මහා සන්නි දිව්‍යරාජ තෛලය


පාවට්ටා
තොටිල්ල
සවන්දන
ඉරිවේරිය
ඉරමුසු
කරල් සැබෝ මුල් කොටා ඉස්ම නැලියක් ගෙන ළුනුඅරණ
කුප්පමේනිය
වද කහ මෙකී මුල් ගෙන කොටා ඉස්ම නැළියක් ගෙන ලිප තබා එල කිරි නැලියයි, තල තෙල් නැලියයි

මිට සරක්කු
පෙරුන්කායන්
කටු කරෝසන
වැල්මී
දේවදාර ළුනු
සුටිං
මනෝසීල
මාසක්කා
පල්මානික්කං
සීනකරං
පුස්ප හඳුන්
මිරිස්
කොත්තමල්ලි
දේවදාර
මෙකී දේ කිරාගෙන දිමි බිතළු පතයි මෙකී දේ අඹරා ගෙන තෙලට යොදා මද ගින්නෙන් කකාරා සම පාකයට තෙල් දියට බා පානය කිරීමටද, ඇඟ ඉස බැඳීමට, නස්න කිරීමටද , ඇඟට ගානු යහපති සන්නි දුරුවේ...
පොතෙහි සඳහන් ආකාරයටම අකුරක් නෑර ලියල තියෙන්නෙ....

ගුරුවරයෙකු ඇසුරු කරගෙන අවවාද අනුශාසනා ලබා තෙල හිඳීම නම් වඩා යහපති.. නැකැත් ශාස්ත්‍රය භාවිතයට ගෙන නිසි ගෞරවය ඇතිව උඩු වියන් වට වියන් ඇතිව හිඳීමෙන් තෙලෙහි ගුණත්වය හා බලගතු භාවය වැඩි විය හැක.. බෙහෙත් බඩු කල්ක වැනි දෑ කෙටීමට පෙර බුද්ධ වන්දනාව කර සර්ව දේව කන්නලව්ව කර නිසි පරිදි දේව ආශීර්වාදය ලබා ගැනීමෙන් තෙලෙහි බල පිහිටන ආකාරයේ වැඩිවන බව මගේ පෞද්ගලික මතයයි ..