- අපේ ගෙදර
- සිංහල අත් බෙහෙත්
- බෙහෙත් වට්ටොරු
- ප්‍රතිශය උණට
- කොරෝනා, ලොවම කැලබූ වෛරසය.
- පකාන්තා පාර්ශවය මුහුණ දෙන ගැටලුවකට ඖෂධීය පානය
- ගෙවී ගිය කාටිලේජ වර්ධනය කරන ඖෂධයක්
- දහ අට සන්නිය
- නහර ගැට ගැසීම සඳහා ශල්‍යකර්මයකින් තොරව හෙල වෙදකම මගින් නිට්ටාවට සුව
- ඉතා තදබල කැපුම් වලට
- ඔසප් ලේ පිට කිරීමට හා නැවැත්වීමට
- උග්‍ර දියවැඩියාවට
- ඉස රුජාවට ( හිස රුදාවට)
- මුහුණේ ලප කැළැල් මැකීමට
- සියලූ විෂ නසා ශරීරයේ මේදය ඉවත් කර පිළිකා වලකන
- මුලවාතයට අග්ගලා
- කල් ගතවූ කැස්ස සහ සෙම සමණයට හදාගන්නට චූර්යක්
- දරුවාට පාඩම් අමතක වෙනවාද
- ශරීරයේ ගිනියමට හා පිත් විකාරයට බෙහෙත්
- ප්රත්යක්ෂ විනරාජ කසාය
- ප්රත්යක්ෂ විරේක කසාය
- හිරිවාත කසාය
- මලබද්ධ කසාය
- ලේ ශුද්ධ වීමට කසාය
- ශරීරයේ ගිනියමට, අම්ල පිත්තයට, මුත්රාදාහයට හා පිත් විකාරයට කසාය
- අර්ෂස් වලට බෙහෙත්
- මෝරු පානය
- අෂ්ට නාග ගුලිය
- අලුහම් නිට්ටාවට සුව වීමට කසායක්
- ඇස් පෙනීම වැඩි දියුණු කරන ස්වාභාවික බෙහෙත් වට්ට්ටෝරුවක්
- ඇහේ මස්දලු වලට ප්‍රතිකර
- හිස් හොරිවලට බෙහෙත්
- මුත්‍රාශයේ හා වකුගඩුවල ගල් වලට
- කාමදේව ඍතය
- නවරත්න කල්කය
- තුන්දොස් නසා ශරීරය ප්‍රකෘතිමත් වීමට
- කකුල් පැලෙනවටයි යටි පතුල් දැවිල්ලටයි ප්‍රතිකාරයක්
- ත්‍රිඵලාදි ඝෘතය
- දරුවන් ප්‍රමාද අයට සිංහල බෙහෙත්
- තයිරොයිඩ් ග්‍රන්තිය ඉදීමීමට
- ඌදුගොවුවා කනවට බෙහෙත්
- කාම සුන්දරී වටී
- කාටිලේජ වැඩෙන්න තියෙන බෙහෙත්
- මුරාදි ධූපය (දුම් දීමට පමණයි )
- අධි රුධිර පීඩනය
- දියවැඩියවට බෙහෙත්
- දියවැඩියා කසාය
- පිනසට බෙහෙත්
- ගෙඩිවලට
- සර්ප වෙද පොත
- රත කල්කය
- ආම පාචනයට කසායක්
- සන්ධී කැක්කුමට
- පුහුල් කල්කය
- දද කුෂ්ඨ වලට
- ඩෙන්ගු වලට බෙහෙත්
- සර්ප විෂට මන්ත්‍ර හා අත් බෙහෙත්.
- කුමාරොචණය ඹෂධය (සිංහලේ තුන පහා)
- ශ්‍රී ප්‍රතාප ලඬෙකශ්වර රස
- පිළිකා වලට බෙහෙත්
- භාහිර පිලිකා වල කොස්ස ගැලවීම සදහා ඖෂධ පියවර වශයෙන්.
- බිළිඳු උණ
- රාමපාණ ගුළිය
- සිවායං ගුලිය
- චන්ද්‍ර කල්කේ
- සොභාවික සේලයින් සාදා ගනිමුද
- කාමේශ්වරී මෝදකය
- සොම ගෘතය~ (ගර්භ රෝගවලට )
- බිල්වාදී චූර්ණය
- වාත රෝග සදහා යොදන ඖෂධ
- නහර ගැටගැසුම්
- නෙළුම් අල කෂාය.
