නෙළුම් අල කෂාය.



නෙළුම් අල, කුරුදු පොතු, ලුණුවරණ පොතු, බෙලි මුල්, එනසාල්, බැබිල මුල්, තොට්ල මුල්, ඇද්දෙමට මුල් කලං 02 බැගින් උළුහාල් කලං 10, කොට්ටං කලං 05  (ගිතෙලින් බැඳ), සුදුළූනු කලං 04, ගම්මිරිස් කලං 01, සාදික්කා, වසාවාසි කලං 01 බැගින්, තිප්පිලි කලං 02 සරක්කු අඹරා කෂාය කරන්නේය.

ගුල්ම රුජා, බඩ රුජා, බඩ පිපුම්, හන්දි ඉදිමුම්, කොන්ද රුජා, කටීවාත, අන්ඩවායු, ඉලවායු, අර්ශස් වායු යන ආදිය ගුණ වේ. කාන්තාවන්ගේ වන්ද්‍යභාවය දුරුවේ.