චන්දන බලා ලාක්ෂාදි තෛලය

සුදුහදුන් බැවිල මුල්
කැප්පෙටියා ලාකඩ හීන් නිදිකුම්බා මුල්

මේවා නැළි 4ක් ගෙන ජල නැළි 32 ක ලා නැළි 8ට සිදුවා පෙරාගත් කෂායට තලතෙල් නැළි 4ක් බහා පහත සදහන් කල්ක ඖෂධ අඹරා දමනු .

සුදුහදුන් සැවන්න මුල් වැල්මී
හාතාවාරිය අල කටුකරෝසන දේවදාර
වියලි කහා කොට්ටං වැල්මදට
අඟිල් එළවාලුකා අමුක්කරා
බැවිල මුල් වෙනිවැල් ගැට මුරුවා මුල්
කලාඳුරු මුලු අල එන්සාල්
කුරුඳු පොතු නාමල් රේණු හීන් අරත්ත
කැප්පෙටියා ලාකඩ කොල්ලන් කොළ සපුමල්
රුක් අඟුන ඉරමුසු ගෝරෝචන

මේවා කලං 7 බැගින් කිරා චූර්ණ කොට අඹරා තෙලට බහා ඊටම එළකිරි නැළි 4ක් ද දමා පදමට තෙල සිඳ බා නිවුන පසු ප්‍රයෝජනයට ගතයුතුය.

ගුණාගුණ : මේ හිසගැල්වීමට ගෑමට මැනවී.සප්ත ධාතු වැඩේ,කාසශ්වාස,ක්ෂය නසයි .වමන නසයි.අඝෘග්දර,රත්පිත,පිත් සෙම් රෝග සුවවේ.සිරුර කාන්තිමත් කරයි,දාහය නසයි,කැසීම් බිබිලි ,හිසේ ඇසේ දෙඅත් දෙපාහි දාහය නැති කරයි.