බඩ පපුව දැවිල්ල සදහා නිල ප්‍රතිකාරය.

බඩ පපුව දැවිල්ල සදහා නිල ප්‍රතිකාරය.

අද සමාජයේ බොහෝ දෙනෙක් මෙම රෝගී තත්වයෙන් පීඩා විදී. කාර්‍ය්බහුල ජීවිතයක් ගත කිරීමේදී නිවැරදි කාලයට ආහාර පාන නොගැනීම, තත්වයෙන් අඩු ක්ෂනික ආහාර වලට හුරු වීම වැනි පුරුදු නිසා මෙම ආමාශය සම්බන්ධ රෝග වලින් පෙලේ. මෙම රෝගය සදහා සහනයක් දෙන නිල තෙරපුම් ක්‍රමයක් මම අද ඔබට හදුන්වා දෙනු ලබනවා. මෙම නිලය පිහිටන්නේ යට්පතුලේ මහපට ඇගිල්ලේ පහල කෙලවරේ හරි මැද සිට විලුඹ දෙසට පලමු මස වෙන්වන තැන. මෙය ඔරලෝසු කටුව කැරකෙන අතට රළු සම්භාහනයක් මගින් විනාඩි 10 ක් පමණ රවුමට තෙරපන්න. උදේ සවස පාද දෙක මාරු කරමින් කරන්න. ආමාශගත රෝග වලට ක්ෂනික සහනයක් ලැබෙයි. අප සමග එක් වී ඉතා දුර්ලභ තෙල් වට්ටෝරු ගැන, වෙනත් ඖෂධ ගැන, ප්‍රතිකාර ක්‍රම ගැන දැනගන්න. හෙළ වෙදකම පිටුව හා සම්බන්ධ වී සිටින්න.

සැ.යු - මෙම ආකාරයට සුවයක් නොලැබේ නම් වස විස සම්බන්ධ පාරම්පරික වෙදමහතෙකුගේ සහය ලබා ගත යුතුය.