- අභයාදි ගුග්ගුලුව
- ශෘංගයාදී චූර්නය
- සරප දෂ්ඨනයකදී ලබාදීමට වටිනා ඖෂධ බෙහෙත් ගුලියක්
- සරස්වති ගෘතය
- ගල් තැලුමට
- දහඩිය ඟද ප්රශ්නය
- වා අනුලෝම කර වාතයේ න්යාබල බිදින ඖෂධ
- සිංහල කැඩුම් බිඳුම් වෙද පොත (1 වන කොටස )
- සිංහල කැඩුම් බිඳුම් වෙද පොත (2 වන කොටස )
- ඇඟිලි හිරි ගතිය, ඇඟිලි පුපුරු ගැසීම වේදනාව නැතිකරන වෙදකමක්
- ආයුවෙද අක්ෂිරෝග චිකිත්සා
- තරබරුවට
- කෙට්ටු අයට මහත්වෙන්න
- මව් වරුන්ට කිරි වැඩීමට
- දද ,හොරි, වන, කුෂ්ට, ආදි චර්ම රෝග සදහා
- දුෂිත වු පිත අම්ල පිත්තය
- කාම සුන්දරී වටී (ශුක්‍ර ස්ථම්භනයට)
- ශීරීෂාදී ධූපය (දුම් දීමට )
- තෛලය වට්ටොරු
- සර්ව විසාදී තෛලය
- හිසෙහි ගැල්වීම සඳහා තේලක්
- කේස වර්ධනාදි තෛලය
- අකාලඵලිත තෛලය
- ලිලාන් සෙනරත් මහතාගේ ආතරයිටිස් හා හන්දි තෙල
- මහ ගුරුළු රාජ තෛලය
- කුඩා දරුවන්ගේ මාන්දමට තෙල
- අශ්වගන්ධ තෛලය
- භෘංගාමාලක තෛලය
- සන්නි තෛලය
- කබර රෝගයට තෛලය
- චන්දන බලා ලාක්ෂාදි තෛලය
- මහා හන්දි තෛලය
- සරස්වතී තෛලය
- බාල සරස්වතී තෛලය
- මහා නාලිකෙර තෛලය
- ප්‍රසාරණී තෛලය
- මහා සන්නිරාජ තෛලය
- මහාමාස තෛලය
- මහා බලගතු කොර තෛලෙහි
- චන්දාකාන්ති තෛලය
- සියලු දද කුෂ්ටාදියට තෙල
- විදුරාසන තෛලය (සන්නි ගඩුවට)
- මහ තුවාල තෛලය
- තැල්මට හා ලේ පිරුම් වලට යහපත් තෙල
- දිව්‍ය රාජ තෛලය
- කන්ඨමාල තෛලය
- වාත පලිප්පු තෛලය
- අඳු තෛලය
- මන්ත්රීරාජ තෛලය
- ලක්ෂ්මි විලාස තෛලය
- නෛර්ග්ගුණ්ඩ්යාදී තෛලය
- නවනාථ සිංහ තෛලය
- නාරායන තෛලය
- පිණ්ඩ තෛලය
- නීල්‍යාදී තෛලය
- කරවීරාදි තෛලය
- සිද්ධාර්ථ තෛලය
- ඉරිමේදාදිය තෛලය
- මහා ගඩුරාජ තෛලය
- කේශවර්ධනී තෛලය
- පීනස් තෛලය (සියලු පීනසට )
- ශ්‍රි පර්ණ තෛලය
- ධන්වන්තර තෛලය
- වාත රාක්ෂස ප්‍රමේහ රාජ තෛලය
- මහා විකාර තෛලය
- අග්‍රරාජ තෛලය
- මහා හෙණරාජ තෛලය.
