කේශවර්ධනී තෛලය

කලු අත්තන මුල්       කීකිරිඳිය මුල්  රත් වැල්පෙනෙල  මුල් 

මේවා අහුර බැගින් ගෙන වනලා කොටා සුණුකොට දළුක් කිරි වරාකිරි  එක පමණ ගෙන වේලා වළදක ලා ලිප තබා අලුකර තලතෙල් නැළි 1යි එලමූත්‍ර නැළි 1යි ලිප තබා පළමු කී බේත් එහි කලතා මදගින්නේ කකාරා පාන්තිර ඇවිලෙන පදමට බා නිවා හිස ගානූ.

ගුණාගුණ : හිසකේ යාම,ඉදීම,කැසීම ,හිසේ ගිනියම් සුවවේ. තුන් සතියට ඉසකේ එයි.