ඔසප් ලේ පිට කිරීමට හා නැවැත්වීමට

ඔසප් ලේ නැවැත්වීමට

කරල් සැබෝ මුල් චූර්ණ
රත්කිහිරිය (ශුධ )
ගොධූම (තිරිඟු)   චූර්ණ
අබින්  (ශුධ )

මේ සියල්ල මාෂක 3 බැගින් ගෙන ඇල්වතුරෙන් අඹරා ඔළිඳ ඇට 4රේ පමණ බරට වැටි තනා තබා අවශ්‍ය විටෙක එක් වැටියක් ගෙන එළිගිතෙල් ගටා(එළගිතෙලින් පොඟවා  ) අධික වශයෙන් රුධිරය ස්‍රාවය වන භගයෙහි (යෝනියෙහි) රුධිර නිෂෙධය (රුධිරය නැවැත්වීම ) සදහා තබා ගතයුතුය.

ගුණාගුණ : ලේ වැගිරීම නවතී .

මාෂක 1 = ඔළිඳ ඇට 6ක බර


ඔසප් ලේ පිට කිරීමට 

කංසා               රත්නෙළුම් අල
කෝමාරිකා     කරල් සැබෝමුල්

මේ සියල්ල සමසේ චූර්ණය කර නැවත ජලයෙන් අඹරා ඔළිඳ ඇට 2පමණ ගුළි කරගනු.

මාත්‍රාව : වරකට මින් ගුළි 1ක් වළදා දිය පානය කරනු.

ගුණාගුණ : ඔසප් වැළකීමෙන් ජනිත කටීශූලය සුවවේ .පහසුවෙන් ඔසප් ලේ පිට කෙරේ. ආර්තව දෝෂ සුවවේ .