සන්නි තෛලය

යක්වනස්ස මදුරුතලා නාරං
යක්බේරිය යකිනාරං හාතාවාරිය
කොහොඹ එඬරු සන්නිනායම්
දොඩම් යකා බැඳි වැල් තුඹ
කුඹුරු පඹුරු වරා
වං ඇපල දෙහි වේලා

සෑදීම: මෙකී ද්‍රවයන්ගේ මුල් ගෙන වෙන වෙනම කොටා මිරිකා යුෂ නැළි 1බැගින් ගෙන මීට එඬරු තෙල් තලතෙල් නැළි 2ක් බහා කල්කයට -
දෙදුරු ත්‍රිවර්ග ගල්මද ගල්නහර අසමෝදගම් පෙරුම්කායම් කොහොල්ලෑ දේවදාර වැල්මි ඉගුරු වදකහා සතකුප්ප පල්මාණික්කම් තුත්තම් සුදුළූණු කොට්ටං ගම්මිරිස් තිපල් කුරුඳු පොතු මේවා සමසේ ගෙන අඹරා දින 3ක් කකාරා සම පාකයට බා පෙරා ඇඟගානු.

ගුණාගුණ : සියලු සන්නි ,වැදූගෙයි සන්නි ,සීතල ,කෝල සන්නි ,දහ අට වලිප්පු සුව වේ. කණ වත්කරනු ,පොවනු,නස්‍ය කරනු.