සිංහල අත් බෙහෙත්


1. සෙම්ප්‍රතිශ්යාවක් සෑදීගෙන එනවිට

අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල් බටු,කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා සීනි අනුපානය කොට පත 1/2 බැගින් උදේ සවස වඬි 4 ක් පමණ බොන්න. සහිද ලුණු අනුපානය කොට බීම වඬාත් හොදයි.


2. සෙම්ප්‍රතිශ්යා උණට


අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල්බටු,දේවදාර කළං දෙකයි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සහිඳ ලුණු අනුපානය කොට උදේ සවස පත භාගය බැගින් බොන්න.(වඩි 3 පමණ)


3. කැස්ස සහිත සෙම්ප්‍රතිශ්යා උණට


තිප්පිලි කළං 1 යි, අමු ඉගුරු කළං 2යි, බැදපු කොත්තමල්ලි කළං 3 යි, වතුර පත 8-4 සිඳුවා වී පොරි කළං 6 ක් දමා පත එකට සිඳුවා සහිඳ ලුණු කළඳක් දමා උදේ හිස්බඩ එකවර පතම බොන්න.


4. සෙම සහිත කැස්සට


අමු ඉගුරු,කටුවැල්,බටු තිප්පිලි,සුවඳ කොට්ටන් කළං 3 බැගින් ගෙන වතුර පත 8-1ට සිඳ උදේ සවස සීනි දමා වඩි කීපයක් බොන්න.


5. පපුවේ සෙමට


සරිතේක්කු,අමු ඉගුරු,කළං 6 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා පත 1/2 බැගින් සූකිරි අනුපානය කොට උදේ සවස වඩි 4 ක් බොන්න.


6. සෙම් ගෙඬිවලට


I – නිල් කටරොල් මුල්,මුරුංගා පොතු සිවිය,නිකමුල් සමව ගෙන තම්බා මී පැණි දමා උදේ සවස බොන්න.


II – මුරුංගා මුල්,ඇඹුල් දොඬම් යුෂින් ගලගා හක්කේ තියා සෙම අරින්න.


III – ගම්මිරිස් කුඬු,දිය ලුණු වතුරට දමා උගුර සෝදන්න. (සෙම්ගෙඬි නිතර සෑදේ නම් හොඳ නැත.භයානක රෝග ඇතිවිය හැකි බැවින් වෛද්යවරයෙකු හමුවන්න.


7. කල්ගිය සෙම්ප්‍රතිශ්යාවට


රසකිඳ,කටුවැල් බටු,අමු ඉගුරු,කලාඳුරු අල,සුවඳ කොට්ටං කළං 2 යි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් වඩි 4 ක් පමණ බොන්න.


8. කැස්සට


I – කටුවැල් බටු මුල්,පොල්පලා මුල්,එළබටු මුල් රසකිඳ කළං 2 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ වී පොරි කළං 4 ක් දමා එකට සිඳ උදේ සවස පත 1/2 බැගින් මී පැණි දමා බොන්න.


II – වැල් මී,මුද්දරප්පලම්,තල් සූකිරි සමව ගෙන තම්බා ටික ටික බොන්න.


9. වේලුම් කැස්සට


ආඞතෝඬා මුල්,රසකිඳ,කටුවැල් බටු කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ පත 1/2 බැගින් තිප්පිලි කුඩු දමා උදේ සවස බොන්න.


10. පීනසයට


අසමෝදගම්,තිප්පිලි,බෙලිමුල්,සිද්ධි ගුරු,බැදපු කොත්තමල්ලි,කුරුඳු පොතු කළං දෙක බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් බොන්න. (වඩි 4 ක් 5 ක් බොන්න.)


11. ඇදුමට


I – කටුවැල් බටු,සිද්ධි ගුරු,නෙඵම් ඳඩු,කර්කටගසිංගි,කලාඳුරු අල,රසකිඳ කළං 2 බැගින්ගෙන වතුර පත 8-1 සිඳ පත 1/2 බැගින් සීනි අනුපානය කොට උදේ සවස බොන්න. (වඩි 4 ක් 5 ක් )


II – පොල්පලා අස්වැන්න,කටුවැල්බටු,එඩරුමුල්,මිදි මුල්,බෙලි මුල්,ඇත් දෙමට මුල්.තොටිල්ල මුල්,එළබටු මුල්,පළොල් මුල් කළං 1 යි. මදටිය 4 බැගින් ගෙන වතුර පත 8-4 සිඳ වීපොරි කළං 12 ක් දමා පත දෙකට සිඳ තිප්පිලි කුඩු දමා උදේ සවස පත බැගින් වඩි 4 ක් පමණ බොන්න.


13. මුහුණේ තිත් ලප වලට


කටු ඉඹුල් ගහේ කටු එළ කිරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ගාන්න. උදේට ඇල්වතුරෙන් මුහුණ සෝදන්න.(සති 2 යි)


14. මුහුණේ තිත් ලප නැති වීමට


කහ,වෙනිවැල් ගැට ලොන් සුඹුලු,අබ,මනෝසිල සමව ගෙන තැඹිලි වතුරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ගාන්න. උදේට ඇල් දියෙන් මුණ සෝදන්න.

(ක්‍රිම්,පුයර වර්ග ගෑම තහනම්)


15. කුරුළෑවලට


I – ලොන් සුඹුලු,වද කහ,කොත්තමල්ලි ඇල්වතුරෙන් අඹරා ගාන්න.