- මහා රාජතරංගනී තෛලය
- මහා හිරු දැපන තෛලය
- මහා යක්ෂ භූත තෛලය
- ශ්‍රී විෂ්ණු රාජ තෛලය
- ප්‍රාණ ජීව තෛලය
- ත්‍රිඵලා තෛලය
- ශූලහර තෛලය
- විස නීල තෛලය
- මහා සන්නි දිව්‍යරාජ තෛලය
- ශ්‍රී ගණේෂ තෛලය
- සීතෝදක තෛලය
- නිර්ගුණ්ඩ්‍යාදී තෛලය
- සත්ව වෙදකම
- සිංහල වෙද කම පිලිබද කරැණු
- සිංහල වෙදකම හෙවත් හෙළ වෙදකම
- හෙළ වෙදකමේ නාඩි පරික්ෂාව
- මිනිස් සිරුරෙන් බිදක්
- හෙළ ඔසු ගැටපද
- ගුණේ ඇති හෙදකමයි ආදිවාසී වෙදකමයි
- නිරෝගීව වසර 100 ක් ජීවත් කරවන ඌෂ පානය
- කුෂ්ඨ රෝගය ( දේශීයායුර්වේද විග්‍රහය )
- හෙළ වෙදකම , ආයුර්වේද වෙදකමේ රහස් නම් වලින් එන ඖෂධ...
- දණහිසේ වේදනාව හේතු සහ පිළියම්
- තෘණ පඤ්ච මූලය
- ශ්විත්‍ර හෙවත් සුදුකබර රෝගය
- තෛල ගුණ
- ඇස් වෙදකමේදී පාදයේ මහපටැඟිල්ලට බෙහෙත් බඳින්නේ ඇයි ?
- ත්‍රී දෝෂයෙන් ප්‍රධාන වාතය
- තැපෑලෙන් පිහිනනවාට වඩා තැපෑලෙන් බෙහෙත් කිරීම අනතුරුදායකයි
- ආයුර්වේදයේදී ප්‍රතිකාර කරන්නේ රෝග නිධානයටයි.නැතිව රෝග ලක්ෂණ වලට නොවේ.
- සුව කළ හැකි පීනස් රෝගය
- දෙසඳුන් කල්කය වාරණ කරනා - රහස කිමද අද බටහිර වෙදනා
- කුරුලෑ සුවයට මෙන්න සිංහල බෙහෙත් වට්ටෝරුවක්
- බඩේ දැවිල්ලයි - උගුරට ඒමයි - කෑමයි බීමයි-දෙන දුක මේකයි - අම්ලපිත්තය හඳුනාගමු.
- සරස්වතී තෛලය සම්බන්ධ කරුණු ටිකක්
- පලමක් , ප්‍රමාණ ගැරෑමි වලින් කියද
- පස් පන්ගුව
- අහාර මනා පාලනයකින්, නිල තෙරපුම මගින් හා දේශීය ඖෂධ භාවිතයෙන් දියවැඩියාව නිට්ටාවට සුවකල හැකිය.
- අත් හිරි වැටෙන කැක්කුම්, වාත අමාරු,ඔපරෙශන් කරන්නේ නැතුව නිල ප්‍රතිකාර මගින් විනාඩියක් වගේ කෙටි කාලයක් තුළ සුව කර ගන්නේ මෙහෙමයි
- වේදනා නාශක භාවිතයෙන් තොරව සිරුරේ ඇතිවන වේදනා සමනය කරගැනීමට
- මොකද මේ කේන්තියෙන් අර්ශස් හැදිලද?
- අමනුෂ්‍ය උපද්‍රවයන් හා එහි රෝග ලක්ෂණ හදුනා ගනිමු
- බඩ පපුව දැවිල්ල සදහා නිල ප්‍රතිකාරය.
- අක්මාවේ මේදය ඉවත් කරන හෙළයන්ගේ පාරම් පරිකව කුළුබඩු වට්ටෝරුව
- අක්මාවේ තෙල් තැම්පත්වීම හෙවත් Fatty Liver සුව කර ගන්නා අයුරු.
- පීනස් රෝග හා සෙම් රෝග වලින් මිදීමට....
- විස්මිත හෙළ වෙදකමට පිළිකාව අභියෝගයක් ද?
- පාරම්පරිකව පැවත ඒන කෙම් ක්‍රම කිහිපයක්
- විෂ චිකිත්සාව
- භග්න චිකිත්සාව හෙවත් කැඩුම් බිඳුම් වෙදකම
- අර්ශස් රෝගයෙන් මිදීම සහ වළක්වා ගැනීම.
- කශේරුවේ නිරෝගීතාවයට නිවැරදි ඉරියව් සහ චර්යා පැවැත්ම.
- රුධිරයේ සීනී මට්ටම සහ දියවැඩියා රෝගය පාලනය සදහා උපදෙස්.
- අකලට හිසකෙස් සුදු වීම සහ වැටීම වලක්වා ගන්නේ කෙසේද?
