ත්‍රිඵලා තෛලය

ප්‍රචලිතම ඔසු තෙවර්ග‍යක් වන අරළු, බුළු, නෙල්ලි පොදුවේ හඳුන්වන්නේ ත්‍රිඵල් නමිනි.

එම ඖෂධ යුෂවලට අමතරව තලතෙල් යොදාගෙන සිඳගන්නා ත්‍රිඵලා තෙල් හිසට සහ ශරීරයට එකසේ ගැල්විය හැකි තෙලකි.

නේත්‍ර රෝගවලදී පුරවලියම් යෙදීමටද, කර්ණ රෝගවලදී කර්ණ පූර්ණ ප්‍රතිකාරවලටද, සියලුම ශීර්ෂ රෝග සඳහා හිස ගැල්වීමට ද සුදුසු ත්‍රිඵලා තෛලය වටිනා ඔසුවකි.

කුඩා ළදරුවන්ට පවා භාවිතා කළ හැකි සැහැල්ලු තෙලකි.

හිස ආශ්‍රිත රුධිර නාල ප්‍රාණවත් කර ස්නායු පෝෂණය කරයි.

හිසකෙස් රෝග, නේත්‍ර රෝග, නාසා සහ කර්ණ රෝග වලදී නිසැකවම යොදාගනි.