- අපේ ගෙදර
- සිංහල අත් බෙහෙත්
- බෙහෙත් වට්ටොරු
- ප්‍රතිශය උණට
- කොරෝනා, ලොවම කැලබූ වෛරසය.
- පකාන්තා පාර්ශවය මුහුණ දෙන ගැටලුවකට ඖෂධීය පානය
- ගෙවී ගිය කාටිලේජ වර්ධනය කරන ඖෂධයක්
- දහ අට සන්නිය
- නහර ගැට ගැසීම සඳහා ශල්‍යකර්මයකින් තොරව හෙල වෙදකම මගින් නිට්ටාවට සුව
- ඉතා තදබල කැපුම් වලට
- ඔසප් ලේ පිට කිරීමට හා නැවැත්වීමට
- උග්‍ර දියවැඩියාවට
- ඉස රුජාවට ( හිස රුදාවට)
- මුහුණේ ලප කැළැල් මැකීමට
- සියලූ විෂ නසා ශරීරයේ මේදය ඉවත් කර පිළිකා වලකන
- මුලවාතයට අග්ගලා
- කල් ගතවූ කැස්ස සහ සෙම සමණයට හදාගන්නට චූර්යක්
- දරුවාට පාඩම් අමතක වෙනවාද
- ශරීරයේ ගිනියමට හා පිත් විකාරයට බෙහෙත්
- ප්රත්යක්ෂ විනරාජ කසාය
- ප්රත්යක්ෂ විරේක කසාය
- හිරිවාත කසාය
- මලබද්ධ කසාය
- ලේ ශුද්ධ වීමට කසාය
- ශරීරයේ ගිනියමට, අම්ල පිත්තයට, මුත්රාදාහයට හා පිත් විකාරයට කසාය
- අර්ෂස් වලට බෙහෙත්
- මෝරු පානය
- අෂ්ට නාග ගුලිය
- අලුහම් නිට්ටාවට සුව වීමට කසායක්
- ඇස් පෙනීම වැඩි දියුණු කරන ස්වාභාවික බෙහෙත් වට්ට්ටෝරුවක්
- ඇහේ මස්දලු වලට ප්‍රතිකර
- හිස් හොරිවලට බෙහෙත්
- මුත්‍රාශයේ හා වකුගඩුවල ගල් වලට
- කාමදේව ඍතය
- නවරත්න කල්කය
- තුන්දොස් නසා ශරීරය ප්‍රකෘතිමත් වීමට
- කකුල් පැලෙනවටයි යටි පතුල් දැවිල්ලටයි ප්‍රතිකාරයක්
- ත්‍රිඵලාදි ඝෘතය
- දරුවන් ප්‍රමාද අයට සිංහල බෙහෙත්
- තයිරොයිඩ් ග්‍රන්තිය ඉදීමීමට
- ඌදුගොවුවා කනවට බෙහෙත්
- කාම සුන්දරී වටී
- කාටිලේජ වැඩෙන්න තියෙන බෙහෙත්
- මුරාදි ධූපය (දුම් දීමට පමණයි )
- අධි රුධිර පීඩනය
- දියවැඩියවට බෙහෙත්
- දියවැඩියා කසාය
- පිනසට බෙහෙත්
- ගෙඩිවලට
- සර්ප වෙද පොත
- රත කල්කය
- ආම පාචනයට කසායක්
- සන්ධී කැක්කුමට
- පුහුල් කල්කය
- දද කුෂ්ඨ වලට
- ඩෙන්ගු වලට බෙහෙත්
- සර්ප විෂට මන්ත්‍ර හා අත් බෙහෙත්.
- කුමාරොචණය ඹෂධය (සිංහලේ තුන පහා)
- ශ්‍රී ප්‍රතාප ලඬෙකශ්වර රස
- පිළිකා වලට බෙහෙත්
- භාහිර පිලිකා වල කොස්ස ගැලවීම සදහා ඖෂධ පියවර වශයෙන්.
- බිළිඳු උණ
- රාමපාණ ගුළිය
- සිවායං ගුලිය
- චන්ද්‍ර කල්කේ
- සොභාවික සේලයින් සාදා ගනිමුද
- කාමේශ්වරී මෝදකය
- සොම ගෘතය~ (ගර්භ රෝගවලට )
- බිල්වාදී චූර්ණය
- වාත රෝග සදහා යොදන ඖෂධ
- නහර ගැටගැසුම්
- නෙළුම් අල කෂාය.