II – නස්නාරං මුල්,මනෝ සීල එක පමණ ගෙන පළමුව එළගොම ඉස්මෙන් අඹරා දෙවනුව ගිතෙලින් අඹරා ගාන්න. (මනෝසීල විෂ දාව්යයකි. කටේ නොගෑවෙන්න ගෑ යුතු බව හොඳින් සලකන්න.) තිත් ලප කුරුලෑ සම්පූර්ණ නැතිවේ.)


16. මුහුණ සෞම්ය වීමට ඉතා ප්‍රත්යක්ෂ ඹෘෂධයක්


I – ගම්මිරිස් ඇට 5 යි,ගොරෝචන කළං 1 යි,ඇල් දියෙන් අඹරා දවාලට ගාන්න.


II – (කෙමකි) දිනපතා ආහාර අනුභව කොට,කතා වරක් සෝදා තුන් වරක් මූණේ අත අතුල්වන්න. කිසිදා කුරුළෑ නොඑයි.


17. කට ගඳ නැතිවීමට


ගස් කරල් හැබෝ පැළෑටි පුඵස්සාගත් අඵ,අඹකොළ ඉස්මට දමා අව්වේ කකාරා වේලා රැගෙන බුලත් සමග උදේ සවස කන්න. මනා සුවඳ හමයි.


18. කටහඩ මිහිරි වීමට


I – සිද්ධි ගුරු,වදකහ,කොට්ටම්,අරලු,වැල්මී,තිප්පිලි,අසමෝදගම්,සහ ිඳ ලුණු සමානව ගෙන චූර්ණයක් සාදා මී පැණි,ගිතෙල් සමග උදේ සවස වලඳන්න.

වරකට කළං 1/2 යි


II – බැමිතිරිය මුල්,සිද්ධිගුරු,වඳකහ,සහිඳ ලුණු සමව ගෙන කුඩුකර පිරිසිදු මී පැණියෙන් අනා උදේ සවස ටික ටික අනුභව කරන්න.

(මෙම ප්‍රතිකාර දෙකම හඩ මිහිරි වීමට ඉතා ප්‍රත්යක්ෂයි)


19. දත් ඇදෙනවාට සවිවීමට


කටුකරඞු,සමන්පිච්ච කොළ,කරඳ මුලේ පොතු කළං 6 බැගින් ගෙන කයිප්පු,සීනක්කාරං,රත් හඳුන් කළං 3 බැගින් දමා වතුර පත 16 පත 4 ට සිඳුවා දිනකට 3 වරක් වරකට විනාඩි 5 ක් වතුර කටට ගෙන කකාරා කට සෝදා හරින්න.

(දත් රෝග නසා තදින් දත් සවිවේ.)


20. අකාලයේ දත් සෙලවීමට


කයිප්පු,සහිඳ ලුණු කළං 3 බැගින් ගෙන කුඩුකර තාච්චියකට තල තෙල් තුන්කාලක් දමා එයට කුඩු දමා කාලට සිඳුවා හොඳින් නිවුනු පසුව බෙහෙත් බිදක් කටට ගෙන විනාඩි 5 ක් පමණ කලතමින් සිට කට සෝදා හරින්න.(දිනකට 3 වරයි.දත් සවිවේ.)


21. දත් කැක්කුමට


සීනක්කාරං පුඵස්සා කුඩුකර බෝතලයක දමා වතුර පුරවා තබාගෙන නිතර සොලවා කට සෝදන්න.


22. දත් පණුවන් කෑමට


I – තිබ්බටු ගෙඩි තලතෙලින් මලවා කැක්කුම ඇති පැත්තේ දත්වලින් හපා දියලුණු වතුරෙන් කට සෝඳන්න.


II – වියළි ඉගුරු,ගම්මිරිස්,පිලමුල් පොතු,දියලුණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා දත මුල තබන්න.


23. දත් සුද්ද කිරීමට


ඉඳුන බිලිං ගෙඩි කිහිපයක් ගෙන කටට දමා හොඳින් සපා විනාඩි 10 ක් පමණ බුරුසුව ගෙන දත් දෙපල මදින්න. දත් සිදුරු ආදිය හොදින් මදින්න.ඉන්පසු ඉවත් කොට තල තෙල් ටිකක් කටට ගෙන විනාඩි තුන හතරක් දත් සිදුරු ඇතුළ ආදියට හොදින් කලතා කට සෝදා හරින්න. මුතුමෙන් බැබළේ.


24. කණ් කැක්කුමට


I – නික කොළ,සහිඳ ලුණු,සුදු ඵෑණු කොටා මිරිකා හොඳින් පෙරා කණට බිංදු කීපයක් වත් කරන්න.


II – සුදු ඵෑණු,කඹුරු ඇට මඳ,පෙරුන්කායම්,සිරැස්සවාලු සමව ගෙන අඹරා කෙසෙල් කොළයක ඔතා උණු අලුපල්ලේ තම්බා මිරිකා පෙරා කණට බිංදු කීපයක් වත් කරන්න.


25. කණ පැසවීමට


I – සහිඳ ලුණු,ළපටි කපු ගෙඩි,තලතෙල් සමව ගෙන තලා පෙරා කනට බිංදු කීපයක් වත් කරන්න.


II – දෙමට මුල් පොතු කුඩු,මිරිස්ස මුලේ පොතු,වියළි කහ,මගුල් රඳමුල් පොතු තල තෙලින් අඹරා රත්කර කන ගැටේ ගා ඉස්ම බිංදු කීපයක් කණට වත් කරන්න.


