මහාමාස තෛලය

උදු දෙනැලියක් බෙලි, මිදි, පලොල්, ඇද්දෙමට, අස්වැන්න, පුස්වැන්න, එළබටු, කටුවැල්බටු, නෙරෙංචි මුල් මෙයින් පනසපලමක් එළුමස් තිස්පලමක් දිය ද්‍රෝනයක ලා සතරෙන් එකට කකාරා තලතෙල් නැලියක එළකිරි සතරනැලියක් බහා වදුරු මෑ, එඩරු, හාතාවාරිය, තුං ළූනු, ජීවක, වැල්මදට, සිවිය, රත්නෙටුල්, ඇද්දෙමට, ත්‍රිකුළු, තිප්පිලි මුල්, අරත්ත, වැල්මී, සයින්දවළුනු, දේවදාර, රසකිද, කොට්ටම්, අමුක්කරා, වදකහ, සිගුරුපියලි මේවා තුං කලද බැගින් අඹරා කල්ක ලා මද ගින්නේ කකාරා ගත් තෙල, පක්ෂගාත අර්දවාත බිහිරියෙහි හනුපූට්ටුවෙහි කන්නාදයෙහි හිසරුජායෙහි තුංදොස් ඇදිරියෙහි අතුල්පතුල් හිසෙහි බොටුවෙහි (රෝගයන්හි) කරකැවිල්ලෙහි මන්දචංක්‍රමයෙහි කලායකජයෙහි කොරබැව්හි ගුද්‍රසියෙහි අවභාහු රෝගයෙහි බීමෙහිද වස්තියෙහිද එසේම ඇග ගෑමෙහිද නස්‍යයෙහිද ඇස්කන් පිරවීමෙහිද මේ තෙල පසන්නාලදි සියළු වාත පහවේ.

සැයු - ඔබ මේ පිළිබදව දැනුමක් නොමැතිව මෙම තෙල සකස් කරගන්නවා නම් ඇගගෑම පමණක් සිදුකරන්න.