දියවැඩියාව, පිළිකා රෝග ආදී නොයෙකුත් රෝග සමනය කරන පාරම් පාරික දේශිය සහල්


පෝෂණ ගුණයෙන් ඉතා ඉහල පාරම්පරික දේශීය වී වර්ග වර්තමානයේ පවතින දියවැඩියාව, පිළිකා රෝග ආදී නොයෙකුත් රෝග සමනය කිරීමේ හැකියවක් සහිත බැව් සදහන් වේ. ඈත අතීතයේ මෙම වී වර්ග ඖෂධීය ප්‍රතිකාර ක්‍රම වලට භාවිතා කර ඇත. ශරීරයෙන් විස ඉවත් කිරීමේ හැකියාවක් මෙම වී වලට නිතැතින්ම ඇති බව කියැවේ. සෑම බෝගයකටම වස විස යොදන අද සමාජයේ මනුෂ්‍ය ශරීරය ආහාරයෙන් එන විස එකතු වූ ගබඩාවක් බවට පත්ව ඇත. හෙළ නිල වෙදකමින් ප්‍රතිකාර කරද්දී මෙම සහල් වල නිවුඩ්ඩ ප්‍රයෝජනයට ගැනේ. මෙම ඖෂධීය සහල් වර්ග වලින් කැඳ සදා බීමෙන් පමණක්ම මනුෂ්‍ය ශරීරයේ තැන්පත් වී ඇති විස ඉවත් වන බව පැවසේ.

අපගේ ගොවීන් වගා කර ඇති සහල් වර්ග

#කුරුළුතුඩ

#කළුහීනටි

#සියපත්ඇල් (#පච්චපෙරුමාල්)

#සුවදැල්

#මඩතවාලු

#කහවනු

#කුරුළු__තුඩ

මෙම සහල්වල නිවුඩ්ඩ කාටිලේජවල ඇති කැල්සියම් අයින්වීම වලක්වයි. එමෙන්ම මෙය ආහාරයට ගත් කල රුධිර සංසරණය සමග එකතුවී ඇට මිදුළුවලට ගොස් තැන්පත් කරවීම එදා සිංහල වෙදකමේ දී කර ඇත. අද ද අපි රෝගීන්ට බෙහෙත් කරද්දී හන්දිපත් රෝගවලට සාර්ථකව ප්‍රතිකාර කරමින් සිටිමු (මෙහිදී විවිධ සහල් වර්ගවල නිවුඩ්ඩ අපි භාවිතා කරමු). ඇට මිදුළුවල ඇති ප්‍රතිශක්ති ජනක උත්පාදන හැකියාවන් වර්ධනය කරයි. මෙය සාමාන්‍ය ආකාරයට ආහාරයට ගැනීමෙන් මෙහි ඇති තන්තුමය ස්වභාවය සමග නිවුඩ්ඩේ ඇති වර්ණකවල ශක්තිය වැටකොළු, පතෝල, වට්ටක්කා පොත්ත වැනි එළවලුවල වර්ණක සමග එකතු වී අහාර මාර්ගයේ දිරවීම පහසු කරන එන්සයිම වර්ධනය උත්පාදනය කරවයි. යකඩ සහිත අහාරවල යකඩ අවශෝෂණය කර රුධිරයේ ඇති හිමොග්ලොබින් උත්පාදනය කිරීමට අවශ්‍ය මුල්‍යමය ආධාරය ඇට මිදුළුවලට සපයයි. එබැවින් ස්වභාවික කහ වර්ණ හා තන්තුමය ස්වභාවය අධික එළවලු වර්ග හා යකඩ අධික පලා වර්ග සමග ආහාරයට ගැනීම ඉතා යෙහෙකි. කැඳ වර්ගවලදී කුරුළු තුඩ භාවිතය රෝග නිවාරණයට උපකාරී වේ.

