අග්‍රරාජ තෛලය


නෙළුම් අල ඔළිඳ මුල් බැබිල මුල්
පඹ මුල් බින්තඹරු මුල්
දියමිත්ත මුල් කළාඳුරු අල
කුප්පමේනිය මුල් මුගුණුවැන්න මුල් කීකිරිඳිය මුල්

මෙකී ඖෂධ පලම් 10 බැගින් ගෙන කොටා සැළක ලා තැඹිලි කසපැන් වත්කර මිරිකා ගත් යුෂ සැළක ලා වැටකේ අරළු යුෂ නැලි 2 ,කිතුල් මල් යුෂ නැලි 1,සියඹලා කොළ ,රසකිඳ ,නරිඅල,පුහුල් ,කෝමාරිකා ,වැල්පෙනෙල ,අලුකෙසෙල් අල,පුස්වැන්න,උඳුපියලිය ,මුං ඇට,ගල්සෙවෙල්,කුඹුක් කොළ ,ඉරිවේරිය ,අඬහැර,සමදරා කොළ,කුරුඳු කොල ,මේවායින් යුෂ නැළිය බැගින්ද යොදා දිනක් කකාරා පසුවදා එළකිරි සතර නැළියක් යොදනු.

කල්කයට : සැවැන්දරා ,ඉරිවේරිය ,පැපිලිය ,සමදරා ,දේවදාර ,වැල්මී ,වෙල්ලොත්තිරම්,ඉඟිනි ඇට මේවා කලං 3බැගින්ද කයිප්පු ,උරුලෑ සට්ටම්, ඉගුරු පියලි,එනසාල් ,කස්තුරි ,නෙළුම් රේණු ,නාමල් රේණු ,සපුමල් ,කොල්ලන් කොළ,එම මල්,පිච්ච මල් ,රත් හදුන් ,සුදුහදුන් ,තිපල් මේවා සමසෙ ගෙන චූර්ණය කර යොදනු.

ඉන්පසු තලතෙල් නැළි 1,එඬරු තෙල් මානා 1,ගිතෙල් මානා 1ක් එයට බහා කකාරා හිඟුරුපට යුෂ පතක් වත්කර මෘදු පාකයට රන්වන් පැහැයට මීපැණි සුවද හමන විට දිය පිටට බා පෙරා තබා සතියක් හැර සතියක් සිඬි යෝගයෙන් ඉසගානු,පානය කරනු.

ගුණාගුණ : ඉසරද,ඇස් ඇඳිරි ,ඇස් කැසීම ,කර කැවීම ,ආදී ඇසේ වාත රෝග සීයයක්ද,ඉසේ වාතරෝග සීයයක්ද ,කර්ණ රෝගද,නීලකාන්ති,රත් පටල,තිමිර පටල,ඉළුක් පටල,උල්වාරම් ,මන්දාරම්,ඉසවෙවුලුම්,නාසයෙන් ලේ යාම,දත් කැක්කුම,දත් සෙලවුම,විදුරුමස් දියවීම,ඇස කඳුළු,කබ,කැක්කුම්,ඇඳිරි ,සිසෑරීම් ගුණවෙ.
ඉසකේ වැඩේ,නීල වර්ණ වේ, ඉදුනු හිසකේ කලුවේ,දත් තරවේ,සියලු පීනසට,නස්‍ය කරනු ,මන්දාග්නි ,රෑපිපාසා,හීනපෙනීම,පිත්තොන්මාද,කටතොල වියලුම,සර්වාංග රෝග ,දහඩිය දැමීම ,අතපය කෙටීම සුවවේ පෙනුම වඩයි.