කොලෙස්ටෙරෝල් පාලනයට කායමක් ගෙදරදිම හදා ගමුද???



කායමක් කීවාම ගොඩක් අයට හිතෙන්නේ තැම්බුම් හොද්දක් කියලයි. බොහෝ දෙනෙක් බෝ නොවන රෝගවලින් පීඩා විඳින අතරේ කෑමෙන් බීමෙන්ම මේවා පාලනය කරන්න පුළුවන් බව තේරුම් නොගැනීමක් කියලයි හිතෙන්නේ.... 

කුස්සියේ පාවිච්චි කරන දේවල් වලින්ම හදා ගන්න කායමක් ගැනයි මේ කියන්න යන්නේ...

#මොනවාද අවශ්‍ය ??
1 කොත්තමල්ලි, ගම්මිරිස්, සුදුළූණු , සූදුරු,            මහදුරු  කලං 5 බැගින් (ග්‍රෑම්25) .
2සිහින්ව ගා ගත් පොල් ස්වල්පයක්.
3අමු ඉඟුරු, ගොරකා, කරපිංචා, කරාඹු නැටි, එනසල්, කුරුඳු, වියළි කහ ස්වල්පය බැගින්.

#කොහොමද හදන්නේ??
මුලින්ම කොත්තමල්ලි ගම්මිරිස් සුදුළූණු සූදුරු මහදුරු වෙන වෙනම සෝදල ගරල කඹලේ බැද ගන්න. මේකත් එක්කම ගා ගත්තු පොල් ටිකත් යාන්තමින් කඹලේ බැද ගන්න. මේ සේරම ටික මිශ්‍ර කරලා මිරිස් ගලෙන් හොදට අඹරා ගන්න. මිරිස් ගලක් නැතිම නම් බ්ලෙන්ඩර් එකේ ඇඹරුවාට කමක් නැහැ. නමුත් එක දිගට අඹරන්න නැතිව නතර කරමින් අඹරන්න.
අමු ඉඟුරු ගොරක කරපිංචා කරාඹු නැටි එනසල් කුරුඳු වියළි කහ සුදුසු ප්‍රමාණ වලින් අඹරා ගන්න.
සියල්ල මිශ්‍ර කර වතුර අඬු කෝප්ප 4ක් පමණ දමා හොඳින් හැඳි ගාමින්  උකු වෙන පදමට උයා ගන්න.  ආ ලුණු ටිකක් දා ගන්න කියල කියන්න බැරි උනා..