#සුවඳැල්

මෙම සහල් වර්ගය බත පිසෙන විට ආවේනික සුවඳක් වහනය කරන්නා වූ “ඇල්” වී වර්ගයකි. අති පුජනීය වූ බුද්ධ භෝගයක් වූ මෙම සහල් බුදුරජාණන් වහන්සේගේ අපරිමිත වූ පාරමී ශක්තියට සම්බන්ධ වෙමින් පහළ වූ පාරමී පූරිත ජනයා වෙත සමන් දෙවියන්ගෙන් ලැබුණු දායාදයක් ලෙස කියැවේ. සියලු රෝග නිවාරණය සඳහා ඖෂධීය ගුණයකින් යුත් මෙම සහල් වර්ගය කයෙහි හෝමෝන ක්‍රියාවලිය සමතුලිත කිරීමට උපකාරී වේ. කයෙහි ඇති ඇඩ්‍රිනලින් වර්ගවල ශ්‍රාවයන් පාලනය කිරීම සඳහා අවශ්‍යවන, සෙලියුලෝස් වල සංයුතියට බොහෝ දුරට කිට්ටු වන්නා වූ එහෙත් ඇමයිලෙස් වැනි එන්සයිම උත්පාදනය කරවන ශක්තියක් ඇති කාබෝහයිඩ්‍රේට් වර්ග වලින් සමන්විත ය. එනම් ග්ලුකෝස් අධික සංචිතයක් මෙයින් ඇති නොකරවන අතර තල, කුරහන්, මුං ඇට වැනි ධාන්‍ය වර්ග සමග කලවම් කර කැඳ හෝ තලප ආකාරයට සකසා ගැනීමෙන් මෙම සහල් වර්ගයෙන් කායික හා මානසික නිරෝගීතාවයට උපරිම දායකත්වයක් සැපයෙනු ඇත. හෝමෝන ක්‍රියාවලිය මධ්‍යස්ත ආකාරයට පවත්වාගැනීමට උපකාරී වන බැවින් හෘද ස්පන්දන වේගය අධික නොවනු ඇත. කයෙහි ඇති වන්නා වූ අධිරුධිර පිඩනයට හේතුකාරක වලක්වනු ඇත. වස විස නොයොදා පසෙහි ස්වභාවික ක්‍රියාවලිය සිදුවන ආකාරයට මෙම සහල් වගා කල විට පසෙහි ඇති අයන වර්ග විශාල වශයෙන් උරා ගැනීමේ හැකියාවක් සුවඳැල් ශාකයට ඇත. ඉතා සියුම් ආකාරයට සකස් වී ඇති තන්තුමය ව්‍යුහය සමග බද්ධ වී ඇති ඛනිජ අයන ශරීරයට උරා ගන්නා ආකාරයට ආහාරය පිළියෙළ කර ගැනීමට උදවු වන්නේ තවත් ධාන්‍ය කිහිපයක් සමග එකතු කර කැඳ පිළියෙළ කර ගැනීමෙනි. එය වෙනත් සහල් වර්ග කිහිපයක් එකතු කිරීමෙන් වුව ද කල හැක. කයෙහි ස්නායු වල උත්තේජනය, පිළිසකර කරවීම, ඇස් කූප වලට සම්බන්ධ වන රුධිර කේශනාලිකා වල ප්‍රත්‍යස්ථතාවය මැනවින් පාලනය කරවීම, සුවිශේෂී ආකාරයට කරවිය හැකි සහල් වර්ගයකි. එබැවින් රුධිරය හොඳින් ඇස් වලට සපයමින් විශේෂිත ආකාරයට සැකසුනු ඇස හා මොලය අතර පණිවිඩ හුවමාරුව පිණිස සම්බන්ධ වන ස්නායු වල ක්‍රියාකාරිත්වය ඉතා හොඳින් වර්ධනය කරවයි.

