මහා හිරු දැපන තෛලය


හිරු දපන තෙලේට රුසිවරුන් දෙසන අවුසද අසාපන්
ගංසූරිය ඉරිවේරිය සපු මල් නාමළුත් එක පමනයෙන්
සරිම එලබිම්තඹුරු සොයලා සතක් කොළ නිවැරදිව ගන්
කෙටල මල් තුන පිච්චමල් හත දෙමට මල් හත නියමයෙන්

ඔන්න ඔහොමයි මේ තෙල් හිඳින හැටි ගැන විස්තර කරලා තියෙන කවි පංතිය ආරම්භ වෙන්නේ .

ගංසූරිය
ඉරිවේරිය
සපුමල්
නාමල්
එලබිම්තඹුරු කොළ හතක්
කෙටල මල් තුනක්
පිච්ච මල් හතක්
දෙමට මල් හතක්
මේ සේරම අරගෙන හොඳට අඹරන්න ඕන . ඊට පස්සේ කප්පරවල්ලි යුෂ අරගෙන ආයෙත් හොඳට අඹරන්න ඕන . ඊට පස්සේ ත්රියකටු යුෂ අරගෙන ඒ යුෂ එකතුකරලා ආයෙත් අඹරාගන්න ඕන . ඊට පස්සේ වතුර නැලි තුනක් එක්ක මේවා තඹ හැළියක දාන්න ඕන .

මොණර කුඩුම්බිය මල් , ගෙන්දගම් , හිරියල් , අමු රත්තරන් මේවා මංචාඩි ඇට හතළිහේ බරට කිරලා ගන්න ඕන . ඒවාත් අඹරලා මේ තෙලට ගන්න බෙහෙත් වලට දාලා ඒකට දාන්න ඕන නිඹ තෙල් , එළඟිතෙල් , තල තෙල් , මී තෙල් එකතු කරලා හඳුන් , දේවදාර , සුවඳ කොට්ටන් කියන දර වර්ග වලින් ලිප මොලවලා තෙල හිඳගන්න තියෙන්නේ .

පෝය දවසක තමයි මේක කරන්න ඕන . ඒත් ඒ වෙනුවෙන් කරන්න වත් පිළිවෙත් රාශියක් තියෙනවා . මල් බුලත් තටුවක් හදලා මේකට පුද පූජා පවත්වන්න ඕන .මේ පූජා භාණ්ඩ වල අනිවාර්යෙන්ම කන්නාඩියක් තියෙන්න කියලා කියනවා . දෙවි දේවාතාවුන්ට ඇහෙන්න පිරිත් කියන්නත් ඕන . මේ පිරිත් කියවන්න හාමුදුරුවරු හත් නමක් වැඩම කරවන්න ඕන . ඒ හාමුදුරුවරු තෙල හිඳින තැන වටේට ඉඳගෙන පිරිත් කියන්න ඕන වටේට නූල් ඇදලා .


මේ වෙනකොට තෙල ලිපේ රත් වෙනවා . තෙල හිඳින වෙදමහත්තයා කලින්ම සැරසෙන්න ඕන මේ විදියට . අතට කඩුවක් ගන්න ඕන . කරට මාලයක් නවගුණ වැලක් දාන්න ඕන . ඉනට සුදු රෙද්දක් අඳින්න ඕන . මේ විදියට සැරසිලා තෙල් එකට අත දැම්මම අතට සීතලක් දැනෙනවානම් අන්න දැන් තෙල පදමට ඇවිල්ලා .

පදම ආවට පස්සේ ඉතින් තෙල් ටික වෙන් කරලා අරගෙන භාජනයක දාලා පිරිසිදුවට තියාගෙන ජීවම් කරන්න තමයි තියෙන්නේ . ඒකට මන්තර ශ්ලෝක ගොඩක් තියෙනවා කියලා තමයි කියන්නේ . ඒ ජීවම් කිරීමත් හරියට කරන්න ඕනළු . මොකද මේක වැරදියට කරොත් මතුරන කෙනා පිස්සු වැටෙන්න පුළුවන් කියලා මතයක් තියෙන නිසා .

මේ තෙල ගැන මට දකින්න අහන්න ලැබුණා .
රජවරු දකින්න , අංගම් , පිල්ලි , හදි , හූනියම් වදින්නේ නැතිවෙන්න මේ තෙල ආයුධයක් විදයට පාවිච්චි කරන්න පුළුවන් . අක්ෂි රෝග සමනය කරන්න මේ තෙල සමහර බෙහෙත් එක්ක එකට පාවිච්චි කරන්න පුළුවන් . ස්ත්රී් ආකර්ෂණය ලබාගන්නත් පුළුවන් . මේ තෙල් ටිකක් අතේ තවරාගෙන තමා වෙතට එන අමනුෂ්යඑයින් වෙතට අත පෑවොත් ඒ අය බයේ දුවනවා . තවත් ගොඩක් දේවල් මේ එක්ක බැඳිලා තියෙනවා . ඒවා ඒ ඒ දේවල් වල හැටියට හිතලා බලලා පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි මම අහලා තියෙන්නේ .

සතුන් මොක්පුර හරින බුදුරැස් එදා බෝ මුලදී සුගත්
මෙතුන් ලොව සැම සතුන් ගලවා ඉසිනු කිව්වා බොරු නොවෙත්
කතුන් දැපනේ ඉනා කරවයි බුලත ලා සුනු දීපුවොත්
උතුන් නාමය නොකිය වියතුනි හිරුදැපන තෛලය නමත්