අම්බර තිත්ත කපුරු
සුදු හඳුන් කොකුම්
හිඟුරු පියලි වෙනිවැල් ගැට
දේවදාර කස්තුරි
කුංකුමප්පු කට්ට කුමංජල්
කල්ලිප්පාක කොලොන්දු
සමදරා මුල්
මේවා සමව ගෙන ගෙයක් ගොම පිරිමැද පිරිසිදුව ඉස් සෝදා නා පිරුවට හැඳ බෙහෙත් සැලකලා තලතෙල් පත 3ක් යොදා පිනිදිය නැළියක් බහා සිද්ධි යෝගයෙන් තෙල් ලිප තබා සපුමල් කැකුළක් පමණ ගිනිකොට පිනිදිය නැළිය සිඳුවා පදමට බා පෙරා සුරැකිව තබා සිඬි යෝගයෙන් තෙල් හිස ගානු.
ගුණාගුණ : ඇසේ ඉසේ රෝග බෙල්ලෙන් ඉහළ සියලු වායු රෝග ඇසේ උල්වාරම් ආදි නේත්‍ර රෝගවලට ප්‍රත්‍යක්ෂයි.
යක්ෂභය,පිල්ලි අංගම් හදි හූනියම් නොවදී,සර්පයෝ දෂ්ඨ නොකරත්,තෙල් සුවද හමන තෙක් යක්ෂයෝ නොසිට යත්.ඉරිදාවක මෙම තෙලින් තිලකලා රජුන් ආදී ප්‍රභූන් දැකීමෙන් වශී වේ,සියලු සන්නි රෝගවලට පෙවීමෙන් ගුණවේ,මෙම තෙල සිඳ කිළිකුණු අසුනොවනසේ භාවිතා කරනු.