තුන්දොස් නසා ශරීරය ප්‍රකෘතිමත් වීමට

අපගේ ශරීරය නිර්මාණයවී තිබෙන්නේ කෝටිගනන් කෝෂාණූන්ගෙනි . මේ කෝෂාණූන් අළුත්වෙමින් ශරීරය වැඩෙනා නමුත් යම් යම් කාරණාමත විෂපදාර්ථ රැස්වීම කොටගෙන ස්‍රෝතස දූෂ්‍ය වීමනිසා , (මෙයට හේතුව ආහාර සහ විහරන - කෘතිම ආහාරපාන , විරුද්ධ ආහාරපාන / වැරදි ඇවතුම් පැවතුම් ) මෘත කෝෂාණූන් ශරීරයෙන් බැහැර නොවී ශරීරයේම තැන්පත් වීමෙන් , එක් දොස් , දෙ දොස් , තුං දොස් කිපී ශරීරාභ්‍යන්තරයෙහි සප්තධාතූන් ගේ සමබරතාවය විශමවෙයි . මේහේතූන් නිසාවෙන් අප නානාප්‍රකාර අයුරින් රෝගාබාධයන්ට බඳුන්වේ . අද ඔබවෙත ඉදිරිපත්කරන්නේ එම තත්වයයන්ගෙන් තරමක්දුරට හෝ මිදී සුවශාන්තිය අත්පත්කරගතහැකි ඔසුයෝගයකි . වෛද්‍යාචාරි තෙමේ කෙසේ උපදේශ පිළියම් හෙළිකලද රෝගියාගේ පාර්ශවයන්ද නිසිපරිදි එම උපදෙස් නොපිලිපැදීමෙන් අවසන වෛද්‍යවරයාද අවඥාවට ලක්වේ. . දිවිය තරඟයක් කරගෙන එහි තරඟවදින කෘතිම දිවිපෙවෙතින් මිදී යම්තාක්දුරට හෝ තමතමන්ගේ සංස්කෘතිය ධර්මයෙහි හැසිරෙමින් ගතකරන්නේනම් ඉහත ගැටළු බොහෝදුරට නිරාකරනයවේ . .........................................................................................................෴ සප්තමේෂ්වර වටී ෴ කරාඹුනැටි - වසාවාසි - සාදික්කා - තිප්පිළි - බිංතල් අල - හාතාවාරිය අල - වඳුරුමෑ ඇට (විෂහැරි) - හීංනෙරෙංචි - ශුද්ධ ගුගුල් (මෙයද විෂහැර ශුද්ධකරගත යුතුය) - රසකිඳ - අමුක්කරා - වැල්මී - කිරිබදු අල (මෙයද විෂහැර ගතයුතුයි) - නෙල්ලි - ඉඹුල් මැලියම් - එන්සාල් - කුරුඳු පොතු - අක්‍රපට්ටා (විෂ හැරි) - සැවැන්දන මුල් - ඉඟුරු - ගම්මිරිස් - රත්නිටුල් ( විෂ හැරි) - සුවඳකොට්ටං - කළාඳුරු අල - මුද්දරප්පලම් - ඉරිවේරිය - උණමකුළු - නෙළුම් අල - නෙළුම් මල් රේණු - නෙළුම් ඇට - බෙලිගැටමද - විළඳ - පාවට්ටා මුල් - හඳුන් මල් - නාමල් රේනු - ලුණුවිල - මානෙල් අල - හිඟුරුපියලි - කටුකරෝසන - ඉරමුසු මුල් - වියලි කහ - දියමිත්ත මුල් - වෙනිවැල්ගැට - කොත්තමල්ලි - බෙහෙත් කපුරු ------------------------ මේවා සමවගෙන අවුවෙන් වියලා කුඩුකර එම කුඩු බරට පිටිසීනි දමා ගිතෙලින් අනා මීපැණි දමා කලවම්කර සුලං නොවදිනසේ අසුරා තබා.............................................................................. උදේ සවස කලං එක සිට තුන දක්වා (ශරීර බල බලා මල පරික්ෂාකොට ).... බාර්ලී තැම්බූ වතුරින් හෝ ,,, විෂ්ණුක්‍රාන්ති තැම්බූ වතුරින් හෝ නෙල්ලි රසකිඳ තැම්බූ වතුරින් හෝ බොනු ෴෴෴ . ශරීර ගත තුංදොසින් හටගත් සියළු රෝග නසා සෙත දෙයි ෴ . මෙම බෙහෙත පංචශීලයෙහි පිහිටා දින සතලිස්පහක් භාවිතාකලහොත් බලය පුෂ්ටිය ආයුෂ වඩයි ... සත්‍යයි ෴ මෙය බලංගොඩ මහනාහිමි විසින් අත්දුටු බෙහෙතකි.