- අභයාදි ගුග්ගුලුව
- ශෘංගයාදී චූර්නය
- සරප දෂ්ඨනයකදී ලබාදීමට වටිනා ඖෂධ බෙහෙත් ගුලියක්
- සරස්වති ගෘතය
- ගල් තැලුමට
- දහඩිය ඟද ප්රශ්නය
- වා අනුලෝම කර වාතයේ න්යාබල බිදින ඖෂධ
- සිංහල කැඩුම් බිඳුම් වෙද පොත (1 වන කොටස )
- සිංහල කැඩුම් බිඳුම් වෙද පොත (2 වන කොටස )
- ඇඟිලි හිරි ගතිය, ඇඟිලි පුපුරු ගැසීම වේදනාව නැතිකරන වෙදකමක්
- ආයුවෙද අක්ෂිරෝග චිකිත්සා
- තරබරුවට
- කෙට්ටු අයට මහත්වෙන්න
- මව් වරුන්ට කිරි වැඩීමට
- දද ,හොරි, වන, කුෂ්ට, ආදි චර්ම රෝග සදහා
- දුෂිත වු පිත අම්ල පිත්තය
- කාම සුන්දරී වටී (ශුක්‍ර ස්ථම්භනයට)
- ශීරීෂාදී ධූපය (දුම් දීමට )
- තෛලය වට්ටොරු
- සර්ව විසාදී තෛලය
- හිසෙහි ගැල්වීම සඳහා තේලක්
- කේස වර්ධනාදි තෛලය
- අකාලඵලිත තෛලය
- ලිලාන් සෙනරත් මහතාගේ ආතරයිටිස් හා හන්දි තෙල
- මහ ගුරුළු රාජ තෛලය
- කුඩා දරුවන්ගේ මාන්දමට තෙල
- අශ්වගන්ධ තෛලය
- භෘංගාමාලක තෛලය
- සන්නි තෛලය
- කබර රෝගයට තෛලය
- චන්දන බලා ලාක්ෂාදි තෛලය
- මහා හන්දි තෛලය
- සරස්වතී තෛලය
- බාල සරස්වතී තෛලය
- මහා නාලිකෙර තෛලය
- ප්‍රසාරණී තෛලය
- මහා සන්නිරාජ තෛලය
- මහාමාස තෛලය
- මහා බලගතු කොර තෛලෙහි
- චන්දාකාන්ති තෛලය
- සියලු දද කුෂ්ටාදියට තෙල
- විදුරාසන තෛලය (සන්නි ගඩුවට)
- මහ තුවාල තෛලය
- තැල්මට හා ලේ පිරුම් වලට යහපත් තෙල
- දිව්‍ය රාජ තෛලය
- කන්ඨමාල තෛලය
- වාත පලිප්පු තෛලය
- අඳු තෛලය
- මන්ත්රීරාජ තෛලය
- ලක්ෂ්මි විලාස තෛලය
- නෛර්ග්ගුණ්ඩ්යාදී තෛලය
- නවනාථ සිංහ තෛලය
- නාරායන තෛලය
- පිණ්ඩ තෛලය
- නීල්‍යාදී තෛලය
- කරවීරාදි තෛලය
- සිද්ධාර්ථ තෛලය
- ඉරිමේදාදිය තෛලය
- මහා ගඩුරාජ තෛලය
- කේශවර්ධනී තෛලය
- පීනස් තෛලය (සියලු පීනසට )
- ශ්‍රි පර්ණ තෛලය
- ධන්වන්තර තෛලය
- වාත රාක්ෂස ප්‍රමේහ රාජ තෛලය
- මහා විකාර තෛලය
- අග්‍රරාජ තෛලය
- මහා හෙණරාජ තෛලය.