- ඇද කුද නැති - අපේ වෙදකම
- සැමට වද දෙන පීනස.
- නස්නය පිළිබඳව ලියූ කෙටි සටහන...
- දරුපල නැතුව ලතවෙනවද?
- කොලෙස්ටෙරෝල් පාලනයට කායමක් ගෙදරදිම හදා ගමුද?
- සිංහල/ආයුර්වේද වෙදකමෙහි නිතර භාවිත වන ඔබ දැන සිටිය යුතු ඔබට නුහුරු වචන...
- දශ මූලය
- කන් පිරිසිදු කරීම .
- ආයුර්වේදයේ දිව ඔසු මඟින් වකුගඩු රෝග සුව කරන හැටි කන් පිරිසිදු කරීම .
- හෙළ වෙදකමේ අස්ථි භග්න සුව කරන්නෙ මෙන්න මෙහෙමයි.
- ඉක්කාව
- දියවැඩියාව, පිළිකා රෝග ආදී නොයෙකුත් රෝග සමනය කරන පාරම් පාරික දේශිය සහල්
- තෘණ පඤ්ච මූලය
- වමනකාරක ද්‍රව්‍යයෝ 1
- කටුපස්මුල්
- බොහෝ දෙනා වර්තමානයේ බලන්නෙ වෛද්‍යවරයකු ලඟට නොගොස් බේතක් කරබැලීමටය
- විස්මිත හෙළ වෙදකමට පිළිකාව අභියෝගයක් ද?.....
- පුරාණ වෙදකම් වල අරුමය
- ඔබ දැන සිටිය යුතුම ගැබිනි මවකට සුදුසු නුසුදුසු ආහාරපාන
- ෂඩ් රසය වැදගත් වන්නේ ඇයි?
- ඖෂධ පැලැටි වර්ග
සැමට වද දෙන පීනස.
මෙය ආයුර්වේදයේ ශාලාක්‍ය තන්ත්රය (උගුර කන නාසය පිලිබඳ වෙදකම) යටතේ එන නාසා රෝග වලින් එකකි. අද ඒ පිලිබඳව කතා කරමු.
පීනස් රෝගය ගැන මතුපිටින් අප දකින්නේ ඇස්, කන් කසන නිතර සොටු දියර ගලන, නිතර කිවිසුම් යන, හිසේ බර ගතිය ඇති කරන හිස කැක්කුම් දෙන රෝගයක් ලෙසයි. මෙයත් බෝ නොවන රෝග අතරට යන රෝගයක්.
පීනස් රෝග වර්ග 18 ක් තිබෙනවා. කුඩා, මහලු, ස්ත්‍රී පුරුෂ හැම කෙනකුටම පීනස වැළඳෙනවා. ශරීරයේ හිස ප්‍රදේශයට සම්බන්ධ සුළං නාල, එනම් ගලනාලය, ශ්වාසනාලය යනාදියෙහි ශ්ලේෂ්මල පටල නමැති තුනී පටක ආසාදනය වීම මේ මගින් සිදුවෙනවා. ඒ ක්‍රියාවලිය ගෙලෙහි අභ්‍යන්තරයට ඉතා නරකට බලපානවා. ඇස්වලට හා කන්වලට මහත්සේ පීඩා දෙනවා. පීනස සමඟ සමගාමීව උණ, උගුරේ දැවිල්ල හෙවත් ග්‍රසනිකා දාහය යනාදියන් හට ගන්නවා. පීනස මගින් නිපදවන සෙම් එක්කෝ නිතරම ගලා යනවා. එහෙමත් නැත්නම් හිරවෙනවා. කල් තබා සුව කර නොගත්තොත් මෙය නිදන්ගත රෝගයක් බවට පත් වෙනවා.
අපි කිව්වා පීනස් රෝග 18 ක් තිබෙනවා කියලා. රෝගියාට තිබෙන්නේ කවර පීනස් තත්ත්වයක් ද කියලා හඳුනා ගන්න දක්ෂ වෛද්‍යවරයාට පුලුවන්.