III – අමු කහ,කොහොඹ කොළ කොටා ඉස්ම රත්කර බිංදු කීපයක් කණට වත්කරන්න.


26. කණේ සතෙක් ගිය විට


දියලුණු බිංදු කීපයක් කණට වත් කරන්න.


27. ඉස්හොරි


I – දෙහිගෙඩි කීපයක්,පොල් කිරෙන් තම්බා,පොඩිකර හිසේ ගා විනාඩි 30 ක් සිට නාන්න. දින 3 කින් පසු සුවවේ.


II –

ඉදුනු ඇඹුල් කෙසෙල් ගෙඩි පොඩිකර හිසේ ගා විනාඩි 30 කින් නාන්න. දින 3 කින් සුව වේ.


28. උකුණන් වඳකර ගැනීමට


I – කොහොඹ මල් අඹරා හිසේ ගා විනාඩි 30 ක් සිට නාන්න. උකුණෝ වැටෙති


II – අබ,ගොඩපර එකට තම්බා එම වතුරින් හිස සෝදා නාන්න.දින කීපයක් කිරීමෙන් උකුණෝ වඳවෙති.


29. හිසකෙස් ක්රේල්ව දිගුව වැඩෙන්නට


වලස් තෙල් 1/4 කට ඉතා පිරිසිදු තල තෙල් 1/2 ක් දමා හොදින් කළවම් කර දින 3 ක් ගියපසු,දිනපතා හිසගල්වන්න.දීර්ගව කඵපාටට කෙස් වැඩේ.


30. අකලට සුදුවෙන කෙස් කඵවීමට


කීකිරිදිය කොළ ඉස්ම පත 8 යි. නෙල්ලි ඉස්ම පත 8 යි.හොඳින් කළවම් කර රාත්රි මඳ ගින්නේ ගිණි අගුරු වලින් පමණක් රත් කර කකාරා,සතකුප්ප,සුදුහඳුන්,කංකුමප්පු,කොල්ලං කොළ,ජටා මාංශ සමව ගෙන හොඳ ප්රසිද්ධ බෙහෙත් කඩයකින් කස්තුරි පොඩ්ඩක් ගෙන (කස්තුරි මිල අධික නිසා පොඩ්ඩක් ගන්න) සමව අඹරා ඉහත බෙහෙත් බඳුනට දමා පදමට සිඳුවා හිස ගල්වන්න. සුදු කෙස් කඵවේ.


31. හිසේ කෙස් යනවාට


උදේ පමණ ඇල්වතුර නා ඉතා හොඳින් හිස පිරිමැද ඉහත ආකාරයට සුදුවන කෙස් සඳහා වූ තෙල් සාදා ගන්න. (ඉතා වටිනා ඖෂධයකි.)


32. තද හිස රුදාවට


I – ඉගිනි ඇට,අරඵ,නෙල්ලි,සියඹලා,සුදු හඳුන්,කෝමාරිකා,කුර මුල් මුකුණු වැන්න සමව ගෙන තැඹිළි වතුරෙන් අඹරා නළලේ ආලේප කරන්න.


II – සුදු හඳුන් තන කිරෙන් ගලගා රෙදි කෑල්ලක ගා නළලේ එලන්න.


III – දෙහි ඇඹුලෙන් ඉගුරු ගලගා නළලේ එලන්න.


IV – රතුඵණු විනාකිරෙන් අඹරා නළලට පැලැස්තර එළන්න.


V – කහ කුඩු රෙදි කඩක දමා,පහන් තිරයක් මෙන් සාදා ගිතෙලින් පොගවා දල්වා දුම නාසයට උරන්න.

ඉහත ප්රතිකාර කන ගමන් අමු කහ,කොහොඹ කොළ නම්බා උදය කාලයේ හිස සෝදා හොඳින් තෙත සිදුවා සිතෝදක තෛලය නිතර ගාන්න.


33. ඉරුවාරදයට


I – සුදුඵෑණු,තලඇට,සහිඳ ලුණු මී පැණියෙන් අඹරා නළලේ ගාන්න.


II – අබ,සුදු හඳුන්,අමු ඉගුරු ඇඹුල් දොඩම් යුෂින් අඹරා පැළැස්තරයක් සාදා නළලට එලන්න.


III – සියඹලා කොළ,උඳුපියලිය කොළ,රතුඵෑනු කොටා පොට්ටනි කර වන්ඩුවේ තම්බා නළල තවා(හොඳින් තවන්න)නිශාදි තෛලය හිස ගල්වන්න.


34. නාසයෙන් ලේ යනවාට


I – ගොටු ඳඞු,අසමෝදගම්,රතුඵෑනු,වළගසාල් සමව ගෙන තම්බා එම වතුරට සීනි දමා උදේ සවස බොන්න.


II – දෙඵම් මල් තලා ඉස්ම බිංදු කීපයක් නහයට දමන්න.


III – කෙසෙල් අල කොටා යුෂ ගෙන හිසේ ගාන්න.


IV – නීල්යාදි තෛලය ගෙන හිසේ ගල්වන්න.


35. නාසයේ මස් ඳඵ වලට


වියළි කෙසෙල් කැන් නැටි,රත් නිටුල්,පල්මානික්කම් සමව ගෙන දවාගත් අඵ දෙහි ඇඹුලෙන් අනා,රෙදිකඩක ගා මස් දඵවේ එලන්න.


36. නාසයේ වේලුමට


නීල්යාදී තෛලය නාසයට උරන්න.හිස ගල්වන්න.


