සිංහල/ආයුර්වේද වෙදකමෙහි නිතර භාවිත වන ඔබ දැන සිටිය යුතු ඔබට නුහුරු වචන...



කෂාය
===========

මැටි භාජනයක් ගෙන අපට දී ඇති ඖෂධයන්ගෙන්  කලං 12 කට වතුර පත 08 ක් දමා පත 01 ට සිඳ ගැනීම "කෂාය" නම් වේ.

 චූර්ණ
==========

හොඳින් පිරිසිදු කරගත් ඖෂධ ද්‍රව්‍ය, අව්වේ වියළා සිහින්ව කුඩු කරගැනීම "චූර්ණ" නම් වේ.

කැඳ
=========

කොළ කැඳ, බෙහෙත් කැඳ, බත් කැඳ ආදී ලෙස මෙම කැඳ වර්ගයන් සැකසීම  සිදුකරයි.

 ලේහ
==========

සකස් කර ගන්නා ලද නියමිත ඖෂධ වර්ග ඇඟිල්ලෙන් ගෙන දිව මතුපිට තැවරීම (දිවේ ගෑම) "ලේහ" නම් වෙයි.

 තැම්බුම්
============

ඖෂධ ද්‍රව්‍ය වැසෙන තෙක් ජලය දමා තම්බා පානයට දීම "තැම්බුම්" නම් වෙයි.

ස්වරස / යුෂ
================

අමු ශාක ද්‍රව්‍ය කොටා මිරිකා ගන්නා ද්‍රව්‍ය "යුෂ" හෙවත් "ස්වරස" ලෙසින් හැඳින්වෙයි.

 අවලේහ
============

ස්වරසයට, කෂායට හෝ විවිධ ද්‍රව්‍ය වලට සීනි, පැණි, හකුරු ආදී ද්‍රව්‍යයන් යොදා ලිප තබා හැඳි ගාමින් පැණි පදමට සාදා ගන්නා විට එය "අවලේහ" ලෙස හැඳින්වෙයි.

 පාණ්ඨ
===========

වියළි ඖෂධ වල කුඩු නටන උණු වතුරට දමා නිවෙන්නට හැර පානයට දීම "පාණ්ඨ" නම් වෙයි.

 පත්තුව
============

ඖෂධීය ද්‍රව්‍යයන් සිහින්ව කුඩුකර, ඒවා වෙනත් ඖෂධ වල යුෂ, මී පැණි හෝ වෙනත් සුදුසු දියරයකින් අනා ආලෙප කිරීම "පත්තුව" නම් වේ.

 පොට්ට්නි
==============

ඖෂධීය ද්‍රව්‍යයන් කොටා පිරිසිදු රෙදි කැබැල්ලක පොට්ටනියක් බැඳ වණ්ඩුවේ තම්බා ගැනීමට මෙම "පොට්ටනි" උපයෝගී කර ගනී.

 වේදුව
===========

යොදා ගත යුතු ඖෂධ ජලයට දමා තම්බා එම නැගෙන හුමාලය ඇල්ලීම "වේදුව" ලෙසින් හැදින්වෙයි.

 දුම් ඇල්ලීම
===============

ඖෂධීය ද්‍රව්‍ය අඟුරු මත දමා, නැඟ එන දුම ඇල්ලීම "දුම් ඇල්ලීම" නම් වෙයි.