බිළිඳු උණ


ළදරු කාලයේ ප්‍රකෘතියෙන්ම සෙම් බහුල නිසාත්, බල පවත්නා දෝෂය වීම හා මවගේ කිරෙන් පෝෂණය වන නිසාත් සෙම් උණ බහුලව සෑදේ. එයින් සෙම් පැසවන ඖෂධ යොදා දොස් සමනය කළයුතුය.

කොත්තමල්ලි තැම්බූ වතුරට දෙසදුන් කල්කය දියකර දීම.
ඉඟුරු, කොත්තමල්ලි, තම්බා සීනි දමා දීම. සෙම පැසවා ඇත්නම්
පාවට්ටා පංචාංගය, කලාඳුරු අල, වැල්මී, වැල් තිබ්බටු මුල්, කොත්තමල්ලි කෂායට ජීවක කල්කය දියකර දීමත් හිතය. මෙයටද උණ නොබැස්සොත්,
තිප්පිලි, කලාඳුරු අල, වැල්මී, වැල් තිබ්බටු මුල්, සැවැන්දරා මුල්, ඉගුරු කෂායට ජීවක කල්කය දමා දීමත්, ක්ෂිර අජීර්ණ (කිරි අජීර්ණ) ජනිත උණයක් නම්, බෙලිමුල් පොතු, අසමෝදගන්, කලාඳුරු අල, ඉගුරු, කොත්තමල්ලී කෂාය කර මීපැණි දමා දීම යහපත්ය. ක්ෂිර අජීර්ණ මදක් සුව වුවද වරින් වර මල පහ වීම ඇති විට කුඹුරු මුල්, පොල්පලා මුල්, වදකහ කෂාය මී පැණි දමා දීම සිඬ යෝගයක් වශයෙන් සැලකේ.
ළදරුවාට කෂාය දෙන විට අඩු මාත්‍රාවෙන් දිය යුතු අතර වතුර කෝප්ප 04ක් කෝප්ප භාගෙට සිදුවා කෝප්ප කාල බැගින් ‍ෙදවරට හෝ ඊටත් අඩු මාත්‍රාවෙන් සතර වාරයකට හෝ දිය යුතුය.