මන්ත්‍රීරාජ තෛලය



මුරුංගා පොතු          එරබදු පොතු 
යකාබැඳි වැලේ ඇට කටරොලු ඇට
එඬරු ඇට   

මේවා සමසේ රැගෙන වංගෙඩිය ලිප ළගම තබාගෙන එහිලා කොටා යුෂ මිරිකා ලිප තබා එයට පස්තෙල් දමා කකාරනු.

කල්කයට :   

සීනක්කාරම්     සවිඳ ලුනු          ලසුනු
දේදුරු                වියලි ඉඟුරු      ජයපාල ඇට

මේවා නිසි පමණ ගෙන අඹරා තෙලට යොදා පදමට සිඳ බා නිවා ප්‍රයෝජනයට ගතයුතුයි.

ගුණාගුණ : පැරණි බසින්ම මෙසේය 

අඹරා මෙම ඔසු තෙලට යොදා      ගෙන
පළමුව අවුසද කෙටූ තැන බිහි     වෙන
දෙවනුව පදංවෙන කලටත් බිහි   වෙන
තුන්වෙනු බිව්වොත් මළකුණ බිහි වෙන 

මේ තෙල මතුපිට ගෑම           නොදෙන්නේ
මළ දරු බිහිවීමටයි                පොවන්නේ
ඒ ළග සිට සත් පියවර           මනින්නේ
එ තැන තමයි වංගෙඩිය       තියන්නේ

මන්තිරි දේවීහට මෙම           අව්සද
මහුසඳ   පඬිවර පෙව්වේ      අව්සද 
ඉරු පද දෙවියෝ  සාමී            අව්සද
වින්නඹු අයගෙන් අහපන්      අව්සද