මහා විකාර තෛලය


සැවන්න මුල් ගොඩ මානෙල් අල
නෙළුම් අල යක්බේරිය මුල්
හාතාවාරිය අල කීකිරිඳිය
කටුකරඬු මුල් ඉරමුසු මුල්
ඉරිවේරිය මුගුණුවැන්න
කළාඳුරු යක්වනස්ස මුල්
බැබිල සස්සද මුල්
ලුණුවරණ මුරුංගා පොතු
වංඇපල මදුරු තලා
කුඩුමිරිස්ස අස්බැද්ද
ඔළිඳ වේලා
කුප්පමේනිය රම්මනිස්ස
කරඳ මුල් කුඹුරු මුල්
නික මුල් රත්නෙටොල්
කුරුඳු මුල් දෙහි මුල්

මේ හැම සම ප්‍රමාණ ගෙන වෙන වෙනම එක එකින් යුෂ පත 1 බැගින් ගෙන බඳුනක බහා එයට උක්පැණි නැළි 1 ,තලතෙල් නැළි 1හා එඬරු තෙල් පත 1ක් ද වත්කරනු .
ඊට පසු පහාත සදහන් කල්කය හොඳාකාරව අඹරා තෙලට දමා කලතා දින 3ක් මඳගින්නේ පිස සමපාකයෙන් බා නිවා පෙරා ප්‍රයෝජනයට ගතයුතුයි .

කල්කය : ඉඟුරු කොට්ටං සුදුදුරු කොත්තමල්ලි වළඟසාල් වදකහා ඉඟුරු පියලි කටුකරෝසන තිපල් ලසුනු ගලිස් කලුදුරු දේවදාර සුදුහදුන්

මාත්‍රාව : වරකට තේ හැඳි 1 කි. ගෑමට බීමට නස්‍යයට වස්තියට ශ්‍රේෂ්ඨයි .

ගුණාගුණ :
මෙයින් බිංදු කීපයක් දෙකණෙන් හෙලා ඇසතුල ලා ස්වල්පයක් සීනි සමග මිශ්‍ර කර පොවනු.හිස ගානූ,දෑළවර ගා පිරි මඳනු.විසිනිය ගානු. අසූවක් වාතයෙන් උපන් සන්නි වනසයි.හතලිහක් පිත් ලෙඩ සුව කරයි.