රෝග නිශ්චය සඳහා අපේ වෙදකම්වල ක්‍රමවේද තිබෙනවා. රෝගියා කියන විස්තර අනුව පමණක් නොව රෝගියාගේ නාසයෙන් ගලන සොටු දියර පරීක්ෂා කිරීමෙනුත් ඔහුට ඇත්තේ කවර පීනසක්ද කියා කිව හැකියි. සමහරුන්ගේ සොටු දියර සහ අඳුරු පැහැති කැබැලි ලෙස තිබෙනවා. ඇතැමකුගේ සොටු දියර කහපාටයි. තව අයකුගේ කොළ පාටයි. තව කෙනකුගේ සොටු වතුර වගෙයි. ඒ ලක්ෂණ අයත් වන්නේ එක් එක් ආකාරයේ පීනස් රෝගවලටයි. තවත් සමහර පීනස් රෝගියාගේ කට ගඳ ගසනවා. දත් මුල් දියවෙනවා. මෙයත් පීනස් වර්ගයක ලක්ෂණයක්.
පීනස සෑදෙන්නෙ කොහොමද?
===========================
පීනස කියන්නේ අසාත්මිකතාව පදනම් කරගත්ත රෝගයක්. මෙය ජාන උරුමයෙන් එන රෝගයක් ලෙස ඉස්මතු වන අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම අධික ලෙස නිදි මැරීම, අවේලාවේ නෑම, අධික ලෙස නිදි මරා ස්නානය කිරීම පුරුද්දක් වශයෙන් කරගෙන යැම, ගිනියම් ආහාර දිගටම ගැනීම යනාදියෙන් මෙය වැළඳෙන්නට පුළුවන්.
නින්ද ගැන අපට ප්‍රශ්නයක් තිබෙනවා. කෙනෙක් දිනකට පැය කිහිපයක් නිදා ගත යුතුද? දවල් දවසේ නිදාගෙන රෑ අවදිවී වැඩ කිරීම නරකද? සමහරු ඉන්නවා දහවල් සහ රාත්‍රියේ ටික ටික නිදාගන්නවා. එය කොතරම් දුරට සුදුසුද?
නින්ද කියන්නේ විවේකයයි. වැඩ කිරීමෙන් සහ මහන්සි වීමෙන් ගිලිහී ගිය ශක්තිය සහ ගෙවී ගිය ශාරීරික කොටස් නැවත වතාවක් යථා තත්ත්වයට පත්වන කාලය තමයි නින්ද. දිනකට කෙනකුට එක දිගට පැය හයක විතර නින්දක් අත්‍යවශ්‍යයි.
ළදරුවන් පැය 10 -12 ක් විතර නිදාගත යුතුයි. මෙය රාත්‍රිය වෙන්නත් පුළුවන්. මෙය රාත්‍රී දවාල වෙන්නත් පුළුවන්. කොහොම වුණත් දවසකට සැරයක් නිශ්චිත වේලාවක් නින්ද අවශ්‍යයි.
නෑම.
======
සෙම් කෝප අවස්ථාවක නොවේ නම් උදය වරුව තමයි නෑමට තිබෙන වඩාත්ම ගුණ දායක කාලය. සෙම් රෝග නැති අයට ඇල්වතුර ගුණදායකයි. සෙම් රෝග තිබෙන අයට ඇල්වතුර අගුණයි. ඔවුන් ස්නානය කළ යුත්තේ උණු වතුරෙනි. හැබැයි හැකි තරම් උදෙන් නාන්න ඕනෑ. පාන්දර හතරට පහට වුණත් කමක් නැහැ. රාත්‍රී කාලයේදී නෑවම වෙන්නේ තෙතමනය හිසට උරාගෙන සෙම් ගතිය වැඩි කරන එකයි.
මත්පැන් පානයත් මෙයට බලපානවා
================================
අධිකව මත්පැන් පානය. ඒ කියන්නෙ නිතිපතා බේබද්දෙකු මෙන් මත්පැන් පානය කිරීම නිසා පීනස හැදෙන්න පුළුවන්.
මත්පැන් සම්බන්ධයෙන් මෙවැනි තත්ත්වයක් තිබෙනවා. සමහරු කියනවා මම බොන්නෙ බීර ටිකක් විතරයි කියලා. හැබැයි දවසකට බීර බෝතල් තුනක් හතරක් බොනවා. තව කෙනෙක් කියනවා මම බොන්නේ අරක්කු චුට්ටක් විතරයි කියලා. හැබැයි රෑට අරක්කු භාගයක් බොනවා. මේ අනුව බීර බොන මිනිහා මාසයක බීර බෝතල් සියයක් විතරත්, අවුරුද්දට බීර බෝතල් 1200 ක් විතරක් බොනවා. අරක්කු බොන තැනැත්තා මාසයකට බෝතල් 15 ක් බොනවා. අවුරුද්දට බෝතල් 180 ක් හෙවත් අරක්කු ගැලුම් 25 ක් විතරක් බොනවා.