- මහා රාජතරංගනී තෛලය
- මහා හිරු දැපන තෛලය
- මහා යක්ෂ භූත තෛලය
- ශ්‍රී විෂ්ණු රාජ තෛලය
- ප්‍රාණ ජීව තෛලය
- ත්‍රිඵලා තෛලය
- ශූලහර තෛලය
- විස නීල තෛලය
- මහා සන්නි දිව්‍යරාජ තෛලය
- ශ්‍රී ගණේෂ තෛලය
- සීතෝදක තෛලය
- නිර්ගුණ්ඩ්‍යාදී තෛලය
- සත්ව වෙදකම
- සිංහල වෙද කම පිලිබද කරැණු
- සිංහල වෙදකම හෙවත් හෙළ වෙදකම
- හෙළ වෙදකමේ නාඩි පරික්ෂාව
- මිනිස් සිරුරෙන් බිදක්
- හෙළ ඔසු ගැටපද
- ගුණේ ඇති හෙදකමයි ආදිවාසී වෙදකමයි
- නිරෝගීව වසර 100 ක් ජීවත් කරවන ඌෂ පානය
- කුෂ්ඨ රෝගය ( දේශීයායුර්වේද විග්‍රහය )
- හෙළ වෙදකම , ආයුර්වේද වෙදකමේ රහස් නම් වලින් එන ඖෂධ...
- දණහිසේ වේදනාව හේතු සහ පිළියම්
- තෘණ පඤ්ච මූලය
- ශ්විත්‍ර හෙවත් සුදුකබර රෝගය
- තෛල ගුණ
- ඇස් වෙදකමේදී පාදයේ මහපටැඟිල්ලට බෙහෙත් බඳින්නේ ඇයි ?
- ත්‍රී දෝෂයෙන් ප්‍රධාන වාතය
- තැපෑලෙන් පිහිනනවාට වඩා තැපෑලෙන් බෙහෙත් කිරීම අනතුරුදායකයි
- ආයුර්වේදයේදී ප්‍රතිකාර කරන්නේ රෝග නිධානයටයි.නැතිව රෝග ලක්ෂණ වලට නොවේ.
- සුව කළ හැකි පීනස් රෝගය
- දෙසඳුන් කල්කය වාරණ කරනා - රහස කිමද අද බටහිර වෙදනා
- කුරුලෑ සුවයට මෙන්න සිංහල බෙහෙත් වට්ටෝරුවක්
- බඩේ දැවිල්ලයි - උගුරට ඒමයි - කෑමයි බීමයි-දෙන දුක මේකයි - අම්ලපිත්තය හඳුනාගමු.
- සරස්වතී තෛලය සම්බන්ධ කරුණු ටිකක්
- පලමක් , ප්‍රමාණ ගැරෑමි වලින් කියද
- පස් පන්ගුව
- අහාර මනා පාලනයකින්, නිල තෙරපුම මගින් හා දේශීය ඖෂධ භාවිතයෙන් දියවැඩියාව නිට්ටාවට සුවකල හැකිය.
- අත් හිරි වැටෙන කැක්කුම්, වාත අමාරු,ඔපරෙශන් කරන්නේ නැතුව නිල ප්‍රතිකාර මගින් විනාඩියක් වගේ කෙටි කාලයක් තුළ සුව කර ගන්නේ මෙහෙමයි
- වේදනා නාශක භාවිතයෙන් තොරව සිරුරේ ඇතිවන වේදනා සමනය කරගැනීමට
- මොකද මේ කේන්තියෙන් අර්ශස් හැදිලද?
- අමනුෂ්‍ය උපද්‍රවයන් හා එහි රෝග ලක්ෂණ හදුනා ගනිමු
- බඩ පපුව දැවිල්ල සදහා නිල ප්‍රතිකාරය.
- අක්මාවේ මේදය ඉවත් කරන හෙළයන්ගේ පාරම් පරිකව කුළුබඩු වට්ටෝරුව
- අක්මාවේ තෙල් තැම්පත්වීම හෙවත් Fatty Liver සුව කර ගන්නා අයුරු.
- පීනස් රෝග හා සෙම් රෝග වලින් මිදීමට....
- විස්මිත හෙළ වෙදකමට පිළිකාව අභියෝගයක් ද?
- පාරම්පරිකව පැවත ඒන කෙම් ක්‍රම කිහිපයක්
- විෂ චිකිත්සාව
- භග්න චිකිත්සාව හෙවත් කැඩුම් බිඳුම් වෙදකම
- අර්ශස් රෝගයෙන් මිදීම සහ වළක්වා ගැනීම.
