කාමේශ්වරී මෝදකය



මෙම මෝදකය ආධි ව්‍යාධි,එනම් කායීකවත් මානසිකවත් හට ගත්තා වූ කල් ගත වූ රෝග දුරු කරයි
ක්ෂය නාශකයි
කුෂ්ඨ නාශකයි
ශරීරය පුෂ්ඨි කරයි
කාම වර්ධකයි
රූප ශෝභාව වඩයි
කාශ හා කඵ රෝග නාශකයි
ග්‍රහණි දෝෂ නසයි
ග්‍රහ දෝෂ නසයි

අවශ්‍ය ඖෂධ

නෙල්ලි කොත්තමල්ලි
සවිද ලුනු ශටි
කොට්ටං කර්කටකසෘංගි
කට්ඵල වදකහ
තිප්පිලි නාමල් රේණු
වියළි ඉගුරු තාලිස පත්‍ර
හීන් අසමෝදගම් ත්‍රි සුගන්ධි
මහ අසමෝදගම් ගම්මිරිස්
වැල්මී අරළු
සුදු දුරු බුළු
කළු දුරු
සමභාගව ගෙන කංසා ඇට හා කොළ බරට බරක් ගත යුතුය.
ඒ සියල්ල මෙන් දෙබරක් සීනි ගත යුතුය.
ගිතෙල් හා මී පැණි අවශ්‍ය ප්‍රමාණයෙනි

සැ.යු. කංසා විෂ මාරණය කර ගත යුතුය,මෙවැනි ඖෂධ පිළිගත් වෙද මහතෙකුගේ අනුදැනුම මත සැකසිය යුතුය.