වාත රාක්ෂස ප්‍රමේහ රාජ තෛලය



සුදුළූණු      සාරණ       තිපල්    කොල්ලු
රත්නෙටොල් (ශුධ )      මුරුංගා පොතු   දැත්ත

මේව පලම් 2 බැගින් ගෙන වතුර නැළි 8:1 සිඳුවා පෙරා එයට එඬරු තෙල් නැළි 1වත්කර

කල්කයට : සැවැන්න, සුදුළූණු ,රත්නෙටොල් (ශුධ ) තිප්පිලි , දේවදාර , වියලි ඉඟුරු ,වදකහා ,අබ,ත්‍රිවර්ග

මේව කලං 2 බැගින් චූර්ණය කර කෂායට දමා මදගින්නේ දෙදිනක් සිඳුවා කල්කය ඉටි පදමට එනවිට පෙරා බා ගත යුතුයි.

මාත්‍රාව : වරකට කලං 1 බැගින් වළදනු .

ගුණාගුණ :

කළදක් සත්දින උදය උදය දෙනු සැක නොව කුසයට වායු      නසත්
තදින් කිපී එන අණ්ඩවායු සහා කටීවායුවද නොසිට               දුවත්
කයේ මූලවායුද ප්‍රමේහ පරංගිත් සියලුම හිරි වාත                    නසත්
රත් පිත් කාමල ප්‍රමේහ දාහද තිමිරවායු අරිසස් ද                         නසත්

නොයෙක් සූල ගඩු පිපිරී ආ සෙම් එන සෙම්  පිත් වා   පාණ්ඩුවත්
ඉසේ නොයෙක් පීනස ඉස වෙව්ලුම් රදේට රන් අංකුස      සම වෙත්
ඉසේ සියලු ලෙඩ ඇසේ නොයෙක් ලෙඩ වායු නසයි කෙසරිඳුසෙ      සමත්
නොදෙව් කාටවත් වාතරාක්ෂස ප්‍රමේහරාජය තෛලෙ         මහත්