- කශේරුවේ නිරෝගීතාවයට නිවැරදි ඉරියව් සහ චර්යා පැවැත්ම.
- රුධිරයේ සීනී මට්ටම සහ දියවැඩියා රෝගය පාලනය සදහා උපදෙස්.
- අකලට හිසකෙස් සුදු වීම සහ වැටීම වලක්වා ගන්නේ කෙසේද?
- ඇද කුද නැති - අපේ වෙදකම
- සැමට වද දෙන පීනස.
- නස්නය පිළිබඳව ලියූ කෙටි සටහන...
- දරුපල නැතුව ලතවෙනවද?
- කොලෙස්ටෙරෝල් පාලනයට කායමක් ගෙදරදිම හදා ගමුද?
- සිංහල/ආයුර්වේද වෙදකමෙහි නිතර භාවිත වන ඔබ දැන සිටිය යුතු ඔබට නුහුරු වචන...
- දශ මූලය
- කන් පිරිසිදු කරීම .
- ආයුර්වේදයේ දිව ඔසු මඟින් වකුගඩු රෝග සුව කරන හැටි කන් පිරිසිදු කරීම .
- හෙළ වෙදකමේ අස්ථි භග්න සුව කරන්නෙ මෙන්න මෙහෙමයි.
- ඉක්කාව
- දියවැඩියාව, පිළිකා රෝග ආදී නොයෙකුත් රෝග සමනය කරන පාරම් පාරික දේශිය සහල්
- තෘණ පඤ්ච මූලය
- වමනකාරක ද්‍රව්‍යයෝ 1
- කටුපස්මුල්
- බොහෝ දෙනා වර්තමානයේ බලන්නෙ වෛද්‍යවරයකු ලඟට නොගොස් බේතක් කරබැලීමටය
- විස්මිත හෙළ වෙදකමට පිළිකාව අභියෝගයක් ද?.....
- පුරාණ වෙදකම් වල අරුමය
- ඔබ දැන සිටිය යුතුම ගැබිනි මවකට සුදුසු නුසුදුසු ආහාරපාන
- ෂඩ් රසය වැදගත් වන්නේ ඇයි?
- ඖෂධ පැලැටි වර්ග
විස්මිත හෙළ වෙදකමට පිළිකාව අභියෝගයක් ද?
වාත, පිත, සෙම යනු ත්‍රිදෝෂයන් ය. සත්වයාගේ භව දුකට විශේෂඥ වෛද්‍ය විශාරදයාණන් වූ භාග්‍යවතුන් වහන්සේ වදාළේ ද ත්‍රිදෝෂ කෝපයෙන් සත්ව ශරීරයේ රෝගාබාධ උපදින බවයි.
එය දේශීය වෛද්‍ය ක්‍රමයේත්, ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේත් මැනැවින් පෙන්වා දී තිබේ. සෘග්, යජුර්, සාම, අථර්වන් යන ඉන්දීය බමුණු වේදය මූලික කොට බිහි වූ ආයුර්වේදය, දේශීය වෛද්‍ය ක්‍රමය (පාරම්පරික සිංහල වෙදකම) නොවන බව අප මැනැවින් හඳුනාගත යුතු ය. වටහාගත යුතු ය.
මීට අවුරුදු දහස් ගණනකට මත්තෙන් ලෝකයේ පළමු වරට සකලාංග සම්පූර්ණ රෝහල් ඉදි කොට විස්මිත වූ ශල්‍යකර්ම පවා සිදු කළේ කවුරුන් දැයි ඔබ දන්නවා ද? ඒ වෙන කිසිවෙක් නො ව සිංහලයන් ය. එකල ලෝක පාලක සුද්දන් සිටියේ කොළ අතු හැඳගත් ගල් යුගයේ ය. ශරීරයේ අස්ථි කැඞී බිඳී කුඩු වී ගිය අවස්ථාවල දී එම අස්ථීන් ඉවත් කොට නොයෙක් සතුන්ගේ අස්ථීන් බද්ධ කොට විස්මිත සුව සලසා දුන් දේශීය වෛද්‍ය විශේෂඥයන් හෙළදිව සිටි බව ඔබ නො දන්නවා විය හැක. ‘සංජීවනී’ වැනි අති දුර්ලභ නිර්වින්දන දේශීය ඖෂධ මඟින් රෝගියා නිර්වින්දනය කරමින් ඇස් උළුප්පා සැත්කම් කොට, නැවතත් තිබූ ආකාරයෙන් ම බද්ධ කිරීමට තරම් එදා සිටි අපේ වෛද්‍යවරුන් සමර්ථයන් වූහ. එසේ ම කිසිම නිර්වින්දන ඖෂධයක් භාවිත නො කොට වේදනා සමනයට නිලයක් අල්ලමින් වදමල් කීලයෙන් ඇසේ සුද ඉවත් කොට පෙනීම ලබාදෙන ශ්‍රේෂ්ඨ වෛද්‍ය ක්‍රම ඉපැරණි පුස්කොළ වෛද්‍ය ග්රන්ථ තුළ තවමත් සුරැකිව පවතී.
