දියවැඩියා කසාය

කසාය 01

දිය වැඩියාවට අත්දුටු ප්‍රතිකාරයක්
නෙල්ලි ගෙඩි 5
කරපිංචා අමු කොළ කිනීති 5
අමු ඉගුරු කෑල්ලක්
ලුණු ස්වල්පයක්
නෙල්ලි ගෙඩි වල ඇට ඉවත් කර කරපිංචා, නෙල්ලි ,අමු ඉගුරු කැබැල්ල සහා ලුණු එකතු කර බ්ලෙන්ඩරයක හෝ පිරිසිදු කර ගත්
වන්ගෙඩියක කොටා එයට වතුර කෝප්ප එක හමාරක් යොදා හොදින් මිරිකා පෙරා බොන්න පැය දෙකක් ඇතුලත රුදිරයේ සීනි මට්ටම පහල අගයක් ගන්නවා අත් දුටු ප්‍රති කාරයක්.(ඔබ දැනට බෙහෙත් ගන්න කෙනෙක් නම් ඒ බෙහෙත් ගන්න ගමන් මේ ප්‍රතිකාරය කරන්න )


කසාය 02

මාදම් පොතු ඉගිනි ඇට
වෙනිවැල්ගැට එනසාල්
අරලු ඇහැල පොතු
අමුකහා

මේවා කලං 11/2 බැගින් ගෙන 8:1ට සිඳ උදේ සවස කෑමෙන් පසු සතියක් බොනු.සුවවේ