37. අඵහම් වලට


(පළමුව සැහැල්ලු බඩ විරේකයක් කරන්න.මෙහි බඩේ රෝග සඳහා වන සැහැල්ලු විරේකයක් සුදුසුය.)

I – ඇත්තෝර කොළ යුෂ දෙහි ඇඹුල් කළවම් කර අව්වේ කකාරා ගා පැයකට පසුව නාන්න.


II – ඇත්තෝර කොළ,පේර කොළ,අමු කහ සමව ගෙන කොටා යුෂ ගෙන අවුවේ කකාරා ගා පැයකින් නාන්න.(සතියයි)



38. පණු කැවිළි දද වලට



I – ඇත්තෝර දඵ,බේත් එඞරු දඵ,කුකුරුමාං දඵ,කොහොඹ දඵ,දෙහි ඇට මද කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා උදේ සවස හොඳින් තවන්න.



II – ඇත්තෝර කොළ,දෙහි ඇට මද,සුදු ඵෑණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා බඳින්න. ගාන්න.



III – ලුනුවිල තැම්බු වතුරෙන් හෝ කොහොඹ දඵ,අමුකහ තැම්බු වතුරෙන් හෝ සෝදන්න.



39. අල්ලේ පණු කැවළි වලට



I – රත් නෙටොල් කොළ,අමුකහ,දියලුණු එකට දමා කොටා මලවා බඳින්න.


II – සියඵම පණු කැවිලි දද ඇති අය මෙම කසාය වඩි 4 ක් බීමෙන් නිට්ටාවටම සුවවේ.


40. පණු හොරි වලට


I – නිදිකුම්බා,සමදරා කොළ තම්බා සෝදා හුණු,කපුරු,කහ සමව ගෙන පිරිසිදු තැඹිලි තෙලින් අඹරා ගාන්න.


II – සහිඳ ලුණු,අරඵ,ඊතණ,කෙළිඳ හාල්,තෝර ඇට සමව ගෙන හාල් පාණු දියෙන් අඹරා ගාන්න.


41. ඉන්නන්ට


I – වලා වැන්න ඉස්ම උණුකර ගාන්න.


II – බුරුල්ල ගෙඩි පොඩිකර ඉන්නන් පිට උලන්න.



III – දියලබු නැට්ට දින කීපයක් ඉන්නාගේ අතුල්ලන්න.ගැලවේ



IV – රතුඵෑණු ගෙඩියක් කපා කැපු පැත්තට හුණු ටිකක් ගා ඉන්නා මතුපිට අතුල්ලන්න.සමේ ගාන්න එපා තුවාල වේ.


42. කට තොල සුදු කබරවලට


I – ඉරිවේරිය ගස සහමුලින් ගෙන පුච්චා අඵ ටික ඇල් වතුරෙන් අනා කබරවල ගාන්න.


II – වරා කිරි භාජනයකට ගෙන,වියළි පොත් ගෙඩිවල කිරි හා තලතෙල් ටිකක් සමග කළවම් කරන්න.තද අව්වේ හොඳට සිඳුවා රෑ නින්දට පෙර ගාන්න.


43. ගතේ සුදු කබරවලට


I – මොණර පිල්,සිවංගුරු සමානව ගෙන ගව මුත්රා වලින් අඹරා උදේ සවස සති දෙකක් ගාන්න.


II – දිවි සම පුඵස්සා ගත් අඵ මී තෙලින් අඹරා ගාන්න.


44. ඇගේ පඵ නැගුන විට කරප්පන්වලට


I – අබ තෙල් ගාන්න.නැතිනම් වාත විදුරංග තෙල් ගාන්න.



II – අමු පොල්කොළ හීනියට ඉරා ගිණි කබලක් මත දමා දුම් අල්ලන්න.


III – උණ දඞු පුඵස්සා ගත් අඵ තේ හැඳි 1 ක් පුරවා වතුර පීරිසි කෝප්පයකට දමා දියකර පෑදුනාට පසුව පෙරා එම ජලය දිනකට තුන්වරක් බොන්න.


IV – දුම්මෑල්ල,කොත්තමල්ලි කළං 6 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත 1/2 බැගින් උදේ සවස බොන්න.

(ළමයකුට නම් කළං 3 බැගින් වතුර පත 1/2 සිඳ උදේ සවස දෙන්න.)


45. බඩේ අඡීර්ණයට


I – අමු ඉගුරු උණු අඵ පල්ලේ දමා තම්බා සහිඳ ලුණු සමව ගෙන අඹරා,තිබ්බොටු ගෙඩියක් තරම් දිනකට තුන් වරක් කෑමට පැය 1/2 පෙර උණු වතුරෙන් බොන්න.


II – පොල් හකුරු,අමු ඉගුරු,මුරුංගා පොතු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා තිබ්බොට ගෙඩියක් තරම් උණු වතුරෙන් කෑමට පැය 1/2 කට පෙර බොන්න.


46. අඡීර්ණ පිච්චී යාමට


කොත්තමල්ලි,වියළි ඉගුරු,තිප්පිලි සමව ගෙන කබලේ බැද කොටා හලාගෙන කෝපි මෙන් උදේ සවස බොන්න.