ඉතා ප්‍රවේශමෙන් යුතුව, ජලය උඩට නො යන පරිදි, රන්, රිදී, තඹ, ඇත්දත් ආදියෙන් සකසන ලද සියුම් ශල්‍ය වෛද්‍ය උපකරණ මඟින් දිය මතුපිට තබන ලද මානෙල් කොළයක උඩ සිවිය ගැලවීම ඉතා සූක්ෂම වූ කටයුත්තකි. එදා දේශීය ශල්‍ය වෛද්‍ය ක්‍රමය ප්‍රගුණ කිරීම සඳහා වෛද්‍ය විශේෂඥයන් වෙත ගිය ගෝලයනට ලබා දුන් ප්‍රායෝගික අභ්‍යාසයකි ඒ.
බුදු දහමත් සමඟ ගසට පොත්ත හා සමාන ව පැවති අපේ හෙළ වෙදකම රාජ රාජ මහාමාත්‍යාධීන්ගේ නො මඳ ගෞරව බුහුමානයට පත්ව විරාජමාන ව හෙළ දෙරණේ වැජඹුණේ එදා ය. අනුරාධපුරය, මිහින්තලාව, පොළොන්නරුව, රිටිගල වැනි ලක්දිව බොහෝ තැන්වලින් සොයාගන්නා ලද සකලාංග සම්පූර්ණ රෝහල්වල නටඹුන්, ශල්‍ය වෛද්‍ය උපකරණ, බෙහෙත් තැන්පත් කරන ලද උපකරණ, ඇඹැරුම් ගල්, අසාධ්‍ය රෝගීන් සඳහා විස්මිත ප්‍රතිකාර සැලසූ බෙහෙත් ඔරු එදා හෙළ වෙදකමේ පැවති ශ්‍රී විභූතිය මැනැවින් පෙන්වා දෙයි.
දේශීය වෛද්‍ය විශේෂඥයෙක් වූ බුද්ධදාස මහා නරපතීන් මනුෂ්‍යයන්ට පමණක් නොව තිරිසන් සතුන්ට පවා සැත්කම් කළ අතර අංග සම්පූර්ණ වූ ‘සාරාර්ථ සංග්‍රහය’ නම් ශ්‍රේෂ්ඨ වෛද්‍ය ග්‍රන්ථයේ නිර්මාතෘවරයාණෝ ද විය.
ඔබ බොහෝ විට නො දන්නා විස්මිත වූ දේශීය වෛද්‍ය ක්රමයේ තතු මෙසේ වෙද්දී ලොව ම ගිලගත් මාරාන්තික පිළිකාව හෙළ වෙදකමට අභියෝගයක් වන්නේ ද? විමසා බලමු.
දේශීය සිංහල වෛද්‍ය විද්‍යාවේ පිළිකාව පිළිබඳ ඉපැරණි පුස්කොළ පොත් තුළ නොයෙක් පිළිකා නාම පෙන්වා දී තිබේ. එනම් අර්බුධ, පීඩකා, විද්ධදි, ගඩු විෂාදි, කර්කටා අර්බුධ (කකුළුවාගේ හැඩයෙන් පැතිරුණ) ආදි නාමයන් ය. දේශීය ගෙඩි වණ පිළිකා වෛද්‍ය ක්‍රමය පිළිබඳ ව ලියැවුණු අත්පිටපත්, පුස්කොළ පොත් සේ ම ගෙඩි වෙද පොත, පිළිකා ප්‍රකරණය, පිළිකා උත්පත්තිය වැනි දේශීය වෙදපොත් තුළ සඳහන් විස්මිත වූ සටහන් තුළින් පෙනෙන්නේ එදා අපේ හෙළදිව සිංහල වෙදකම ඉදිරියේ පිළිකාව ප්‍රශ්නාර්ථයක් නො වූ බවයි. ඉපැරණි තල්පතක ලියැවුණු පිළිකාව පිළිබඳ ව සිදුකර ඇති නිර්වචනය පිළිබඳ ව මඳක් විමසා බලමු.
