දෙහි, දොඩං, නාරං, මිරිස්, කුඩුමිරිස්, බුලත්, මුරුංගා, වෙල්ලංගිරිය, රණවරා මේවා මුල් එකපමණ ගෙන කොටා හතර එකට කකාරා අඹ තෙල්, තලතෙල් නැලිය නැලිය වත්කොට අරළු, බුළු, නෙල්ලි, වදකහ, වියලි කහ මෙකී දේ චූර්ණය කර තෙලට දමා කකාරා තුන්දවසින් කල්ක ඉටිපදමට බා තබාගන්න.
අංශයක් වලංගු නැතිකමට, කට ඇදවෙනවාට, ඇස් කුඩා උනාට, වෙව්ලුමට, ගඩු ඇතිව එන උනට, වැදූ ගෙයි සියළු ලෙඩට ඉසමදිනු. නස්න කරනු