ධන්වන්තර තෛලය



බලාමූල කෂායෙන භාහාෂ්ඨ පයසසත්ථා
යව කොල කුලත්තානං දශමූලස්‍ය චෛකතඃ

නිෂ්ක්වාත භාගෝ භාගශ්ච තෛලස්‍ය ච චතුර්දශ
විමේදා දාරු මංජිශ්ඨ කාකොලිවය චන්දනෛඃ

ශාරිවා කුෂ්ඨ තගර ජිවකෂිර්බ සෛන්ධවෛඃ
කාලානුසාරී ශෛලෙය වචා ගරු පුනර්නවෛඃ

අශ්වගන්ධා වරී ශුකල යෂ්ටී වරා රසෛඃ
සතාහ්වෛශ්ව පුනර්නතෛලා ත්වක් පත්‍රෛශ් ශූක්ෂ මකල්කීතෛඃ

පක්වම් මෘවග්නිනා තෛල සර්වවෘත විකාරනුත්
සූතිකා බාල මර්මස්ථි හතක්ෂීණෙෂු පූජිතම්

ජවරගුල්ම ග්‍රහොන්මාද මූත්‍රවාතාන්ත්‍රවෘධි ජිත්
ධන්වන්තරෙරහි ප්‍රෙපෘකතඃ යොනි රොග ක්ෂායා පහම්.

බැබිල මුල් අනූසපලමක් ගෙන දිය විසිසතර නැලියක බහා කකාරා නැලිසයකට සිඳුවා පෙරාගත් කසායෙහි එළකිරිත් එපමණ ගෙන යව ඉලන්ද කොල්ලු දසමුල් යන මෙයින් දසපලමක් ගෙන දියනැලි සතරක ලා නැලියට කකාරාගත් කසායෙහි තලතෙල් නැලියක් හෙව. කල්කයට මෙවන් මහාමෙවන් දෙව්දුරු වැල්මදට කවෙලු කිරිකවෙලු සදුන් ඉරමුසු කොට්ටම් තගර ජීවක සෘසභක සෛදවලුණු මහ ඉරමුසු ගල්මද වද අඟිල් සාරණ අස්ගොදු හාතාවාරිය කිරිබදුඅල වැල්මී තිප්පිලි සතපුෂ්ප කුරුදුපොතු කොල්ලන්කොල එනසාල් මේ හැම කල්ක කොටා හෙවත්. දෙපලන් සමාරක් ගෙන කල්ක බහා සියල්ල එක්කොට මදගින්නේ කකාරා ගත් තෙල හැම වාත විකාර නසා අලුත වැදූ ස්ත්‍රීන්ටද බාලයන්ටද මමගත ව්‍යාදීන්ටද අස්තිගත ව්‍යාදීන්ටද ක්ෂීනදෙහීන්ටද පූජ්‍යවන්නේය. ජ්වර ගුල්ම ග්‍රහොන්මාද මුත්‍ර රෝග වාත ආන්ත්‍රවෘධි ජයගන්නේය. යෝනි රෝග ක්ෂය රෝග පහකරන්නේය. ධන්වන්තර සෘෂීන් විසින් කියන ලද ධන්වන්තර තෛලයයි.