47. කෑම අරුචිය


I – රතුඵෑණු,සුදු ඵෑණු,අමු මිරිස්,දියලුණු,ගම්මිරිස් සුදුසු පරිදි ගෙන කරපිංචා කොළ ටිකක් කබලේ බැද එයට දමා දෙහි ඇඹුලෙන් අඹර බත් සමග කන්න. (ළමුන්ට වුවද දීමට හැකිනම් ඉතා හොඳයි)


II – අමු ඉගරු,සහිඳ ලුණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා කෑමට පැය භාගයකට කලින් තිබ්බටු ගෙඩියක ප්රමාණයක් උණු වතුරෙන් දියකර බොන්න. දිනකට 3 වරයි.


48. බඩේ දැවිල්ලට


I – රසකිඳ,කොහොඹ පොතු,දුම්මැල්ල තම්බා ගත් වතුර සීනි දමා උදේ සවස බොන්න.


II – ආඩතෝඩා කොළ,නෙල්ලි,බාර්ලි සමව ගෙන තම්බා සීනි දමා උදේ සවස බොන්න.


III – පුහුල් මද ඉස්ම බොන්න.


49. මෙම කසාය බොන්න


කොත්තමල්ලි,වියළි ඉගුරු,කළාඳුරු අල,බෙලිමුල්,ඉරිවේරිය කළං 2 යි මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත 1/2 බැගින් උදේ සවස බොන්න.


50. කිරි පණුගායට


පෙරුම්කායම් කුඩු,වළගසාල් කුඩු කළඳ බැගින් කළවම් කර සුදුඵෑණු ඉස්මෙන් කළඳක් හිස් බඩ අනුභව කරන්න.

ඉන්පසු ගොටු දඞු තැම්බූ වතුර පතක් හිස්බඩ බොන්න.

(පණුවන් වැටේ. ඉතා වටිනා ප්‍රතිකාරයකි.)

51.ඇස් පෙනිම දුරුවල අයට

1.දොඹදළු මිටක් ගෙන වතුර පත දෙකක් දමා එකට සිඳ පෙරා අැස් සෝදන්න. (සතියකට වරක් කිරීම සෑහේ.)

2. හීන් අරත්ත අල, අරළු බුළු ,නෙල්ලි මේවා කලං තුන බැගින් ගෙන වතුර පත 8 - 1ට සිඳ පෙරා මී පැණි දමා දෙවේල බොන්න.

52.දත් බෙහෙත්

    1. අරළු ,කරුංකා පුච්චලා දත් මදින්න

   2.කටු කරඬු මුල් ,කුඹුක් පොතු ,දෙමට මුල් ,රත්මල් පොතු,කල්ලික්පාක්කු ,කපුරු ,පාවට්ටා මුල් ,රණවරා පොතු හා මුල් ,මේවා සම භාග ගෙන වේලා කුඩුකර මෙ පමණ රෝසමල් කුඩුද ගෙන කලවම් කර අනා උදේ සවස දත් මදිනු ,විදුරු මස් දියවිම ,පනුවන් වඳ වීම හා දත් සවි විමද වේ .

53.අශ්මරී රෝගයට.   (මුත්‍රා ගල්)

1.ගල් සෙවල -එනසාල් අැට- පොල්පලා මුල් - තිප්පිලි කලං එක බැගින් ගෙන කුඩුකර තැඹිලි ගෙඩියක අසුරා රාත්‍රියට පින්නේ තබා උදේට පෙරා හිස් බඩ බොන්න.

54. නාසයෙන් ලේ වැගිරෙනවාට

1. උක් දඬු - අාඩතෝඩ දළු-දෙළුම් කොළ - මෙයින් ලැබුණ දෙයක යුෂ නස්න කරන්න. දෙළුම් මලක් වියළි කහසමග අඹරා නස්න කරන්න

55. ගෝණුසු විෂට

1.කොහු ලණුවක් පුච්චා ගත් අළු පොල් තෙලින් අනා ගාන්න.
2.කටුපිට යුෂ සීනි සමඟ බොන්න.
3.සුලුකුර යුෂ බොන්න.

56. පත්තෑ විෂට

1.පැපොල් මුලක් අඹරා ගාන්න.
2.කොහු ලණු පුළුස්සා පොල්තෙලින් අනා ගාන්න.
3.සස්සඳ මුල් ඇල් දියෙන් අඹරා ගාන්න.
4.ඉත්තෑ කූරක් පුච්චා ගත් අළු පොල්තෙලින් ගාන්න.

57. දළඹු විෂට

1.ගැටතුඩ, අමු කහ කොටා යුෂ ගාන්න. පරණ පොල්තෙල් ගාන්න.

58. මඤ්ඤොක්කා විෂට

1.අමු ගස්ලබු තම්බා කන්න. පේර කොළ ඉස්ම හෝ බුළු ගෙඩියේ පොතු තැම්බු වතුර බොන්න.

59. මත්පැන් විෂට

1.දෙහි ඇඹුල් මේස හැඳි 04ක් හෝ ඉඟුරු පියලි තැම්බු වතුර මේස හැඳි හතරක් බොන්න දෙන්න. නර මුත්‍ර පොවන්න.

60. නියගලා විෂට

1.අළු කෙසෙල් අල ඉස්ම හෝ කොහිල අල ඉස්ම බීමට දෙන්න.

61. කංසා විෂට

1.කලටි පොල් කිරි, පැණි දොඩම් ඉස්ම බොන්න. ඇඹුල් කෙසෙල් හෝ ඇඹුල් කෙසෙල් හෝ වට්ටක්කා තම්බා කන්න.

62. කලාදුරු විෂට

1.රතුලූණු ගෙඩියක් දෙකට කපා අතුල්ලන්න. කඩුපහර කොළ හාල්පානු වතුරින් අඹරා ගාන්න.

