දශ මූලය


1. වෘහත් පංච මූල (මහ පස් මුල්) සහ
2. ලඝු පංච මූල (සුලු පස් මුල්)වලින් සමන් විතය.
වෘහත් පඤ්චමූල (මහ පස් මුල්)
බෙලි මුල් +තොටිල මුල්+ ඇද්දෙමට මුල් + පලොල් මුල් + හීන් මිදි මුල්+එක්ව මහ පස් මුල් සෑදේ. ද්‍රව්‍ය එකක් වශයෙන් ගත්විට ඇතිවන ගුණයට වඩා වැඩි ගුණයක් ද්‍රව්‍ය 5ක් එක්වූ විට ඇතිවන බව පහත සඳහන් ශ්ලෝකයෙන් පැහැදිලිය.
"බිල්ව ශ්‍යොනාක ගම්බිරි - පඨලා ගණිකාරිකා
දීප්තං කඵ වාතඝ්නං - පංචමූල මිදං මහත්"
ලඝු, තීක්ත,කෂාය හා මදක් මධුර රස වූ මහ පස් මල් වලින් බඩගිනි වඩවයි. කඵ වාත නසයි.
ලඝු පඤ්ච මූල (සුළුපස් මුල්)
අස්වැන්න, පොල්පලා, එළබටු මුල්, කටුවැල් බටු, ගොකටු යන පහ එක්ව ලඝු පඤ්ච මූලය සෑදේ.
"ශාල පර්ණි පෘෂ්ණ පර්ණී - වෘහතීද්වය ගෝක්ෂුරම්
වාත පිත්තං හරං වෘක්ෂ්‍යං - කනීයං පංචමූලිකම්"
යනුවෙන් මෙයින් වා පිත් නසා බල කාරක ගුණය දෙන බව සඳහන්ය.
-------------------------------------------------------------------------------------මහ පස්මුල්
1. බෙලි මුල් Aegle marmelos
2 තොටිල මුල් Oroxylum indicum
3 ඇද්දෙමට මුල් Gmelina arborea
4 පලොල් මුල් Stereospermym suaveolens
5 හීන් මිදි මුල්Premna integrifolia   
-------------------------------------------------------------------------------
-සුලු පස්මුල්
6 ශාල පර්ණි Desmodium gangeticum (වෙනුවට අස්වැන්න ගනී)
7 පෘෂ්ණ පර්ණී Uraria picta( වෙනුවට පොල්පලා ගනී)
8 එළබටු මුල්,Solanum melongina
9 කටුවැල් බටු,Solanum xanthocarpum
10 ගොකටු Tribulus terrestris