ශීරීෂාදී ධූපය (දුම් දීමට )


මාර දළු අඹ දළු බෙලි දළු
දිවුල් දළු මාදම් දළූ කුඹුක් දළු
ගුගුල් චූර්ණය සඳුන් චූර්ණය

මේවා සමසේ ගෙන මිශ්‍ර කර උණ රෝගීන්ට දුම් දෙනු.

ගුණාගුණ : විෂ බීජ දුරුවේ .සියලු උණ සුවවේ.

සැ:යු: මෙම දූපයෙන් දුම්දීම උණට පමණක් නොව වෙනත් රෝගවලට ද යෝග්‍යවේ .රෝග ඇති නැති අවස්ථාවලදී පවා මෙවැනි විෂ බීජ නාශක දුම්වලින් ධූපනය කිරීම නිරෝගිමත් සෞඛ්‍යයට හේතුවේ.