චන්දාකාන්ති තෛලය



දේවදාර වැල්මී ඉරිවේරිය මුල් මුගුණුවැන්න මුල් සැවැන්දරාත් 

කීකිරිඳිය මුල් ඉඟිනිද උරැලෑ කයිප්පු සහා එළඔලිඳ මුළුත් 

බැවිලද පඹුරුද කුප්පමේනිය සහා හිඟුරු පියලි බිම්‍ තඹුරු මුළුත් 

කලුදුරු සූදුරු දෙවිදුරු තිපල් සඳුන් මී ඒ තුන් කලං රැගත්  

මුකුනුවැන්න කෙකටිය කීකිරිඳිය යුෂ නැළි එකින් දෙකින් 

එළකිරි දෙනැලියකුත් අඩුනොව ගෙන මෙම යුෂට වත්කරමින් 

තලද එඬරු දෙතෙල් දෙමනාවක් දෙක කෂායට වත්කරමින් සොඳින් 

මදක් කකාරා සරක්කු එහිලා නෙළුම් මලක් සේ ගිනිකරන් 

තුන් දවසක් මේ ලෙසට කකාරා මෘදු පාකය එන පදම බලා 

පෙරා තනා තෙල් යුතු භාජනයක සිධි යෝගයෙන් ඉෂ බැඳලා 

ඉෂ් සේදීමෙන් ඉෂේ නොයෙක් ලෙඩ ගුණ වෙයි දැනගල්ලා

ඇසට ඉසට එන ලෙඩද කපාලද තිමිර කාන්තිය පටල නෂා 

ඉළුක් කැක්කුන් ඉෂරදයක් සමගින් ඌෂන සමගින් පටල නෂා 

ඇශේ කාන්තිය නීල කාසමුත් ශිරෝ රෝග හැමදේම නෂා 

පිත් අධිකව ඌ කණේ රෝගයද නාසයෙන් එනසොටු නාවතින්නේ 

ඉසකෙස් වැඩමින් කර කලු වීමද ශැලෙනා හිසකෙස් නවතින්නේ 

සත්මසක් මෙතෙල් වැළදුවොත් මයුර පිලක් සේ වැඩමින්නේ 

පුසුල්ද කරවිල වන්බොටු කොශ් ඇර එළකිරි මෝරින් වළඳන්නේ 

පිලිහුඩු අත්හැර ඉශ සේදුවොත් ගත රන්පාටින් බබළන්නේ 

ඉන්ද්‍ර නීල රුව විලසින් නෙත් දෙක ඔපකරවාලයි පැහැදෙන්නේ 

චන්ද්‍ර කාන්තිය යන මේ තෛලෙන් අක්ෂි රෝග හැම දුරලන්නේ

.