63. සියලු සර්ප විෂට

1.වහතැල්ල කොළ අඹරා ගාන්න.

64. ගරුඬ විෂට

1.හීං උදුපියලිය, අමු කහ ලුණු දෙහි ඇඹුලින් අඹරා ගාන්න.

65. කුණකටු විෂට

1.දෙහි කොළ පොතු කහ ලුණු ලා කොටා මලවා බදින්න.

67. කැරපොතු විෂට

1.කනහුනු ජලයට දැමු විට නඟින හුමාලය අල්ලන්න. මීමුරු උණු දියෙන් අඹරා ආලේප කරන්න.

68. ගැරඬි විෂට

1.කරවිල කොළ යුෂ පොවන්න.බරපතළ තත්ත්වයකදී වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

මළ බද්ධයට - වැල්මී - අරළු - සූකිsරි කුඩුකර මිදි සමඟ අඹරා ගුලිකර දින 2-3 ක්‌ කන්න.

69. විලුඹ රිදෙනවාට - ලිපේ අළු - කිතුල් හකුරු- රත් හඳුන් අඹරා ගාන්න. බඩ විරේක කරන්න.

1.උණු වතුරට විනාකිරි දමා විලුඹ විනාඩි 10 ක්‌ දමාගෙන සිටින්න. තණහාල් කැඳ බොන්න.

70. ඔලුව කරකැවිල්ල - නිර්ගුණපාදී තෛලය ගාන්න. (රුධිර පීඩනය අඩු වැඩි වීමද විය හැකිය.)

71.ඉරුවාරදයට - කපාලතෙල ලෝකනාථ සත්වාදී තෙල ගාන්න.

72. අත් කැක්‌කුමට - වම් අත හෘද රෝග විය හැක. හංදි තෙල් ගාන්න. අත යට අයිස්‌ කැටවලින් තවන්න. මහා මාංශ තෙල් ගාන්න.

73. අත් හිරි වැටෙනවාට - උණුදියෙන් තවන්න

සර්වාංගාදි තෙල ගාන්න.

74. හදවතේ තෙල් නම් - අමු ඉඟුරු - මුරුංගා පොතු - සුදු ළුනු කොටා ඉස්‌ම බොන්න. සීතාරාම ගුලි 02 සමඟ

75. දණහිස වේදනාවට - ශුලහර තෙල රත්කර ගාන්න.

සුදු ළුනු - නිකමුල් - ඉඟුරු කෂාය බොන්න.

76.වඳ බවට - තිප්පලි - නාමල් රේණු - ඉඟුරු- කටුවැල් බටු - ගම්මිරිස්‌ - ගිතෙලින් බොන්න.

77. කුසගින්න වැඩීමට - සෛන්ධවාදී චූර්ණය කන්න.

රාත්‍රියට ලුණු කැඳ පමණක්‌ ආහාරයට ගන්න.

78. ගල් තැලුමට - කඳුලැස්‌ස පැළෑටිය ගෙන දෙහි ඉස්‌ම හෝ ඉඟුරු ඉස්‌මවලින් අඹරා රාත්‍රි 3 ක්‌ බඳින්න.

79.කුසයේ දරැවන් හට නොගන්නා මව්වරැ

රසකිඳ..හල් දුම්මල..අමුක්කරා අල...කලං 2 සමව..කසාය හදලා

80.ගර්භණී සමයේදී කකුල් ඉදිමෙනවාට අත්බෙහෙත්

ගර්භණී සමයේදී මව්වරුන්ට නොයෙකුත් අපහසුතා වලට මුහුණ දීමට සිදුවෙනවා. ඒ අතර ඇති එක් අපහසුතාවයක් ලෙස කකුල් ඉදිමුම දැක්වීමට පුළුවන්. මේ සඳහා ඔබට පහසුවෙන් ගෙදරදිම සිදුකරගත හැකි ප්‍රතිකාර පන්තියකි මේ...

1. නික කොළ, සුදුලූණු, තෙල් එඩරු කොළ, කොට්ටපොල් සමව ගෙන කොටා පොට්ට්නි දෙකක් සාදා වණ්ඩුවේ තම්බා තවන්න. පසුව පිණ්ඩ තෙල් ආලේප කරන්න.

2. සතකුප්ප, ඉඟිනි ඇට, කුඹුරු ඇට මද මේවා සමව ගෙන කොටා එළඟිතෙලෙන් අඹරා ආලේප කරන්න.

3.වැල්මී කුඩු, මහරී ඇට, සුදු හඳුන්, එන්සාල්, ජටාමාංස, කොට්ටං සමව ගෙන සියඹලා කොළ යුෂින් අඹරා කබලේ රත්කර ආලේප කරන්න.

4.බෙහෙත් අනෝදා කොළ ඇල්දියෙන් අඹරා ආලේප කරන්න.

81.තොල් පැලී මුඛයේ තුවාල වලට

1.තලතෙල් එලිගිතෙල් මීපැණි මිශ‍්‍රකර ගාන්න

2.ගොටුකොළ, කතුරුමුරුංගා මල් එළඟිතෙල් වලින් මලවා කෑමට ගන්න.

3.සමන් පිච්ච කොල තම්බා මීපැණි දමා කට සෝදන්න

82.දෛනික ජීවිතයේ අප බොහෝ දුරට සර්ප දෂ්ඨ කිරිම් වලට ලක්  වන අවස්ථා බහුලයි.රෝගියාව වෛද්‍යවරයෙකු  කරා  ගෙන යාම තෙක් රෝගියාට ප්‍රථමාධාර වශයෙන්

1.නාග විෂට  හීන් අරත්ත අලයක් ගලවා හපා ඉස්ම ගිලීම.