‘තවද මේ අර්බුධ (පිළිකා) ජාති වර්ග නම්, යම් සෙ වෘක්ෂයක හටගත් නුග පිළිලය ක්‍රමයෙන් වැඞී ගොස් පළමු වෘක්ෂයෙහි නාමයකුත් නැති කොට නුග ගස ම වේ ද? ඒ පරිද්දෙන් මුඛ මාංශ (කටේ ඇති මස්) ස්වභාවය නැති කොට අර්බුධ (පිළිකා) බවට මුඛ මාංශය පමුණුවයි. මෙයින් සුබුත්තෙහි, දිවෙහි, යටිතල්ලෙහි, උගුරෙහි උපන් අර්බුධ කල් නො යවා පිළියම් කළහොත් මිස කල්ගියහොත් අසාධ්‍යයයි.. නාසයෙහි, කනෙහි, උඩුතල්ලෙහි, ඇසෙහි උපදනා අර්බුධයට වෛද්‍යවරයෝ පිළියම් කළ සාධ්‍ය වේ..’
ගසක හටගත් පිළිලය ඔබ දැක තිබේ ද? එය එම ගසට පිළිකාවකි. ඉතා කුඩාවට වර්ධනය වන එකී පිළිලය ක්‍රමයෙන් වර්ධනය වී එහි ශාඛා පද්ධතිය මුල් ශාකයේ අතුරු සිදුරු නැතිව පැතිරී ගොස් එහි වර්ධනය මුළුමනින් ම අඩපණ කොට දමයි.
සත්ව ශරීරයේ හටගත් පිළිකාව ද ක්‍රමයෙන් වර්ධනය වී ශාකය මුළුමනින් ම වඳ කරමින් පැතිරෙන පිළිලය සේ පැතිරී යන බව ඉපැරණි දේශීය වෛද්‍යවරයාගේ තීක්ෂණ බුද්ධියට හසු වී ඇති අයුරු කෙතරම් විස්මිත ද? ඒ තුළින් හෙළ වෛද්‍යවරයාට පිළිකාව සම්බන්ධයෙන් තිබූ ශ්‍රේෂ්ඨ වෛද්යඥනය මනාව පැහැදිලි වේ.
එසේ ම ගෙඩි වෙද පොත, පිළිකා ප්‍රකරණය, පිළිකා උත්පත්තිය වැනි දේශීය වෛද්‍ය ග්රන්ථයන් තුළ පිළිකා නාම, වර්ග, ලක්ෂණ, හට ගන්නා ස්ථාන, පිළියම් ආදිය මැනැවින් පෙන්වා දී තිබේ. එකී හැඳින්වීම් සියල්ල පාහේ සරල සුගම පද්‍යයන් තුළින් විස්තර කර ඇති අයුරු අපූරු ය. ඇස ආශ්රිත ව හට ගන්නා ‘නුවන් පිළිකය’ පිළිබඳ ව මෙසේ පෙන්වා දී තිබේ.
‘ඇසයේ ඇස නුවනේ හට ගන්නේ
නුවන ද ඉදිමී වෙහෙස විඳින්නේ
ඇසයේ බැල්ම ද දුර නො පෙනෙන්නේ
නුවන් පිළිකේ නම ඉන් දැනගන්නේ’
මෙලෙස ඉපැරණි පුස්කොළ පිටපත්වල පිළිකා ගඩු පිළිබඳ ව බොහෝ විස්තර ඇතත් ඔබගේ දැන ගැනීම සඳහා නාමයන් පමණක් මෙහි සඳහන් කරමි.
