ආම පාචනයට කසායක්

ආම පාචනයට කසායක්
***********************
ආමය යනු නොපැසුණු ආහාර රසය ශරීර ගත රස ධාතු ගතව ශරීරයේ සප්ත ධාතූන් වන
 1රස
  2රක්ත
  3 මාංශ
  4මේදස්
  5 අස්ථි
  6 මජ්ජා
   7 ශුක්‍ර   යන ධාතුන් ප්‍රකෝප කරමින්,
ශරීරයේ ත්‍රීදෝෂයද ප්‍රකෝප කරවා
කුඩා ඇට සන්ධි වලින් පටන් ගෙන මහා ඇට සන්ධි දක්වා වේදනා උපදවාලමින්,ශෝථ අවස්ථා ඇති කරමින්,
*අරුචිය
*උද්ගාරය
*වමනය
*අන්ත්‍ර කූජනය
*අධෝ වාතය පිට නොවීම
*උදරයේ ඇති වන ශූලවත් දැවිල්ල
*දැඩි හිසරදය
*අතුල් පතුල් දැවිල්ල
*හෘදයේ ඇතිවන ශූලවත් වේදනාව
* ආම ජවරය
මෙහි අන්තිම පියවර මරණය දක්වා රෝගියාගෙ ජීවිතය ඇද දමයි

නිවැරදි අග්නිය එනම් ජ්ඪරාග්නිය හෙවත් බඩගින්න නිවැරදිව දල්වා ගැනීමට නම් මුළින්ම ආම පාචනය කළ යුතුය.

මේ ඒ සඳහා ප්‍රත්‍යක්ෂ කසායකි.

පාචනාමෘතය
----------------
අමෘතෝශීර පාඨාබ්ද--විශ්ව භූ නිම්බ වාලකෛඃ
සපර්පටක ධාන්‍යාක ධන්ව්‍යාසෛර් විපාචිතම්
පාක්‍යා ජ්වරේසු පාතව්‍යම්--පාචනාමෘත සඟ්ඤකම්.

රසකිඳ                        සැවැන්දරා මුල්
දියමිත්ත                      කළාදුරු අල
වියළි ඉඟුරු                  බිං කොහොඹ
ඉරිවේරිය                      පත්පාඩගම්
කොත්තමල්ලි                වැල්කහඹිලියා

මේවා කළං 1 මංචාඩි 4 බැගින් ගෙන පත 8 --1 සිඳුවා පත භාගය බැගින් උදේ-හවස සීනි මීපැණි සමඟ බොන්න