2.පොලොන් විෂ නම් ගිතෙල්  මේස හැන්දක් පෙවීම.

3.අනෙකුත් විෂ සඳහා එළපිටවක්කා හෝ කරපිංචා කොළ කැඳදීම.( සියලු විෂට)

4.කෑ මුකය දෙහි පළුවක් අතුල්ලා ලේ ඉවත් කිරීම.

 5.රෝගීයා පැළද සිටින ආභරණ ඉවත් කිරිම. පැලද සිටින ඇදුම් ලිහිල් කිරිඅම.

6.පිලී අහාර, මත් ද්‍රව්‍ය  භාවිතයෙන් වැළකීම

83.අම්ල පිත්ත (ගැස්ටීස්) රෝගය සඳහා

1.බෙලි මද මීපැණි සමඟ ආහාරයට ගැනීමෙන් හෝ බෙලි දියකර මීපැණි දමා පානය කිරීමෙන් අම්ල පිත්ත (ගැස්ටීස්) රෝගය සුව කරගත හැකියි.

2.වැටකෙයියා බඩ ඉස්ම දමා කැඳ උයා උදේ හිස් බඩ පානය කරන්න. උගුරට තිත්ත රස, ඇඹුල් රස ඒම ඔක්කාරය සම්පූර්ණයෙන්ම නවතිනු ඇත.

3.උගුරට එන ඔක්කාරය හා දැවිල්ල සම්පූර්ණයෙන් නතර කිරීමට හීන් උඳු පියලිය කැඳ උයා බොන්න.

4.බෙලි දලු පවනේ වේලා කුඩුකර කෝපි ලෙස සීනි දමා උදේ පාන්දර හිස්බඩ පානය කිරීමෙන් උගුරට එන ඔක්කාරය, දැවිල්ල සම්පූර්ණයෙන්ම සුව කරගත හැක.

5.උදේ පාන්දර හිස් බඩ ඇල් වතුර වීදුරු කිහිපයක් දින ගණනාවක් බීමෙන් හා කිරිමෝරු, කිරි, මුදවාගත් කිරි, යෝගට් ආදිය ආහාරයට ගැනීමෙන් අම්ල පිත්ත (ගැස්ටීස්) රෝගය සුව කරගත හැකියි.

6.බෙලි මද සීනි දමා රාත්‍රියට පානය කිරීමෙන් උගුරට එන ඔක්කාරය, දැවිල්ල සම්පූර්ණයෙන්ම සුව කරගත හැකිය.

7.බෙලි ගැට වතුරේ තම්බා පානය කිරීමෙන් අම්ල පිත්ත රෝග සුව කරගත හැක.

8.කෝමාරිකා මද පීරිසි කෝප්ප 1/2 ක් පමණ කිතුල් හකුරු හෝ සීනි සමඟ දිනපතා උදය හිස්බඩ කන්න.

9.කැහිපිත්තං කොළ කොටා වතුර ටික ටික දමා මිරිකා පෙරා සීනි දමා රැයක් තබන්න. පසු දින වන විට එය හොඳින් මිදී ඇත. වරකට පීරිසි කෝප්පයක් පමණ හිස්බඩ උදේ හා සවස කන්න.

10.කීකිරිඳිය කොළ කොටා මිරිකා ගත් යුෂ පීරිස කෝපප 1/4 ක් එළකිරි කෝප්පයක් සමඟ සීනි දමා උදය හිස්බඩ දින කීපයක් බොන්න.

11.සහල් ටිකක් ගෙන කරවනතුරු (කලුවන තුරු) කබලේ බැද චූර්ණය කර (ඉතා සිනිඳුවට කුඩුකොට) එයින් මේස හැන්දක් බැගින් රාත්‍රියේදී උණු වතුර පතකට (අඬු කොප්පයකට) මිශ්‍රකොට වසා තබා පසුදින උදේ හිස්බඩ පෙරා බොන්න.

84.අැස්පෙනීම දුර්වල අයට

1.දොඹදළු මිටක් ගෙන වතුර පත දෙකක් දමා එකට සිඳ පෙරා අැස් සෝදන්න. (සතියකට වරක් කිරීම සෑහේ.)

2. හීන් අරත්ත අල, අරළු බුළු ,නෙල්ලි මේවා කලං තුන බැගින් ගෙන වතුර පත 8 - 1ට සිඳ පෙරා මී පැණි දමා දෙවේල බොන්න.

85.තුවාල වලට හා විෂ ඉවත් කිරීමට අත් බෙහෙත්

01 . තරමක් පැසුණු දෙහි ගෙඩියක් දෙකක් ගෙන එය සිහින් තීරු වලට කපා පොල් ස්වල්පයක් ගා සාදාගත් මිටිකිරි සමඟ හොඳින් රත්කර මිටිකිරි හිඳුනු විට දෙහි පෙති හොඳින් අඹරා එම මිශ්‍රණය යටි පතුලේ කටු ඇනීම් සීරීම් ආදිය නිසා පැසවා ඇති තුවාල වල රාත්‍රියක් පුරා ගැල්වීමෙන් විෂ සහිත ස්වභාවය ඉවත් කිරීම හා තුවාල හොඳින් පිරිසිදු කිරීමට යෙදා ගත හැකියි.