#මඩතවාලු

ප්‍රෝටීන් වර්ග හා මේදයන් දිරවීමට පහසු එන්සයිම අධික මෙම වී වර්ගය ආහාරයට ගැනීමේදී අහාර ජීර්ණය පහසු කරවයි. පසෙහි බැක්ටීරියා හා දිලීර ගහනය වැඩි බැවින් අයන සංචිතද අධික නිසා විෂ සහිත ද්‍රව්‍ය උරා නොගැනීම පිණිස ශාකය තුල විශේෂ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බැවින් බීජයේ ඇති සංචිතය තුල විෂ වලට ප්‍රතිරෝධී යාන්ත්‍රණයක් ඉබේම ක්‍රියාත්මක වේ. අපගේ ආහාරයට මෙම සහල් ගැනීමෙන් ශරීරයේ ඇති විස නිතැතින්ම ඉවත් කෙරෙන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වේ. විටමින් වර්ග ඉතා අධික මෙම සහල් වල ශරීරයේ මාංශ පේශීන් වර්ධනයට අවශ්‍ය වන අධික විටමින් හා ඛනිජ ලවන සංචිතයක් ඇත. තවද මහ කන්නයේදී අධික වර්ෂාපතනයට ඔරොත්තු දෙන රෝග නිවාරක විශේෂිත වූ බැක්ටීරියා වර්ග ආහාරයේ තැන්පත්ව ඇත. ඒවා අහාර මාර්ගයට එක් වීමෙන් ශරීරයට හිතකර බැක්ටීරියා වර්ග සමග එකතු වී අහාර මාර්ගයේ ඇති ආස්තරය ආරක්ෂා කරමින් ඉතා හොඳින් අවශෝෂණය සිදුකරවන බැව් මෙම දෙවිවරු පවසති. ශාකයට ඇතිවන විෂකාරක ද්‍රව්‍ය ජාන පද්ධතියෙන් පවා ඉවත්කිරීමට හැකි යාන්ත්‍රණයක් මෙම ශාක වල ක්‍රියාත්මක වන බැවින් අස්වැන්න ආහාරයට ගැනීමෙන් අපගේ ශරීරයට ඇතුළුවන පිලිකාකාරක ඇතුළු විෂ ද්‍රව්‍යන් බහිශ්‍රාවය කරවයි. ඉහත ගුණාංග පමණක් නොව පරිභෝජනයට සුදුසු පුර්ණ ආහාරමය ධාන්‍යයකි. ඇඟේ රුධිර සංසරණය පිරිසිදු වන අතරම ශ්වේද ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය ඉතා හොඳින් සිදු වී ශරීර උෂ්ණත්වය ද පාලනය සිදු කෙරේ. එබැවින් පැරණි හෙළ ගොවියා පරිසරයේ උෂ්ණත්වය වැඩි කාලය වන යල කන්නයෙන් ඇරඹෙන වකවානු වලදී මෙම සහල් පරිභෝජනයට ගත්තේ ය.

#සියපත්ඇල් (#පච්චපෙරුමාල්)

