අභයාදි ගුග්ගුලුව


   

අරළු        වෙනිවැල්ගැට    ලොකුඉරමුසු
නෙල්ලි    වදකහා                වැල්මදට
මුද්‍රපලම්  වියලි කහා         සතකුප්ප
සිරිතේක්කු  හීනිඉරමුසු

මේ සියල්ල එක වගයෙන් පලම් 8(කලං 12 = පලම් 1යි ) බැගින් ගෙන තලා ජල නැළි 32 ක බහා ශුඬ ගුගුල් පලම් 8ක් රෙදිකඩකින් ලිහිල් පොට්ටනියක් වශයෙන් බැඳ එයට දමා 4/1ට සිඳුවා බා ගුගුල් ටික ගෙන කෂාය වතුර රොඩු හැර පෙරා එයට ගුගුල් ටිකද දමා යළිත් පිස උකුවන පදමට සිඳ පහාත සදහන් චූර්ණය දමා මනාසේ පාක සිද්ධිය වූ කල බාගතයුතුයි.

චූර්ණය :

බිම්තල් අල,ජටාමංස,වැල්මී ,වළඟසාල් ,කරාබුනැටි,චතුර්ජාත ,හීරැස්සවාලු ,තීකුළු ,ලුණුවිල මේවා පලම් 1 බැගින් චූර්ණ කර ගතයුතුයි.

මාත්‍රාව : මින් බෙහෙත් මාෂක 1 -2 තෙක් මීපැණියෙන් වළදනු .( ඔලිඳ ඇට 6 =මාෂක 1 )

ගුණාගුණ : මොළයේ සියලු රෝග,ස්නායු රෝග  හා මොළයේ දුබලකම් වහා සුවවේ .