02 . මඬ කුඹුරු වතුරේ වැඩ කරන විට තුවාලයක් සිදුවූ විට එයට කරල් හැබ ශාඛයේ කොළ කටේ දමා හොඳින් සපා කෙළ මිශ්‍රණයත් සමඟම තුවාලයට තබා බැඳීමෙන් මඩ වතුර නිසා තුවාලය පැසවීම වලක්වා ගත හැකිය

03 . කිතුල් මල් කපන පිහියට කැපුණු විට කරුංකා ගෙඩියක් ගලගා එම තුවාලයේ ගෑමෙන් ලේ ගැලීම නතර වේ.

04 . දෑකැත්තට අත් හෝ පාද කැපුණු විට නියරේ ඇති වල් කොල කටින් හපා කෙලත් සමඟම කැපුණු ස්ථානයේ තැබීමෙන් ලේ ගමන නවතී.

05 . හිසේ ලේ ගලන තුවාලයක් සිදු වූ විට එයට ප්‍රතිකාර වශයෙන් පලමුව පොල් තෙල් වත්කර දුම්මල කුඩු තවරන්න. ඉන්පසු දුම්මල, වියලි කහ, වෙනිවැල් ගැට කුඩු එක තරමට ගෙන තුවාලය මත තවරන්න.

06 . බැඳිහාල් කුඩු ගිතෙලින් අනා ආලේප කරන්න. ශරීරය උෂ්ණාධික නිසා ඇතිවන බිබිලි (දහඩිය බිබිලි) ආදියට ලොකු කුඩා කාහටත් ගුණදායකය

86.හදවත් රෝග වළක්වා ගැනීමට සුදුසු අත්බෙහෙත් කිහිපයක්

 සුදුළූණු, උළුහාල් තම්බා බීම
 සුදුළූණු කොල්ලු තම්බා බීම
 කුඹුක් පොතු, තොටිල පොතු තම්බා බීම
 බෙලි මුල්, බැබිල මුල් තම්බා බීම
 මදුරුතලා කොළ, බෙලි කොළ තම්බා බීම

        ඔබත් මෙවැනි ආහාර ප්‍රබේධයන් භාවිතයට ගන්නවනම් හදවත් රෝග වලින් මිදිමට හැකිය....

• සියලුම ඇඹුල් සහිත පලතුරු සහ එළවළු
• අඹ            • ඇඹරැල්ල    • බෙරිස් වර්ග
• කූඩලු දෙහි/වල් දෙහි
• කරඹ        • සියඹලා       • ගොරක
• මසන්        • දෙළුම්          • නාරං
• දොඩම්       • නෙල්ලි         • උගුරැස්ස
• සුදුළූණු   • රතුළූණු      • පොල්
• පුහුල්        • මුද්දරප්පලන්  • ඇඹුල් ඇඹිලිය
• ගැටතුඹ   • තම්පලා       • කූර තම්පලා
• අබ පලා    • තල               • කොල්ලු
• බාර්ලි         • මුං                • මෑ
• තක්කාලි    • සාරණ         • නිවිති
• ගොටුකොළ  • කුඩා මාළු   • හරිත තේ
• කහපාට, දම්පාට, තදකොළ පාට එළවළු..

87.මව්වරුන්ට තණ කිරි වැඩීමට.

හාතාවාරිය අල ,සැවැන්දරා මුල් ,උක්දඬු,බැබිල මුල්,කිරි අගුණ මුල් ,මී පුප්,වැල්මී ,ඉරමුසු මුල් කලං 1 1/ 2 බැගින් පත 8 -1 සිඳ පෙරා පත දෙවේල බැඟින් උදයට සහ සවසට පානය කරන්න.

ඊටම

අමුක්කරා අල,කිරිබදු අල,හාතාවාරිය අල ,බැබිල මුල් කලං 3 බැගින් වතුර පත 8-1 ට සිඳ පෙරා පත දෙවේල බැගින් සීනි දමා උදේ සවසට බොන්න.

( මී පැණි මිශ්‍ර කර සාදාගන්න)

88.රත්පිත් ගතිය රක්ත වාතය උෂ්ණාධිකම ශරීරයේ වැඩි අයට නිතර සෑදෙන රෝගයක් තමයි මුහුණේ කුරුලෑ ඇතිවීම .

කුරුලෑව සමහරු ඇඟිලි තුඩින් මිරිකලා මුහුණපුරා කළුපාට ලප කැළැල් ඇතිවෙනවා .

සුදු හඳුන් කුඩු එළගිතෙලින් අඹරා ගෑම ඉතා හොඳ තාවකාලික ප්‍රතිකර්මයකි.

රාත්‍රි නින්දට යන විට කලාදුරු අල හොඳින් සුද්ද කර එළකිරෙන් අඹරා රාත්‍රිය මුහුණේ ආලේප කිරීම තවත් වැදගත් ප්‍රතිකර්මයකි .

වද කහ වෙනිවැල් ගැට එක තරමට ගෙන එළ කිරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ආලේපකර උදේට සෝදා හැරිය යුතුයි .

තදටම මූණ පුරා කුරුලෑ ඇත්නම් හීන් උදුපියලිය යුෂින් සුදුළූණු අඹරා මීපැණි දමා මුහුණේ ආලේප කරන්න .

එය පැය කිහිපයකින් යාන්තම් රස්නය ඇති වතුර දමා සෝදා හරින්න .

මෙම ප්‍රතිකර්ම කරන විට ඖෂධ වර්ග හොදින් සෝදා පිරිසිදු කර වේලා ගත යුතු බැව් විශේෂයෙන් සලකන්න

.