මෙම වී වර්ගය මුත්‍ර නිෂ්පාදනයේදී ශරීරයෙන් පහ කිරීමට එකතුවන විටමින් වර්ග පාලනය කරයි. එනම් ශරීරයේ පටකවල ක්‍රියාකාරිත්වයට අවශ්‍ය විටමින් වර්ග අධික ලෙස මුත්‍රවල එකතුවීමක් සිදුවුවද වෘක්කානුවේ ක්‍රියාකාරිත්වය පාලනය කර ප්‍රතිඅවශෝෂණ කිරීමේ ක්‍රියාවලිය වැඩිකරවයි. රතු රුධිර සෛල නිපදවීමේ හැකියාවන් වැඩි කරවීම සඳහා ඇට මිදුළුවල ක්‍රියාත්මක වන යාන්ත්‍රණය වැඩි දියුණු කිරීමට අවශ්‍ය එන්සයිම හා හෝමෝන ජනනය කරවයි. යලදී වැවීමට සුදුසු ඇල් වී වර්ගයක් වන අතර “සියපත්ඇල්” යන නාමය ලැබීමට හේතු වන්නේ නෙලුම් මලක පත්‍ර සියයක ජනිත කරවන ශක්තිය මෙම වී ඇටයක ගබඩා කල හැකි බැවිනි. යල කන්නයේ උෂ්ණත්වයේ ස්වභාවය මත පොත්තෙහි ඝනකම වෙනස් වන මෙම වී වර්ගය අධික උෂ්ණත්වය ඇති වකවානුවල බීජයට උෂ්ණත්වය පාලනය කිරීම සඳහා පොත්තෙහි අයන වර්ග රඳවමින් ආශ්‍රැති පීඩනය වෙනස් කරවමින් උපකාර කරයි. එහිදී කාබෝහයිඩ්‍රේට් සංචිතයන්ගේ ව්‍යුහයන් වෙනස් වේ. ග්ලුකෝස් සංචිතය වෙනත් කාබෝහයිඩ්‍රේට් වර්ග වලට පරිවර්තනය කරවයි. උෂ්ණත්වය අඩු කාලවලදී පරිභෝජනයට සුදුසු මෙම සහල් වර්ගය රසකැවිලි සැදීමේදී වැඩිපුර භාවිතා කල වී වර්ගයකි. තෙලිජ්ජවල හා කිතුල් පැණිවල ඇති සුක්‍රෝස් ප්‍රමාණය වෙනස් කිරීම සඳහා හෙළ ගොවියන් මෙම සහල් පිටි භාවිත කර රසකැවිලි සදා ඇත. එදවස කිතුල් පැණි සමග මෙම සහල් පිටි එක්වූ විට ආහාරයේ ඇති ග්ලුකෝස් සංචිතය වෙනස් වූ අතර තන්තුමය ව්‍යුහයේ ස්වභාවය නිසා ඉන්සියුලින් සෑදීමට බාධාවක් නොවිණි.මේ සහල් නිෂ්පාදනයේදී පොළවෙහි වයනය සැකසීම සඳහා භාවිතා කරන ද්‍රව්‍ය මගින් ඇතිකරවන ක්ෂුද්‍රජීවී ගහනයේ විවිධත්වය අඩුවිය යුතුය. එහිදී පසෙහි ඇති උෂ්ණත්වය ඒකාකාරීව පවත්වාගත හැකි ආකාරයට පොලොව සකස් කර ගත යුතු ය. එදවස පැරණි ගොවියා මෙය මනාව අවබෝධ කර ගත්තේ වෙයි. ශරීරයේ බහිශ්‍රාවී ක්‍රියාවලිය ඉතා හොඳින් පාලනය වීමට මෙන්ම ඉන්සියුලින් නිෂ්පාදනය වැඩි කිරීමට, තයිරොක්සින් නිෂ්පාදනය අඩු කරවීමටත් මෙම සහල් උපයෝගී කර ගත හැක. මෙම සහල් වලට විවිධ අනුපාත වලින් සහල් වර්ග කලවම් කර කැඳ පිස ගත් විට ඉතා ගුණදායක ය.

