ෂඩ් රසය වැදගත් වන්නේ ඇයි?


යමක් ජිහ්වා ඉන්ද්‍රියට ග්‍රාහ්‍ය වේ නම් ඊට “රස” යැයි කියනු ලැබේ.

මේ ආයුර්වේද සංහිතාගත රස ප්‍රභේද 6 යි.
• මධුර (මිහිරි රස)
• අම්ල (ඇඹුල් රස)
• ලවණ (ලුණු රස)
• කටුක (දිව කාරන රසය)
• තික්ත (තිත්ත රස)
• කෂාය (කහට රස)

• මධුර, අම්ල, ලවණ රස 3 වාත සමනය කරයි.
• කටුක, තික්ත, කෂාය රස 3 කඵ සමනය කරයි.
• මධුර, කෂාය, තික්ත රස 3 පිත්ත සමනය කරයි.

ඍෂි භාෂිතයට අනුව අපේ දෛනික ආහාර වේල ෂඩ් රසයෙන් යුක්ත විය යුතුයි. ෂඩ් රසය හා ත්‍රිදෝෂය අතර ඇත්තේ දැඩි සම්බන්ධයකි. දෝෂ තුලනයට ආහාරයේ ෂඩ් රසය උපකාරි වන්නා සේම ඖෂධ ප්‍රතිකාරයේදී ද මේ සිද්ධාන්තය උපයෝගී වේ.

ළදරුවන්ට දින 14න් පසු ලබා දෙන රත කල්කයේ මෙම රස හයම අඩංගු වේ. එමගින් දරුවාගේ ප්‍රතිශක්තිය වර්ධනය වන්නා සේම ළදරුවාගේ දිවට රස හයම හුරු කිරීමට ද පහසු වේ. රත කල්කය නිතර භාවිත කළ දරුවා කිසිදා "අමිහිරි රස" ප්‍රතික්ෂේප නොකරයි.