ඔබ දැන සිටිය යුතුම ගැබිනි මවකට සුදුසු නුසුදුසු ආහාරපාන...


ගර්භණී සමයේ කාන්තාවන් සෑම අතකින්ම පරිස්සම් විය යුතු වෙනවා. ආහාර පාන ද ඒ අතර ප්‍රධාන තැනක් ගනු ලබනවා. ආහාර පාන මඟින් ගර්භණී මවට මෙන්ම කුස තුළ වැඩෙන දරුවාට ද මනා නීරෝගී බවක් උදාකර දෙන අතර ගර්භනී මවක් ගර්භණී සමාජයේ ලබාගත යුතු හා නොගතයුතු ආහාර පිළිබඳ මෙන්ම ආහාරපාන වර්ග පිළිබඳවද දැනුවත් වීම වැදගත්.

 ගැබිනි මවකට ගුණදෙන පාන වර්ග...

• නෙල්ලි යුෂ උදේ කාලයට පානය කිරීමට සුදුසුයි.

• තැඹිලි වතුර දිනපතාම වුවද පානය කිරීමට යෝග්‍යයි.

• දෙළුම් යුෂ උදෑසනට මෙන්ම සවස් කාලයටත් සුදුසුයි

• වැල් දොඩම් යුෂ වලට සීනි දමා පානය කිරීම යෝග්‍යයි.

• බෙලිමල් හා රණවරා මල් තැම්බූ වතුර ගුණදායකයි.

• ගොටුකොළ යුෂ තේ හැඳි එකකට මී පැණි බිංදුවක් දමා පානය කරන්න.

 ගැබිනි මවකට ගුණදායක ආහාර වර්ග...

• ගොටුකොළ, මුගුණුවැන්න, කතුරුමුරුංගා, රසකිඳ එක් වර්ගය බැගින් හෝ මිශ්‍රකර මැල්ලුම් සාදා ආහාරයට ගන්න.

• මුරුංගා, පිපිඤ්ඤා, එළබටු, රතු තම්පලා, කැකිරි ව්‍යංජන සාදා ආහාරයට ගන්න.

• කඩල, මුං ඇට, කව්පි, සෝයා බෝංචි මේවා තම්බා ආහාරයට ගෙන තැම්බූ වතුර පානය කරන්න.

 ගැබිනි මවකට අගුණ ආහාර වර්ග...

• බටු, බණ්ඩක්කා, මෑකරල්, පුහුල්, ලබු, අච්චාරු

• සැමන්, බල කරවල, අන්නාසි, ගස්ලබු නිතර ආහාරයට නුසුදුසුයි.

• සුදුළූණු ද නිතර ආහාරයට යෝග්‍ය නොවේ.

• උණුසුම් වතුර බොන්න එපා.

• නිතර නිතර බර ආහාර ගැනීමෙන් වළකින්න.
උදා:- කොස්, මඤ්ඤොක්කා

• ඌෂ්ණාධික ආහාර ගැනීමෙන් වළකින්න.
උදා:- ඉස්සන්, දැල්ලන්

• අධිකව මිරිස් යෙදූ ආහාර කෑමෙන් වළකින්න.
උදා:- මාළු, ඇඹුල් තියල් ආදිය