කන්ඨමාල තෛලය

කළු හඹරල අල, කළුවා අල, පතුක් කොළ, කුප්පමේනිය කොළ - මුල්, හිඟුරුපට යුස, කලුවෙල්ලංගිරිය පොතු මේවාගේ යුස පත පත ගෙන පොල් කිරි දෙනැලියක් එක්කර ලිප තබා තෙල් පාට වූ පසු  තිප්පිලි, කරාඹු නැටි, සදික්කා, වසාවාසි, පල්මානික්කං, සින්නක්කාරම්, පෙරුම්කායම්, මිරිස්, වාල්මුලගු, මේවා එක පමණ ගෙන කොටා තෙලට යොදා කකාරා කල්ක ඉටිපදමට බාගන්න.

තුං දොස් නිසා එන උගුරේ හිරද, වලිප්පුවද, උගුරේ එන අඩප්පාදද, නාග සන්නිද, සෙම් ගඩු හා එන සන්නිද, සෙලෙස්මා වලිප්පුද, සියළු උගුරේ රෝග සුව වේ.