#කහවනු
මොල්ටෝස් සාන්ද්‍රණය අධික කර ගත හැකි නමුදු ප්‍රෝටීනමය ස්වභාවය ව්‍යුහාත්මකව සංචිත වී ඇති ආකාරය විශේෂිත වුවකි. එබැවින් ආහාර මාර්ගයේදී ග්ලුකෝස් සෑදීමට උදවූ කෙරුව ද රුධිරයට අවශෝෂණය කිරීමේදී බිජයේ ඇති තන්තුමය ස්වභාවය නිසා පාලනයක් සහිතව සිදු කෙරේ. ක්ෂුද්‍රජීවී ගහනයක් නොමැති ආහාර මාර්ගයක වුවද ආහාර දිරවීම පහසු කරවයි. සියුම් තන්තුමය ස්වභාවය හා ප්‍රෝටීන වර්ග යම් ප්‍රමාණයකට සංචිත වී ඇති නමුදු මෙහි විශේෂත්වය වන්නේ අයන වර්ග උරා ගැනීමට ශරීරයට අවශෝෂණය කරගෙන දිගුකාලින ක්‍රියාවලියකින් ඇට මිදුළු මත තැන්පත් වීමයි. මේ සමග විවිධ එළවලු වර්ග එකතු වූ විට එම ක්‍රියාකාරිත්වය වඩාත් පලදායී වෙයි. එබැවින් මෙම ආහාර දිරවීමට ගතවන කාලය වැඩිය. පිළිකා සුවපත් කිරීම සඳහා හොඳ ආහාරයක් වන අතර ඉහල ඖෂධීය ගුණයකින් යුක්තය.

#කළු_හීනටි

හීනටි වර්ග ඈත අතීතයේ සිටම ඖෂධ සඳහා පරිහරණය කල වී වර්ගය. මෙම ශාකයේ මූල කේශ තුල විශේෂිත ආකාරයේ බැක්ටීරියා සංචිතයක් රඳවා ගනී. එම ක්‍රියාකාරීත්වයෙන් ශාකයට උරා ගන්නා අයන වර්ග වල ධන රිණ භේදය, එනම් ධ්‍රැවීයතාවය වැඩි කරවා විස සහිත අයන ශාකයෙන් ඉවත් කිරීමේ යාන්ත්‍රණයක් ස්වාභාවිකවම ක්‍රියාත්මක කෙරේ. සියලු රෝග වලට ගුණාත්මක භාවයෙන් නිවාරණ ගුණයක් දෙන මෙම වී වර්ගය වසරේ සියලු කල්හි පරිභෝජනයට සුදුසුය.

මෙම සහල්වල නිවුඩ්ඩ කාටිලේජවල ඇති කැල්සියම් අයින්වීම වලක්වයි. එමෙන්ම මෙය ආහාරයට ගත් කල රුධිර සංසරණය සමග එකතුවී ඇට මිදුළුවලට ගොස් තැන්පත් කරවීම එදා සිංහල වෙදකමේ දී කර ඇත. අද ද අපි රෝගීන්ට බෙහෙත් කරද්දී හන්දිපත් රෝගවලට සාර්ථකව ප්‍රතිකාර කරමින් සිටිමු (මෙහිදී විවිධ සහල් වර්ගවල නිවුඩ්ඩ අපි භාවිතා කරමු). ඇට මිදුළුවල ඇති ප්‍රතිශක්ති ජනක උත්පාදන හැකියාවන් වර්ධනය කරයි. මෙය සාමාන්‍ය ආකාරයට ආහාරයට ගැනීමෙන් මෙහි ඇති තන්තුමය ස්වභාවය සමග නිවුඩ්ඩේ ඇති වර්ණකවල ශක්තිය වැටකොළු, පතෝල, වට්ටක්කා පොත්ත වැනි එළවලුවල වර්ණක සමග එකතු වී අහාර මාර්ගයේ දිරවීම පහසු කරන එන්සයිම වර්ධනය උත්පාදනය කරවයි. යකඩ සහිත අහාරවල යකඩ අවශෝෂණය කර රුධිරයේ ඇති හිමොග්ලොබින් උත්පාදනය කිරීමට අවශ්‍ය මුල්‍යමය ආධාරය ඇට මිදුළුවලට සපයයි. එබැවින් ස්වභාවික කහ වර්ණ හා තන්තුමය ස්වභාවය අධික එළවලු වර්ග හා යකඩ අධික පලා වර්ග සමග ආහාරයට ගැනීම ඉතා යෙහෙකි. කැඳ වර්ගවලදී කුරුළු තුඩ භාවිතය රෝග නිවාරණයට උපකාරී වේ.