නවනාථ සිංහ තෛලය



අද කියලා දෙන්න යන්නේ තවත් දුර්ලභ වටිනාකමක් ඇති තෙල් වට්ටෝරුවක් සම්බන්ධ කරුණු ටිකක් මෙහි කිසිදු කරුනක් සගවා නැති ,මෙය ආයුර්වේද ලියාපදිංචි වෛද්‍ය වරයෙකු ලවා සකස් කර ගන්න .....

අළුපුහුල් ඉස්ම නැලි අටයි , ඉඳි අල නැලි දෙකයි ,අන්නාසි ඇඹුල් නැලි දෙකයි ,තැඹිලි වතුර නැලි දෙකයි ,එලකිරි නැලි දෙකයි ,
මුගුණුවැන්න,හාතාවාරිය මුල්,දෙළුම් ඇට,වල්කිඩාරම් අල,කලාදුරු අල,මේ හැම පත පතයි,දෙසි ඇඹුල් මනාව යි මේ සියල්ල සැළියක ලා තුන් දිනක් කකාරා,පත හතරට සිදුවා එළගිතෙල් නැලියක් ද තලතෙල් නැලියක් ද⁣,කෙිහොඹතෙල් පතක් ද,මීතෙල්  පතක් ද,ගෙනකසායට වත්කර,දවසක් කකාරා,සදුන් පලම් දෙකකුත් වැල්මී පලමකුත් පෙරුම්කායම් දේවදාර වෙඩිලුණු ,ලේවාලුණු,සවිඳලුණු,සුවසලුණු,
බළල්ලුණු,යවකාර ලුණු  කලන් තුන තුනක් ගෙන දෙදුරු,මාදුරු,ඉගිනි ඇට කලඳ බැගින් ගෙන හොඳට අඹරා  තෙලට දිය කොට දවසක් හැර පසුදා එළගොම උඩට බා පෙරා සත් පැයකට පසු,කොට්ටම්, හිඟුරුපියලි,
කට්ටකුමංජල්,උරුලෑසට්ටන්,හල්දුම්මල,යන මේවා එක වගෙන් කලඳ බැගින් ගෙන තෙලට දමනු .
නවනාථ සිංහ තෛලය ..

මෙහි ගුණ නම් ...

සියලු සන්නියට යහපති..
සිංහාසන නැගීමට ..
රාජවශියට..
සතුන්ගෙන් වන උපදාවලට..
යකුන් දැපණේ හෙලන්නට,පාළු යකුන් දුරු කරන්නට ගිනි පිරිතින් ගල් තෙල් මතුරා ගෙදර වලලනු,ආරක්ෂාවට ...