පුහුල් කල්කය


පුහුල් මද හිරමනෙන් ගාගෙන පිට්ටු වන්ඩුවෙන් තම්බා ගෙන එලඟිතෙල් වලින් දිය සිදෙන තුරු හැඳිගා ගෙන මී පැණි වක්කර මේ සරක්කු චුරන කර කල්ක කර තබා ගනු ,සරක්කු නම් කොත්තමොල්ලි ඉගුරු මිරිස් කොල්ලන් කොල තිප්පිලි කරාබු වසාවාසි සාදික්කා නාමල් සුදුහදුන් සැවැන්දන කුරුඳු පොතු රනවරා පන්චාන්ගේ ඉරමුසු කන්සා කොල මේවා චුරන කර පිටි සීනි කිතුල් හකුර මේවා සෑහෙන්ට රැගෙන පලමු පුහුල් එක්ක කල්ක කර වලදනු .
..............මින් ගුණ ................
                                අතපය රුදාවට ඇගපොත දනවටද කොන්දේ රුදාවටද හන්දි පත් රුදාවටද බඩේ දැවිල්ලට පුරම වාත දහ අටටද මූල වාත දහ අටටද මුත්‍ර වැඩියෙන් යාමටද ගෙඩි කුස්ට නැගිමටද පුරුෂ යින්ගේ නොයෙක් ලෙඩට යහපොති .
අවදානයට .....
                   රෝගියා වෛද්‍ය වරයෙකු හමුවී වෙනත් රෝග ඇති නම් ඒ රෝග වලට ප්‍රතිකාර ගෙන මෙවන් අවුසදයක් වෛද්‍ය වරයෙකුගේ අනුමැතිය ඇතිව සකසා නිසි පරිදි වැලඳිමෙන් කෙට්ටු ශරිරය පුෂ්ටිමත් කර ගන්න පුලුවන් ,වෙදකමට කැමැත්තක් ඇත්තෝ ප්‍රයොජනයක් ගනිත්වා .
.............තෙරුවන් සරණයි ! ...............................