පිළිකා ගඩු නාම
ඇට පොල ගඩුව
ඉළ පැලියාව
කළල් බන්ධන ගඩුව
කොණ්ඩර ගඩුව
ගල් රත ගඩුව
කටී විෂාදී ගඩුව
නළල් ගඩුව
පා පිළිකාව
මස් පිළිකාව
හකු පිළිකාව
කණ්ඩමාල ගඩුව
දේව අමාකරය
වියල් ගඩුව
මුලපලා ගඩුව
කළල් බංධනය
උදර පිළිකාව
කොණ්ඩර පිළිකාව
කටු පිළිකාව
දන්ත පිළිකාව
නහදඬු පිළිකාව
පොකුරු විෂාදිය
බාල පිළිකාව
හුඹස් බන්ධනය
කනක විෂාදිය
සන්නි මුසප්පුව
අමාකර ගඩුව
මේ ආකාරයෙන් නොයෙක් නාමයන්ගෙන් පිළිකා ගඩු වර්ග, එහි ස්වභාවය, හට ගන්නා ස්ථානය, සාධ්‍ය අසාධ්‍ය බව, කළ යුතු පිළියම් ආදිය පිළිබඳ ව මනා ව විස්තර කර තිබේ. ඒ සියල්ල දේශීය වෛද්‍යවරයා පෙන්වා දී ඇත්තේ සිත් ගන්නා සුළු සරල කාව්යවලිනි. ‘හකුපාඩා’ නමින් දේශීය වෙදකමේ හඳුන්වා දෙන හකු පිළිකාව පිළිබඳ ව හැඳින්වීම තල්පතක සටහන් කර ඇත්තේ මේ ආකාරයට යි.
‘මෙහි අර්බුධයෝ නම් සකු මුල කතුරු සන්ධියේ පටන් මුඛ කෙළවර ම ඡුවියෙහි පිහිටි සිහින් නහර පිට බොහෝ සෙයින් උපදනේ ය. එය ද කුකුල් කරමලක් සේ රළු ව, බුබුළු ව බද්ධ නො වූ මාංශ ඇති ව සෙම් වැඞී, වේදනාවක් නැතුව හටගෙන ක්‍රමයෙන් වඩනේ ය.’
මාරාන්තික පිළිකාව ඉදිරියේ දියුණු යැයි සම්මත බටහිර වෛද්‍ය ක්‍රමයෙන් මේ දක්වා නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නැතත් විස්මිත වූ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ පිළිකාව නසන හෙළ ඔසු පිළියම් බොහෝමයක් ම සඳහන් ව තිබේ.
පිළිකාවට ගුණ කටුපිල විතර ද?
රත්නිටුල්
වරා
කැප්පෙටිය
වේලා
වැල් කහඹිලිය
වැුල්මදට
අහු
නියඟලා
එළනිටුල්
කටුපිල
මඟුල් කරඳ
දුම්මැල්ල
බදුල්ල
ගැරඬිදුල්
මුරුවා වැල්
ප්‍රාණජීව
අක්මැල්ල
කුඩුමිරිස්
වෙල්ලංගිරිය
ඉරරාජ
සඳරාජ
වනරාජ
ගුරුළුරාජ
දියමිත්ත
කටුකරෝසණ
රුක්අත්තන
පිළල
හීං බිංකොහොඹ
කබරොස්ස
චීනඅල
හීං ඉරමුසු
මිනී මල්
කොබෝලීල
රත්මල්
මහරත්මල්
ඇත්අඩි
මෙවැනි දේශීය වන ඔසු තුළ පිළිකා නැසීමේ ශ්‍රේෂ්ඨ ඖෂධීය ගුණ අන්තර්ගත බව පැරණි පොතපතේ සඳහන් පිළිකා සම්බන්ධ ප්‍රතිකාර වට්ටෝරුවලින් මනා ව පැහැදිලි වේ. ඉපැරණි පුස්කොළ පිටපත් ආදියෙහි පිළිකා සම්බන්ධ සිය ගණන් කෂාය වට්ටෝරු, තෛල, ගුලි, කල්ක, පත්තු, තැවිලි, චූර්ණ ආදි සංස්කාරික ඖෂධ ප්‍රයෝග කරන අයුරු පෙන්වා දී තිබේ.
