කලුහබරල අල
කලුවා අල
වෙල්ලන්ගිරිය
කුප්පමේනිය මුල්
හිඟුරුපට
කුප්පමේනිය කොල
පතොක් කොල
කුකුරුමුවන් ගෙඩි
දෙමට ගෙඩි
ඉඳුන බටු ගෙඩි
මේ සියල්ල යතාලාබයෙන් ගෙන (හැකිපමණ)
කොටා යුෂ පත බැගින් ගෙන බඳුනක ලා දියර රහිතව
මිරිකා ගත් පොල්කිරි නැළි 2 ක් බහා
ශුද්ධ පල්මාණික්කම් තිපල් කරාබුනැටි සමන්පිච්ච
කොළ සීනක්කාරම් පෙරුම්කායම් තිප්පිලි කටුකරෝසන සවිඳ ලුනු කලං3 බැගින් අඹරා යොදා ලිප තබා කකාරා කල්කය ඉදිපදමට එන
විට බා පෙරා සුරැකිව තබා ගනු .
මින් තෙල් ස්වල්පයක් නස්‍යයට පානයට මුවතුල තබා
ගැනුමට යොදනු .