පීනස බෝ නොවෙන රෝගයක් ලෙස වර්ගීකරණය වන තත්ත්වයක්. ඒත් කල් ගිහින් පීනස නරක් වුණාම නියුමෝනියාව, ක්ෂයරෝගය වැනි භයානක රෝග තත්ත්වයන් ඇති වීමට පුළුවන්. පීනස බෝ නොවුණාට ක්ෂය රෝගය බෝ වන බව අප මෙහිදී සිහියේ තබා ගත යුතුයි.
අද පීනස් රෝගීන්ගේ ගණන එන්න එන්නම ඉහළ යමින් පවතිනවා. ශ්වසන පද්ධතියේ රෝග හැදෙන අය ඉතා භයානක ලෙස ගණනින් වැඩි වෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. මෙයට හේතුව මොකක්ද?
ප්‍රධාන හේතුව දුහුවිල්ල වෙන්නත් පුළුවන්. දුහුවිලි තිබෙන්නේ එළිමහනේ විතරක් නොවෙයි. කම්හල් ඇතුළෙත් දුහුවිලි තිබෙනවා. ඇඟලුම් ෆැක්ටරි ඇතුළේ නූල් සහ රෙදිවල තිබෙන කුඩා අංශු තිබෙනවා. වැඩ බිම්වල ඕනෑ තරම් දුහුවිලි තිබෙනවා. මේ දුහුවිලි ශරීරගත වුණාම ඒවා අසාත්මික අයට නාසයෙන් දිගින් දිගටම සොටු එන්නට පටන් ගන්නවා. සමහරුන්ට ශීතල සුදුසු නැහැ. සිසිල් බීම, අයිස්ක්‍රීම් අසාත්මිකයි. ඒවා පරිහරණය කළ විට පීනස හැදෙනවා.
පීනස් රෝගයට සුදුසු අත් බෙහෙත් තිබෙනවාද?
ඔව්. දිගින් දිගටම සාමාන්‍ය මට්ටමින් පීනස තිබෙන අය දවසක් හැර දවසක් පහත සඳහන් සරල කසාය පානය කළ විට පීනස පාලනය වෙනවා. ඒ කියන්නේ නිට්ටාවටම සනීප නොවුණත් සොටු දියර ගැලීම ඇනහිටිනවා. ගොටුකොළ දඬු මිටක්, වළඟසාල් මිටක් සහ රතුලූනු ගෙඩි හතක් පමණ අරගෙන වතුර කෝප්ප 7 ක් දමලා එය එක කෝප්පයට හින්දලා පානයන කළ යුතුයි. මෙය සුදුසු වන්නේ පීනස අලුතෙන්ම හැදුණ අයට විතරයි. රෝගය යම් ප්‍රමාණයකට බරපතළ වූ අයකුට පහත සඳහන් ප්‍රතිකාරය සුදුසුයි.
ගොටුකොළ මිටක්, (මේ ගොටුකොළ ගම්වල වැවෙන කුඩා ප්‍රමාණයේ පත්‍ර සහිත සිංහල ගොටුකොළ වීම වැදගත්) රතුලූනු ගෙඩි 7 යි. මේ ද්‍රව්‍ය දෙක කුඩා වංගෙඩියක දමා හොඳින් කොටා රෙදි කැබැල්ලක දමා හොඳින් ඉස්ම ටික මිරිකා ගන්න. මේ ඉස්ම උදේ හවස පානය කළ හැකි නම් මූලික අවස්ථාවේ පවතින පීනස සම්පූර්ණයෙන්ම නවත්වා ගත හැකියි. ගොටුකොළ කියන්නේ පීනසට ඉතාම යෝග්‍ය ඖෂධයක්. ගොටුකොළ සම්බෝලයක් (රතුලූනු සහ අමු මිරිස් ලියා දමන ලද) ආහාර වේලට එකතු කරගන්නට හැකිනම් එය පීනස නොවැළඳීමට හේතුවක් වෙනවා. ඉහත සඳහන් ගොටුකොළ රතුලූනු ඉස්ම දින 7 ක් නොකඩවා පාලනය කළ විට තමන්ටම වටහා ගන්නට පුළුවන් එහි ඇති ගුණය මොකක්ද කියලා.