දැනට භාවිතයෙන් ගිලිහී ගිය පාරම්පරික සිංහල වෙදකමට පමණක් ආවේණික වූ, හෙණරාජ කායම, විණරාජ කායම, නීලගිරි කායම, රාජගුරු කායම, විණරාජ කෂාය, දිව්‍යරාජ කෂාය, මහා අග්‍රරාජ කෂාය, මහා තික්ත කෂාය, සිංහරාජ පැත්මන, ලේ පානා ගුලිය, ගුරුළුරාජ තෛලය, මහා රතිකාම තෛලය, මහා ගඩුරාජ තෛලය, මහා සර්ව විෂාදී තෛලය (දැනට වෙළඳ පොළේ භාවිත වන තෛලය නො වේ) වැල් දෙහි චූර්ණය, යමදේවරාජ තෛලය, නොච්චිමෝද ගුටිකාව ආදි නාමික ව සේ ම නිර්නාමික ව සඳහන් ව ඇති සිය ගණන් ගඩු පිළිකා වණ ආදිය සඳහා ප්රත්යක්ෂ වූ දේශීය ඖෂධ වර්ග ඉපැරණි හෙළ වෙදකම තුළ අපට හමුවේ.
සියලූ ගෙඩි, වණ, පිළිකා, සන්නි කෝල, වලිප්පු, අර්ශස්, බගන්දරා, ස්තී‍්‍ර පුරුෂ රහස් රෝග සඳහා ප්රත්යක්ෂ තෛලයක් වූ මහා රතිකාම තෛලය පිළිකා සම්බන්ධයෙන් යොදන අයුරු මෙසේ දක්වයි.
‘ඇතුළ යෝනිය බඩවැලේ සිට ව්‍යාධියෙන් පිළිකා ඇතී
උකුල, තුනටිය, කටිය, යටිබඩ අඩස්සි ද දැවිලිත් ඇතී
කකුල උස්සා ගන්ට බැරි ලෙස සන්ධි කෙවුමත් ඇතී
මෙතෙල දෙන්ට ඊට පළමු ව තවත් අනුපානයක් ඇතී
අරළු, ඉඟුරු ද සීනමුල් එක් පලම අටෙකට කකාරන්
කිරල මේ තෙල කලඳකුත් ගෙන කෂායට ලා පොවාපන්
තරල බඩවැල තිබෙන වණ පිළිකා ද ගුණ වේ බලාපන්
නෙළුෑ අමුමස් උස්ණ කරවල අහරත් වළකවාපන්’
මෙයාකාරයෙන් ඉපැරණි දේශීය වෛද්‍ය ග්රන්ථයන් තුළ අපේ පැරණි වෛද්‍යවරුන්ගේ චිකිත්සීය ඥනයෙන් සොයාගන්නා ලද පිළිකා නසන ප්රත්යක්ෂ ඔසු රාශියක් ම සටහන්ව ඇත.
අහෝ….. එදා ඉපැරණි සිංහලයා සතු වූ ලෝකයා මවිත කරවන සුළු දේශීය ඥන සම්භාරය අද වනවිට සහමුලින් ම පාහේ වැනසී ගොසිනි. ලෝකයේ කිසිම වෛද්‍ය ක්‍රමයකට නො දෙවෙනි වූ ප්රත්යක්ෂ වූ දේශීය බෙහෙත් වට්ටෝරු බොහෝමයක් ම සිංහලයාට අහිමි වී ගොස් බොහෝ කල් ය. ශේෂ ව ඇති අල්පය පවා අප්‍රකට වෙද පරපුරුවල පෙට්ටගම්වල කාවෝ කති, වේයන්ට බත සදති. පාරම්පරික වෛද්‍ය ක්‍රමය පරපුරෙන් පරපුරට ගෙනයාමට නො හැකි වී වියැකී ගිය, ශ්‍රේෂ්ඨ දස්කම් දැක්වූ වෙද පරපුරු කීයක් නම් අපට අහිමි වී ද?
සුළු අසනීපයක දී පවා ඉංගිරීසි පෙති කරල් අහුරු පිටින් ගිල දමමින් සිටින අපට, රැක ගත යුතු වූ හෙළ වෙදකමේ අගය කවදා නම් වැටහේ ද?
වියැකී යන හෙළ වෙදකම රැක ගනිමු.