නෛර්ග්ගුණ්ඩ්‍යාදී තෛලය



නික කොල,සියඹලා කොල,මෙයින් සොරස දෙකලඳ දෙකලඳ බැගින් ගෙන,මීට තල තෙල් නැලියක් ගෙන,එළුකිරි නැලියකුත් ගෙන වක්කර,

මීට කල්කය

වරා කිරි
සැබුං
වරා මුලෙ පොතු
දුම්මැල්ල
දේවදාර

මෙහැම වෙන වෙන සතර කලං මංචාඩි දහසය බැගින් ගෙන දිය වක්කර
සිනිඳුව අබරා තෙලෙහි  කලතා තුන් රැයක් මදගින්නේ කකාරා පදනමට බා පෙරා තබා .

වායුවට බොන්නට, ගාන්නට, නස්‍ය කරන්නට
ද, මෙයින් සර්වාංග වායු ගුන වේ..