මහා බලගතු කොර තෛලෙහි වට්ටෝරුව



වෙදකම නොදන්නා අය මෙම තෙල සිදිනවා නම් දැනුවත් කෙනෙකුගේ සහය, උපදෙස් අනිවාර්යයෙන්ම ලබාගන්න. විෂ මාරණ ක්රිනයාවලිය හරියාකාරව සිදුවිය යුතුයි. වෙද කවි ගැට සමග පොඩි වෙනස් කම් ඇති. මා අත්දුටු තෙල් වට්ටෝරුව හා සිදින ක්රමම මෙසේය.

සැ.යු - ව්යා්පාරයක් නොකරමි. දැනුම පමණක් ලබා දෙමි. එම නිසා සිදගත් තෙල් ඉල්ලන්න එපා.

ගොඩක් දෙනෙක් ඉල්ලා සිටිය මෙය වට්ටෝරු කර දෙන ලෙස..එම නිසා මා මෙය මෙසේ පළකරමි.

1.කටුකරඩු මුල් පලම්...............60
   අමුක්කරා මුල් පලම්..............60
   වරා මුල් පලම්.........................12
   මුරුංගා මුල් පලම්..................03
   ගම්මිරිස් මුල් පලම්................01
   නික මුල් පලම්........................04
_______________________________

2.කටුකරඩු කොළ යුෂ  නැලි....02
   අමුක්කරා කොළ යුෂ නැලි.....03
   වරා කොළ යුෂ නැලි...............03
   මුරුංගා කොළ යුෂ නැලි........03
   ගම්මිරිස් කොළ යුෂ නැලි......02
   නික කොළ යුෂ නැලි..............02
   පස් තෙල් නැලි.......................05
________________________________

3.අරළු කලං..............................40
   බුළු කලං................................40
   නෙල්ලි කලං..........................40
   අසමෝදගං කලං..................40
   දේවදාර කලං..........................40
   සුදුළූනු කලං.........................40
   වද කහ කලං.........................40
   සුදු සදුන් කලං.......................40
   මහදුරු කලං..........................01
   උළුහාල් කලං........................01
_________________________________

4.හිරියල් කලං..........................40
   මනෝසීල කලං......................40
   හිගුල් කලං.............................01
   රසදිය කලං............................01
   ගෙන්දගම් කලං.....................01
_________________________________

1. මේවා හොදින් කොටා තලපයක් සේ සාදා මැටි භාජනයක දමන්න.

2. මේවා මුල් කොටාගත් තලපය දැමූ භාජනයට දමා මද ගින්නේ දින 7ක් කකාරවා ගන්න.
    ලොකු දර කොටයක් දැමීම ප්රනමාණවත්.

3. මේවා කොටාගෙන 7 වෙනි දවසේ තෙලට දමා කල්ක පදම එනතුරු කකාරවා ගතයුතුයි
    මෙම කුඩු පෙනේරයක් ආදාරයෙන්  සිහින්ව හලාගන්න.

4. මේවා විෂ මාරණය කරගන්න

*  හිරියල් - කාඩි, පුහුල් දිය, තලතෙල්, ත්රි පල් දිය මේවාගෙන් දෝලා යන්ත්රනයෙන් සතර සතර යාම ක්රමමයට පිසගනු.

* මනෝසීල - අමු ගොම ඉස්මෙන් තුන්පාරක් හොදින් අඹරන්න.

* හිගුල් - දෙහි යුෂින් 7 වරක් භාවිතා කොට එම යුෂින්ම සෝදාගනු.

* රසදිය - කෝමාරිකා ඉස්මෙන් තුන්පාරක් හොදින් අඹරා දෙහි ඉස්මෙන් තුන්පාරක්.

* ගෙන්දගම් - ගිතෙල් තිබූ කට කුඩා බදුනක එළකිරි හෙවා මුඛයේ වස්ත්ර්යක් බැද ගෙන්දගම් හොදින් පොඩිකර අසුරා..අත්පනලයකින් උඩින් වසා ගොම මැටි අනා ගා මැටි බැද බිම වලලා උඩින් දෑගලක් සේ වැලි තට්ටුවකින් වසා..ඊ වැරටි වලින් ගිනි ගසා. කිරෙහි වැගුරුණ ගෙන්දගම් හුණු කාඩියෙන් හෝදා ගන්න.

( මේවාද ඉහත කොටාගත් කුඩු සමගම දමා කකාරවා ගන්න )

අවසානයේ සියළු තෙල් හා කල්කය වතුර භාජනයකට දමා, හොදින් අනා ඉහලට පෑදෙන තෙල් කොටස ගෙන නැවත ගින්දරෙහි තබා ජලය හින්දවා ගන්න.

සැ.යු : මෙම තෙල් සිදීමේදී සියළු කටයුතු කල යුත්තේ ගොම මැටි ගෑ වෙනම සාදාගත් පැලකය. වියන් බැදිය යුතුය. පරිවාර තෙලක් මේ සමග හිදිය යුතුය. මල් පඩුරු පුද දිය යුතුය. මේ සියළු සුභ දේ විය යුත්තේ අස්ගිරි ස්වාමීන් වහන්සේ නමකගේ අතින්ය. නිර්මාංශ උපාසක පිරිස් පමණක් මෙයට සහභාගී විය යුතුය. කිලි කුණුවලින් ඉවත් විය යුතුය. ( ගුණ හරියාකාරව ගැනීමට නම් සම්ප්රසදායික ක්රගමය මෙය ලෙස පුස්කොල පොතෙහි සදහන්. මේ ආකාරයට නොකලත් විශාල වෙනසක් සිදුනොවේ. ඖෂධ ගුණ එලෙසම පවතී.)