අර්ෂස් වලට බෙහෙත්

හීන්බෝවිටිය කොළ, කොහිල අල රෝසපාටට හුරු , වතු ගොටුකොළ , උදුපියලිය, කරල්සැබෝ කොළ , ගෙන කොටා ඉස්මගෙන කැද සාදා හිස් බඩ උදේම සතියක් පානය කරන්න . ප්‍රත්‍යක්ෂයි


මි       රි      ස්     වලඟසාලුත්   රන්නටුළු          ත්
එ     ලෙ     ස    අරළු  සමඟින්   සිඬිගුරු          ත්
නො ලෙ  ස  කසාය  ද   මින් කළ  බීවො            ත්
අ  රි  ස්     ස  බද්ද සුලද නැත පිපුමු                   ත්


වියළි ඉඟුරු,ගම්මිරිස්, වළඟසහල්, අරළු, රත්නෙටුල් අටිනෙකට සිඳ පත බාගය බැගින් උදේ සවස බීමෙන් අර්ශස්, මල බද්ධ,වේදනාව සහ බඩේ පිපුමුමද නැති වේ.