රාමපාණ ගුළිය



ශුද්ධ රසදිය වව්චනාචි
කුරුදු පොතු නෙල්ලික්කා
ගෙන්දගම් වදකහ

මෙකී බෙහෙත් සම භාගව ගෙන

මිරිස් දෙභාගයයි සාදික්කා භාගයයි ගෙන ලප් නාරං ඇඹුලෙන් සත් පැයක් අඹරා,සියඹලා ඇඹුලෙන් සත් පෑ හමාරක් අඹරා උදු ඇට පමණ ගුලි කර සෙවණේ වියළා ගන්න

කටී වායුවට

ගුලියක්‍ යකි නාරං කොළ ඉස්මෙන් සුදු ළූණූත් සමග දෙනු

අජීර්ණයට
සිද්ධි ගුරු සහිද ලුනු සමග දෙනු

බඩරුජාවට
සුදුළූණුත් දිවි කදුරු දළුත් අඹරා ඉස්මෙන් ගුළියක් දෙනු

සර්වාංග වායුවට හා පක්ව ශූලයට
කුඹුරු ඇට, සුදුළූණු, පෙරුම්කායම්,මුරුංගා මුල් සමව අඹරා ඉන් ගුළියක් දෙනු

සර්ප විෂට
ශුද්ධ පුෂ්කර,ශුද්ධ රසදිය සමග අඹරා ගුලියක් දෙනු,නශ්‍ය කරනු