4ට සතියක් සිදුවා පෙරාගෙන එයට පහත ස්දහන් ඔසු යොදන්න
මුදුවපු කිරි නැලි 4
කිරි මෝරු නැලි 4
එලු කිරි නැලි 4
හාතාවාරිය යුස් නැලි 4
මේවා යොදා කසායට තල තෙල් නැලි 1ද බහා පහත සදහන් ඖෂධ කලං 3 බැගින් ගෙන අබරා යොදන්න
සුදු සදුන්, එනසාල්, සතකුප්ප, වදකහ, දේවදාර , ගල්සෙවෙල්, ජටාමාංස, කොට්ටන්, හොර අරටු, තෝර ඇට අමුක්කරා , මස්වැන්න, අරත්ත, සාරන, සවිද ලුනු
මේ තෙල් රාත්‍රි 5මද ගින්නෙ රත් කිරීමට නියමව ඇත එසෙ පිස පදම ආ පසු තෙල බා සුදු වතකින් පෙරා බාවිතයට නියමව ඇත
මෙය පාන, අබ්‍යංග, නස්න, වස්ති, වසයෙන් වරකට කලං 1-3 දක්වා ගත යුතුයි වෙද උපදෙස් මත
ගුන අසීතිවාත, තොල් රෝග, ලිංග රෝග , වන, ජලමල, අඩස්සි, අක්සි ශුක්ලා , උන, මුඛ රෝග , වද බාවය හා අස්ව ගජ ගව ආදි සතුන්ගෙ රෝග වලට හිතකරය
මෙය අගස්ති මුනි කියු නාරායන තෛලය ලෙස දතයුතුයි